Monthly archives: දෙසැම්බර්, 2018

වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් – දෙදෙනෙකු රෝහලේ

(27.12.2018 – 14:59 +0530 – hirunews.lk/sinhala) වයඹ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවක වදයට එරෙහි වූ බව කියන එම විශ්වවිද්‍යාලයේම තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී තවත් සිසුන් පිරිසක් පහරදී තිබෙනවා. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ. පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසකටයි. තාක්ෂණ පීඨයේ …

මත්ද්‍රව්‍ය වැටලීම් විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(27.12.2018 – 16:30 +0530 – hirunews.lk/sinhala) නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදු කෙරෙන වැටලීම් තවත් විධිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වල සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන …

TNA කූඨ අරමුණක් ගැන දහසයේ කණ්ඩායම හෙලිදරව්වක

(27.12.2018 – 19:44 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක තනතුරට එරෙහි දෙමළ ජාතික සන්ධානයේ කූඨ අරමුණ ව්‍යවස්ථාදායක සභාව තුල විපක්ෂයට ඇති අයිතිය උදුරා ගැනිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ 16 කණ්ඩායම කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්. මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු …

2018.12.27 වනදා වියත්මග කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්චාවේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පල කල අදහස්

(27.12.2018 – FB-viyathmagaPBF) මේ අවසන් වීගෙන යන්නේ 2018 වසරයි. 1948 ‍යටත් විජිත්වාදීගෙන් නිදහස් ලැබූ ලංකාව නිදහසින් වසර 70 කට පසුවත් සමාජ ආර්ථික දේශපාලන ගැටලු රාශියකට මැදිවූ, තවමත් දියුණු වෙමින් පවතින රටක්. මූඩීස් ආයතනය කියන විදියට ණයගෙවීමේ හැකියාව අතින් ආසියාවේ 24 වන ස්ථානයේ සිටින, බ්ලූම්බර්ග් ආයතනයට අනුව ලෝකයේ ආයෝජනට අන්තරාදායකම රටවල් අතර සිටින, නොමූරා බැංකු වාර්ථාවකට …

මීලග ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරළියක්..

(27.12.2018 – 13:20 +0530 – lankacnews.com) රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රටේ සියලු මාධ්‍ය නිහඬ කර ජනමතය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. අගමැතිවරයා කළු මාධ්‍ය ලෙසින් ඇතැම් මාධ්‍ය හැඳින්වීම මෙන්ම ලේක්හවුස් …

උසස් පෙළ ප්‍රතිපල හෙට (28) නිකුත් නොකෙරේ

(27.12.2018 – nethnews.lk) මෙවර උසස් පෙළ ප්‍රතිපල හෙට (28) දිනයේදි නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කර සිටිනවා. nethnews.lk සිදුකල විමසිමකදි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ විභාග ප්‍රතිපල නිකුත් කිරිමට තවත් දින 2-3ක් ගත වනු ඇති බවයි. මේ අවුරුද්දේ විභාග කාලසටහනත් සමග ප්‍රතිපල ලබා දිමේ ක්‍රමවේදය අපි අනුගමනය කරමින් සිටිනවා හැරෙන්න …

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කර ඇතතේ මුස්ලිම් තරුණයෙකු වීම සුවිශේෂි කාරණයක්..

(27.12.2018 – 00:01 +0530 – lankacnews.com) මෙහි දැක්වෙන්නේ හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියකි : මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වැනසූ පුද්ගලයාට වහා නිසිදඩුවම් ලබා දෙන්න. පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රථිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත …

එදා ලෝකෙම කතා වූ බේබි 81 අද කියන කතාව

(26.12.2018 – 20:32 +0530 – hirunews.lk/sinhala) අද වනවිට එම නාමය අමතකව ගියත්, මීට වසර 14 කට පෙර බේබි 81 යනු, සුනාමි ව්‍යසනය තරමටම මුළු ලොවම කථා කළ මාතෘකාවක්. මේ, හිරු ඒ පිළිබදව තබන සටහනක්. බිහිසුනු සුනාමි රළ පහර මෙරට බොහෝ දෙමාපියන්ට තම දරුවන් අහිමි කරද්දී, එම රළ පහරේ ගසා ගෙන විත් පදුරක් අසල රැදුනු මෙම …

ගං වතුරෙන් තවමත් 87,000 කට පීඩා

(26.12.2018 – 21:28 +0530 – hirunews.lk/sinhala) උතුර පළාතට තද වැසිවල බලපෑම අඩුවුවත් පීඩාවට පත්වූ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් සුබසාධන කඳවුරුවල රඳවා සිටිනවා. පළාත් 3 කට බලපෑම් එල්ල කළ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 87,693 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඉන් 86,751 දෙනෙකු වාර්තාවන්නේ උතුර පළාතෙන්. පුද්ගල මරණ දෙකක් වාර්තාවී …

ලක්ෂ ගණනක මුදල් වංචා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට

(26.12.2018 – 21:31 +0530 – sinhala.adaderana.lk) බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි ෂම්මුගනාදන් කුහවර්ධන් නැමති අයෙක් බව අනාවරණය වී තිබේ. 42 හැවිරිදි මෙම පුද්ගලයා අඟරු වු චෙක් පත් ලබා දී රුපියල් ලක්ෂ 720 ක් පමණ වංචා කර ඇති බව අනාවරණය …