අවුරුද්දෙන් පස්සේ ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් – දේශපාලනයේ පෙරළියක්

(13.04.2019 – mawbima.lk) සිංහල හා දෙමළ අවුරුදු නිවාඩුවෙන් පසුව අනපේක්ෂිත දේශපාලන හෙළිදරව් කිහිපයක් රට තුළ සිදුවීමට ඉඩ තිබෙන බවත් එය වර්තමාන ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තීරණාත්මක බලපෑමක් සිදුවනු ඇති බවට දේශපාලන අංශවල දැඩි කතාබහක් පැතිර යමින් තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන්නට යන බව කියන යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සහ ගැනීමට නියමිත යම් යම් ක්‍රියාමාර්ග සමඟම …

ඩෙංගු නිසා ගාල්ල-හිරිඹුරේ නොසන්සුන් වෙයි

(12.04.2019 – 18:39 +0530 – sinhala.adaderana.lk) ඩෙංගු රෝගය වැලදීමෙන් එකම පවුලේ ළමුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල, හිරිඹුර ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඉදිකෙරෙමින් පවතින පෞද්ගලික රෝහලක ගොඩනැඟිල්ලක එක්රැස් වන ජලය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. විරෝධතාකරුවන් ගාල්ල-කරාපිටිය …

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුණා – ගෝඨාභය රාජපක්ෂ

(12.04.2019 – 09:28 +0530 – newsfirst.lk/sinhala) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය. මෙහිදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සිය අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සඳහා තමා අමෙරිකාවට ගිය බව ය. අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වූ බව ද …

‘‘මංගල රණවිරුවන් හා රට පාවා දෙනවා’’ – එස්. බී. දිසානායක

(11.04.2019 – 19:29 +0530 – lankadeepa.lk) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම රණවිරුවන් සහ රට පාවාදෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී පැවසීය. මංගල සමරවීර මහතා අයවැය මගින් සිදුකළ වංචාවන්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට පාවාදීමට ගත් උත්සාහයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා …

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වරදින් දරුවෙකු කුසතුලම මියයයි

(11.04.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala) = පිපෙන්නට පෙර මිලින වූ මල් කැකුළ = වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට තම කුළුඳුල් දරු ප්‍රසූතිය සදහා ඇතුලත් කළ මවකට තම දරුවා අහිමි වු බව කියන පුවතක් වාර්තා වනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන් හමබන්තොට පොලිසියට හා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබෙනවා. 32 හැවිරිදි වියේ පසුවන …

ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක්

(10.04.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala) ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි කටයුතු සදහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් ගෙවීමට ගුවන් සමාගම තව දුරටත් මුදල් නොගෙවිය යුතු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමය පවසනවා. කටුනායක පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මේ බව සදහන් කළා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එරෙහිව යුරෝපා අධිකරණයක නඩු …

විදුලි කප්පාදුවට මුවාවී නීති විරෝධීව විදුලි බලාගාරයක් ඉදිකිරීමට කොරියා සමාගමක් සූදානම්…

(10.04.2019 – 10:40 +0530 – lankacnews.com) = විදුලි කප්පාදුවට මුවාවී නීති විරෝධීව විදුලි බලාගාරයක් ඉදිකිරීමට කොරියා සමාගමක් සූදානම්… මෙරට නියෝජිතයා ලගදී විවාහවන බලවත් පුතාගේ මාමා.. නව යුවලට තෑග්ග බලාගාරයයි… = පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : 2014 වසරේ සිට කිසිදු විදුලිබලාගාරයක් මෙරට ඉදිකිරීමට කටයුතු නොකල නිසා හා …

සාධුකාරයක් දෙන්න පින්වතුනි. විදුලි නැවක් එනවා – ආචාර්ය නාලක ගොඩහේවා

(08.04.2019 – Nalaka Godahewa FB) මීට වසර 3 කට පෙර 2016 සැප්තැම්බර් 16 දා ස්වර්ණවාහිනියේ සංග්‍රාමය වැඩ සටහනට සහභාගී වූ එවකට විදුලි බල මන්ඩලයේ සභාපති වූ ඉංජිනේරු අනුර විජයපාල මහතා මෙවැනි අනාවැකියක් කීවේය. ‘‘අපේ රටේ ජනතාවට මම කියනවා අද දවස මතක තියාගන්න කියලා. 2018-2019 කාලයේ ලංකාවේ විදුලි බල අර්බූදයක් ඇවිත් එකකයකට රුපියල් 30 ක 40 …

කංජිපානි වමාරන කුඩු පාතාලයේ බිහිසුණු රහස්

(06.04.2019 – silumina.lk) • පාටිය ලෑස්ති කළේ මම එපා කියද්දි• මාධ්‍යවලින් පිම්බුවාම මධුෂ් ඇඳගත්තා. වැඩි වැඩියෙන් අපරාධ කළා• මධුෂ් එක්ක රටේ ප්‍රබල දේශපාලකයන් සම්බන්ධකම් පැවැත්තුවා• ඩ්‍රොප් මී කැබ් සර්විස් එක කරපු රිස්කාන් අහිංසකයෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරයිද නැති නම් ඔහු වෙනත් රටක රැකවරණය ලැබෙයිද යන්න පිළිබඳ ඇත්තේ සැබවින්ම ගැටලුවකි. එම …

දෑත නැතත් සාමාන්‍ය පෙළ විභාගය පාදයෙන් ලියා ඉහළින්ම සමත්වූ දිරිය දියණිය

(06.04.2019 – lankadeepa.lk) ලද දෙයින් සතුටුවිය හැකි පුද්ගලයින් ලෝකයේ ඇත්නම් ඒ අතලොස්සකි. අඳුරට ශාප නොකර පහනක් දල්වන මිනිසුන් ද එලෙසමය. සමාජ ගංගාවේ උඩුගංබලා පීනන රශ්මි නිමේෂා ගුණවර්ධන නම් වූ දිරිය නව යෞවනිය සොයා අඟහරුවාදා හැන්දෑවේ ඇගේ ගෙදරට ගොඩවීමි. උපතින්ම අත් දෙක අහිමි සහ දකුණු පාදය ආබාධිත ඇය පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ …