Monthly archives: පෙබරවාරි, 2018

ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් උතුරු නැගෙනහිර අනවසර වෛද්‍ය සායන

(26.02.2018 – 16:45 +0530 – rivira.lk) සංචාරක වීසා උපයෝගි කර ගනිමින් ඉන්දියාවේ සිට වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වමින් හා සායනික පුහුණුවීම්වල යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ කිසියම් පුද්ගලයෙක් වෛද්‍යකර්මයේ යෙදෙන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා ගැනීම …

ව්‍යාපාරික උත්සවවලට යන මුවාවෙන් ජපන් පනින ජාවාරමක්

(26.02.2018 – 22:04 +0530 – newsfirst.lk/sinhala) පසුගිය වසරේ ජුනි මාසයේදී ජපානයේ පැවැති ‍ශ්‍රී ලංකා ෆෙස්ටිවල් නම් වැඩසටහනට, සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු නැවත නොපැමිණීම පිළිබඳ වාර්තාවක් කැඳවා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා පවසා තිබේ. තානාපතිවරයා ප්‍රකාශ කළේ, එම උත්සවය සංවිධානය කළ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයෙන් එම වාර්තාව කැඳවූ බවයි. …

අම්පාරේ හෝටලයකින් ගත් කෑම වේලක පෙති තිබිලා – තුන්සියයක් පමණ ඇවිත් කඩේ ගිනි තබයි

(27.02.2018 – nethnews.lk) අම්පාර ප‍්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ කිසියම් කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. තුන්සියයක පමණ කණ්ඩායමක් හෝටලයකට පහරදී එහි බඩු බාහිරාදියට ගිනි තබා පසුව දේවස්ථානයකට ද අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. වාහන කිහිපයකටද ඔවුන් විසින් පහරදී තිබෙනවා. ගිනි තැබීමට ලක්වූ හෝටලයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ලබා ගත් ආහාරයක තිබී කිසියම් පෙති වර්ගයක් (දම් පැහැයට …

හලාවත වයස අවුරුදු 9 ක දරුවාගේ ඝාතනය

හලාවත වයස අවුරුදු නවයක දරුවෙකු අතුරුදන්-දරුවා සොයා පොලිස් පරීක්ෂණ (27.02.2018 – 06:19 +0530 – sinhala.adaderana.lk) වයස අවුරුදු නවයක කුඩා පිරිමි දරුවෙකු අතුරුදන් වීමේ පුවතක් හලාවත පොලිස් වසමට අයත් ඉරණවිල සමිදුගම ග්‍රාමයෙන් වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඉරණවිල රජයේ විදුහලේ හතරවැනි වසරේ ඉගනුම ලැබූ රුසිත් නිර්මාල් නමැති දරුවෙකි. මේ දරුවා පසුගිය 25 වැනි දින පෙරවරුවේ සමිදුගම …

1. ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර දෙකක් අවලංගුයි | 2. වියානා ඇලේ සැඟව ගිය ජීවිතය

(26.02.2018 – 17:51 +0530 – lankadeepa.lk) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අද දිනට නියමිත ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. අද දින දහවල් 1.20 ට පකිස්තානයේ කරච්චි බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 183 දරන යානයත් , අද රාත්‍රී 10.20 ට මාලේ බලා පිටත් වීමට …

මත් මුද්දර ජාවාරමක් නීතියේ රැහැනට

(26.02.2018 – 11:02 +0530 – sinhala.adaderana.lk) මත්ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත් ස්ටෑම්ප් හෙවත් මත් මුද්දර ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සාට හැකි විය. හොරණ ගෝනපල ප්‍රදේශයේදී රාත්‍රී සාදයක ස්ටෑම්ප් හෙවත් මත් මුද්දර විශාල වශයෙන් භාවිත වන බවට ලද තොරතුරකට අනුව කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකය සමඟ එක්ව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් දියත් කළේය. එහි පළමු …

28 දා පැය 12 ක ජල කප්පාදුවක්

(26.02.2018 – 15:42 +0530 – sinhala.adaderana.lk) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ලබන 28 වනදා දින පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසයි. එදින පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අදාළ කාලසීමාව තුළ කැළණිය, වත්තල, …

අගමැතිවරයා දැන් රටට විහිළු සපයන්නෙක් වෙලා – මෛත්‍රී ගුණරත්න

(26.02.2018 – 14:23 +0530 – sinhala.adaderana.lk) වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට විහිළු සපයන්නෙක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පල කළේ ඊයේ පස්වරුවේ කොළඹ රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා, පසුගිය කාලය පුරාම අගමැතිවරයා ගත්ත හැම තින්දුවකටම අසාර්ථකයි …

එජාපයේ දෙවැනි පිපිරීම අත ළඟයි – උදය ගම්මන්පිල

(26.02.2018 – 15:52 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යධූරයවත් ලැබේවි යැයි බලාපොරොත්තු වු තරුණ මන්ත්‍රීවරුන්ට එය නොලැබීම නිසා අසහනයට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා එසේ අදහස් පළ කළේය. මෙම හේතුව නිසා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පිපිරීම අත ළඟ …

මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලීසිය බාර දීම, හොර පූසෙකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක් – විමල් වීරවංශ

(26.02.2018 – 16:21 +0530 – sinhala.adaderana.lk) ජනාධිපතිවරයා විකට ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කොට ඇති බවටත් එමඟින් මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය ද අයත් වන නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම හොරා කා පැන යන බළලකුට උම්බලකඩ පොල්ලකින් පහර දීමකට සමාන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා චෝදනා කර සිටියි. අද (26) ජාතික …