Day archives: නොවැම්බර් 21st, 2017

නව ව්‍යවස්ථාව මගින් රට තුළ ව්‍යාසනයක් ඇතිවනවා – ගෝඨාභය රාජපක්ෂ මහතා

(20.11.2017 – 21:32 +0530 – hirunews.lk/sinhala) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිදුවන්නේ සංහිදියාවක් ඇතිවීම නොව රට තුළ ව්‍යාසනයක් ඇතිවීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එළිය සංවිධානය කෑගල්ල නගර සභා ශාලාවේ ඊයේ පස්වරුවේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පලකලා. ‘‘ආණ්ඩුකාරවරයා මහඇමතිවරයා යටතට පත්කරොත් එතනින්ම වෙනත් රාජ්‍යයක් ඇතිවෙනවා. පාර්ලිමේන්තුවට තිබෙන නීති සෑදීමේ බලය …

අර්ජුන්ගේ හිතවත්කම ගැන කලින් කියලා කමිටුවෙන් ඉවත් වෙන්න තිබුණා – උදය ගම්මන්පිල මහතා

(20.11.2017 – 16:50 +0530 – sinhala.adaderana.lk) කෝප් කමිටුවේ විමර්ශනයක් පවතින විට එහි සාමාජිකයින් කෝප් කමිටුවේ සිටිමින් අර්ජුන් ඇලෝසියස් සමඟ ගනු දෙනු කිරීම එහි ගැටළුකාරීත්වයක් නිර්මාණය වීමට ඇති මුලිකම හේතුව බව ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(20) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. අර්ජුන් ඇලෝසියස් මහතාව …

සැමියා ටික දවසකට ගෙදර එන්නේ නෑ – බිරිඳ නයිජීරියානු ජාතිකයාට ගෙදරට එන්න කියලා

(20.11.2017 – 23:10 +0530 – sinhala.adaderana.lk) විදෙස්‌ ජාතිකයෙක්‌ වූ නයිජීරියානු පුරවැසියෙක්‌ විවිධ රටවලට රැකියා සඳහා පුද්ගලයන් යවන බව පවසමින් තම බැංකු ගිණුමට මුදල් තැම්පත් කරවාගෙන මුදල් වංචා කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට විදෙස්‌ ජාතිකයෙක්‌ පසුගිය දා ගාල්ල නගරයේදී ගාල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විදේශීය ජාතිකයා ඒ. ටී. එම්. කාඩ්පතකින් මෙම මුදල් ලබාගෙන ඇති අතර …