Monthly archives: ජූනි, 2018

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා හදුනාගෙන අවසන්.. මහින්ද රාජපක්‍ෂද විය හැකියි..

(28.06.2018 – 03:23 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සමග සාකච්චාව : ප්‍රශ්නය- ඒකාබද්ධයේ කැඳවුම්කරු වුණාට ඔබ නිසා ඒකාබද්ධය කැඩෙන තැනට ඇවිත් කියලා චෝදනාවක් තියනවා? පිළිතුර- ඒකාබද්ධ විපක්ෂය හැදෙන්නේ 2015 ඒකාබද්ධ විපක්ෂය හැදෙන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ නුගේගොඩ තිබුණු මහින්ද සුළඟ පළමු රැස්වීමට සහභාගී වීම පක්ෂයෙන් තහනම් කරලා තියෙද්දී ඒ තහනම නොතකා …

නව නිපැයුමක් – ඉනිමඟක් වෙනුවට පාවහන් යුගලක්

(27.06.2018 – 17:06 +0530 – sinhala.adaderana.lk) කොන්ක්‍රිට් විදුලි කණු නැගීම සඳහා පාවහන් යුගලක් නිර්මාණය කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලයේ හැටන් පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරූ නිමල් සමරකොන් මහතා සමත්වී තිබේ. කොන්ක්‍රිට් විදුලි කණුවක නැගීම සඳහා ඉනිමඟක් භාවිතා කිරිම අනිවාර්ය වේ. නමුත් මෙම පාවහන් යුගල භාවිතා කරමින් වෙනත් පුද්ලයෙකුගේ ආධාරයක් නොමැතිව කොන්ක්‍රිට් කණුව තරණය කිරිමටත් කිසිදු අණාරක්ෂිත …

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම එස්.ටී.එෆ් සමඟ පැටලෙයි

(27.06.2018 – 19:24 +0530 – hirunews.lk/sinhala) අලි වැටක් ඉදිකිරීම සඳහා සූරියවැව ප්‍රදේශයට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේදී හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයට ගොස් ඇත්තේ එම ප්‍රදේශයට වන අලි කඩාවැදීම නැවැත්වීම සඳහා අලි වැටක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමටයි. කෙසේ වෙතත් එම අවස්ථාවේදී …

මාතර නගරයේදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට මිලියන 3.5 ක් පිරිනමයි : පොලීසියට සහය දුන් සිවිල් පුරවැසියන්ට මුදල් ත්‍යාග

(26.06.2018 – 20:19 +0530 – newsfirst.lk/sinhala) මාතර නගරයේදී කොල්ලකරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී මිය ගිය පොලිස් නිලධාරියාගේ නිවසට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පස්වරුවේ ඔහුගේ ඥාතීන් හමු විය. එහිදී පොලිස්පති අරමුදල, පොලීසිය හා සේවා වනිතා ඒකක වලින් රුපියල් තිස්පන් ලක්ෂ හැටදහසක (35,60,000) මුදලක්, මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට ලබා දුන් අතර …

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

(26.06.2018 – 22:17 +0530 – newsfirst.lk/sinhala) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර වෙනත් අයකු පත් කරන ලෙස ඉල්ලා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගය තීරණය කර තිබේ. ඉංජිනේරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මහජන උපයෝගිතා කොමිසමේ අධයක්ෂ ජෙනරාල්වරයාට තම සහාය හිමි නොවන බැවින් කොමිසම …

ප්‍රතිපාදන නොලැබීමෙන් වසර 4 ක් තිස්සේ පමා වන ජොන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම්

(27.06.2018 – 12:00 +0530 – newsfirst.lk/sinhala) ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම් ඇණහිටීම පිළිබඳව කලාකරුවෝ දැඩි විරෝධය පළ කරති. ඔවුන් සඳහන් කළේ, මේ හේතුවෙන් නාට්‍යකරුවන් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ය. 2012 වසරේදී ජෝන් ද සිල්වා සමරු රඟහල නවීකරණය කිරීමට රජය තීරණය කළේ, අයවැය යෝජනාවකට අනුව ය. ඒ අනුව සංස්කෘතික …

චීන සමාගමක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7 කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කරයි

(26.06.2018 – 21:04 +0530 – newsfirst.lk/sinhala) හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 976 ක් වූ සම්පුර්ණ මුදලෙන් අවසන් වාරිකය චීන සමාගම විසින් පසුගියදා ලබාදුන්න ද ශ්‍රී ලංකාවේ සම්පත් චීන උගුලකට අසුවීම පිළිබඳව තවමත් දැඩි අවදානමක් වී ඇත. ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයින වැනි විවිධ රටවල්වල ද ණය උගුල් භාවිත කරමින් චීනය ක්‍රමෝපායිකව …

රට කිසි දැවෙන ප්‍රශ්නයක් නොදකින ජනාධිපතිට අනු නාහිමිගේ හිට්ලර් කතාව ඇහිලා.. මහාවංශයේ අසාර්ථකම පාලනය මෙයයි..

(26.06.2018 – 16:40 +0530 – lankacnews.com) රටේ කිසිදු දැවෙන ප්‍රශ්නයක් නොදකින නොඇසෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයන්ට මල්වතු අනු නා හිමියන්ගේ අනුශාසනාව නම් හොඳට ඇසී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා කලබල විය යුත්තේ හොර තක්කඩි රැලක් විසින් රටට කරන විනාශය ගැන මිස අනු නා හිමියන්ගේ අනුශාසනාව …

මාදම්පාගම දී ලංගම බස් රථයකට ගල් ප්‍රහාර – දකුණේ බස් වර්ජකයින්ට රතු එළියක්

(26.06.2018 – 07:11 +0530 – hirunews.lk/sinhala) දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය නවතා දමන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම්, රියදුරු සහ කොන්දොස්තරවරුන්ට නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කෙටි දුර ධාවන බස් නැවතුම්වල දුරගමන් සේවා බස්රථ නැවැත්විමට ඉඩ …

මාතරදී පොලිසිය සහ පාතාලය අතර වෙඩි හුවමාරුව මැද පොලිසියට සහය වූ පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්

(26.06.2018 – 07:51 +0530 – hirunews.lk/sinhala) මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තම ජීවිත අවදානම නොතකා පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයින් දෙදෙනාට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරනවා. වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීම සඳහා එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් …