Monthly archives: නොවැම්බර්, 2018

මහ බැංකුව තමන්ට නොසළකන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් චෝදනාවක්

(28.11.2018 – 18:54 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසලකා හරිමින් කටයුතු කරන බවට ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය ප්‍රකාශ කළා. එම සංවිධානය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ. දේශීය ව්‍යාපාරිකයෙක් ඉහළ ලන්සුවක් තබද්දී EAP ආයතනය කුණු කොල්ලයට විකිණු බව ජනපති …

මහ මැතිවරණයකට යෑමේදී සිදු කළ යුතු දෙයක් ගැන අස්ගිරි මහා ලේඛකාධිකාරී හිමියන් කියයි

(28.11.2018 – 20:10 +0530 – hirunews.lk/sinhala) ඉදිරි මහ මැතිවරණයකට යෑමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ වගන්තියක්ද ඇතුළත් කරගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ මහ මැතිවරණයක් උසො වූ ජනතා ව්‍යාපාරය කොළඹදී අද පස්වරුවේ පැවැත්වු සම්මන්ත්‍රණයකට එක්වෙමින්. මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ අදහස් (28.11.2018 …

හබරකඩ වසන්තගේ හා මීගොඩ උපුල්ගේ පෙර වැරදි රැසක් හෙළිවෙයි

(27.11.2018 – 19:07 +0530 – sinhala.adaderana.lk) ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන දෙදෙනා පොලිස් විශේෂ කාර්යය බලකාය සමඟ ඊයේ (26) රාත්‍රියේ කොට්ටාව රුක්මල්ගම අධිවේගී මාර්ගයේ ගුවන් පාලම අසල ඇති වූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත් විය. සිද්ධියෙන් මියගිය එක් අයෙකු වන හබරකඩ වසන්ත, පසුගිය ජුනි මාසයේ මාතර රන් භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑම …

අවුරුද්දකින් රජෙක් වගේ දිනන්න තිබුනු මහින්ද මහත්තයා අගමැතිකම භාරගත්තේ ඇයි කියන එක අපි හැමෝටම ප‍්‍රශ්ණයක්…

(28.11.2018 – 03:26 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්ෂය විසින් වසර තුනහමාරක් තිස්සේ විනාශ කරන ලද රට ගොඩනැගීමේ මහා මෙහෙයුම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් දැන් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවා ස්ථාවර රටක් බිහිකිරීමට ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය …

කතානායකට ජම්පර් පලමු පියවර තබයි.. පැමිණිලි ගොනු කෙරේ…

(28.11.2018 – 06:26 +0530 – lankacnews.com) කතානායකවරයා විසින් හැන්සාඩ් වාර්තාවක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් (27) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට භාරදෙන ලදී. මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික ලේකම් උපුල් …

උතුරේ මහ විරු සැමරුම්

(27.11.2018 – 19:20 +0530 – hirunews.lk/sinhala) උතුර පළාතේ් ස්ථාන කිහිපයක අද මහවිරු සැමරුම් පැවැත්වුණා. යාපනය, කෝපායි 51 වන යුද හමුදා බල සේනා මූලස්ථානය ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් එම සැමරුම සිදුකර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ආරක්ෂක අංශවල දැඩි නිරික්ෂණය යටතේ …

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවීමට හේතුව ආණ්ඩු පක්ෂය කියයි

(27.11.2018 – 20:05 +0530 – hirunews.lk/sinhala) කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් ලෙස තමන් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවන බව ආණ්ඩු පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මේ බව සඳහන් කළා.

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

(27.11.2018 – 21:31 +0530 – hirunews.lk/sinhala) අපරාධ, පාතාලය, මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් සිදු කෙරෙන නීතිමය සංශෝධන කඩිනමි කර අවශ්‍ය බලතල කඩිනමින් අදාළ නිලධාරින්ට පවරාදීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. ජනාධිපතිවරයා මේ …

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අලුත් සභාපතිවරයෙක් පත්කෙරේ

(26.11.2018 – 17:33 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වීමේන් ඇතිවූ පුරප්ප්පාඩු සභාපති ධූරය සඳහායි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ වසර …

ආණ්ඩුව මාරු වුවද FCIDය අහෝසි කිරිමේ හැකියාවක් නැහැ – නිතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත

(25.11.2018 – 21:48 +0530 – hirunews.lk/sinhala) අණ්ඩුව වෙනස්වු පමණින් FCIDය අහෝසි කිරිමේ හැකියාවක් නොමැති බව නිතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදි. යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනිම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව අද …