Monthly archives: ඔක්තෝබර්, 2018

පළාත් සභා මැතිවරණය කඩිනමින් – ජාතික වප් මගුල් උළෙලේදී ජනපති කියයි

(29.10.2018 – 11:23 +0530 – hirunews.lk/sinhala) ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික වප් මගුල් උත්සවයට තිස්සමහාරාම – සඳගිරිගොඩ වෙල්යායේදී අද පෙරවරුවේ එක්වෙමින්. වප් මගුල් උත්සවය ආරම්භවීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ …

පාර්ලිමේන්තුව රැස්කර බහුතරය පෙන්වා අගමැතිධුරය ලබා ගන්න ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ – අධිනීතිඥ ගාමිණි පෙරේරා

(29.10.2018 – nethnews.lk) ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුකළ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම නිත්‍යානුකුල එකක් බව අධිනීතිඥ ගාමිණි පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා. වර්ථමානයේ අගමැතිධුරය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන අර්බුධකාරී වතාවරණය පිළිබඳව ව්‍යවස්ථාවට අනුව පවතින නීතිමය තත්ත්වය පිළිබදව ඔහු විසින් සිදුකල විග්‍රහය පහතින් දැක්වෙනවා. “වර්තමානයේ පවතින ගැටළුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව රනිල් …

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වැඩබලන සභාපතිලා එයි

(28.10.2018 – 22:03 +0530 – sinhala.adaderana.lk) ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් සිදු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව වැඩබලන සභාපති ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පත් කර තිබේ. ස්වාධීන රූපවාහිනි සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව …

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන් නිවේදනයක්

(28.10.2018 – 19:44 +0530 – sinhala.adaderana.lk) “පැවති රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. ජනාධිපතිවරයා නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය. අද අපේ රට තුළ බරපතළ අනාරක්ෂි‍ත බවක් පැතිර …

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය – 2018-10-28

(28.10.2018 – pmdnews.lk) ආයුබෝවන් ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු …

අර්ජුන තෙල් සංස්ථාවට පැන වෙඩි තබයි.. දෙදෙනෙකුට මරණාසන්නයි.. සල්ලි හා ෆයිල් උස්සන්න ගිහින්…

(28.10.2018 – 16:40 +0530 – lankacnews.com) හිටපු ඇමති අර්ජුන රණතුංග සමග පැමිණි පිරිසක් විසින් සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ. සේවයකන් පවසන්නේ හිටපු ඇමතිවරයා ලිපිලේඛණ හා මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කල බවත් ඊට සේවකයන් විරෝධය දැක්වී විට වෙඩි තැබීම සිදු කර ඇති බවත්ය. වෙඩි වැදුනු …

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. – නාමල් කුමාර

(27.10.2018 – 22:39 +0530 – lankacnews.com) ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. – නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි… ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් …

මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම්දෙයි – 2

නව අග්‍රාමාත්‍ය ලේකම් වැඩ භාර ගනී (27.10.2018 – 15:17 +0530 – hirunews.lk/sinhala) නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කෙරුණු එස්.අමරසේකර මහතා අද පස්වරුවේ වැඩ භාර ගත්තා. ඔහු අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 – 01 ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි …

මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම්දෙයි – 1

(26.10.2018 – 19:45 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආණ්ඩුවද අවසන් …

මත්තේගොඩ රාජ්‍ය බැංකුවක් කොල්ලකයි – මුදලින් රු. කෝටියක් සහ රන් භාණ්ඩ තොගයක්

(26.10.2018 – 16:30 +0530 – sinhala.adaderana.lk) මත්තේගොඩ ප්‍රදේශයේ රජයේ බැංකුවක් කොල්ලකා ඇති බව වාර්තා වෙයි. අද (26) පස්වරු 3.30 ට මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් කොල්ලකෑම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය පවසයි. කොල්ලකරුවන් බැංකුවේ තිබූ රුපියල් කෝටියකට පමණ ආසන්න මුදල් තොඟයක් සහ රන් භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තාවෙයි. කැබ් රථ සේවාවකින් කුලී …