Category «පරිසර දූෂණ – විනාශ»

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72 යි.. බදුර්දීන්ට 32 යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ..

(13.10.2017 – colombojournal.com) පවතින ව්‍යවස්ථාවෙන් මෙරට සුළු ජාතිකයන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් බෙදුම්වාදීන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වුවත්, මෙරට ආර්ථික හා වැදගත් මර්මස්ථාන සියල්ලම පාහේ මේ වන විටත් පවතින්නේ සුළු ජාතික ඇමතිවරුන් යටතේ බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ. රාජගිරිය බොදු බල සේනා …

විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..

(14.10.2017 – 16:40 +0530 – lankacnews.com) විල්පත්තු රක්‍ෂිතය ආසන්න පරිවාර වනාන්තරයන් එහි පෙහෙලි කරමින් නව ජනාවාසි බිහි කරමින් සිටින බව ස්වර්ණවාහිනී නාලිකාව වාර්තා කලේය. මුලින් වනාන්තය හරහා පෙරට මාර්ග ඉදිකර පසුව ඒවා හරහට මාර්ග ඉදිකර ජනාවාස බිහිකරමින් සිටින අයුරු ගුවන් වීඩියෝ දර්ශණ මගින් පැහැදිලිව පෙනෙන්නට තිබින. කිසාදු හානියක් සිදු නොවන්නේ යයි බාහිරින් පෙනී ගියත් වනාන්තරය …

ගල්කිස්සේ කලහකාරී සිද්ධියට හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(06.10.2017 – 13:33 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්සේ නිවසක සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මහවාද්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (06) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවරුදු 40 ක් වන ප්‍රගීත් චානක ගුණතිලක යන සැකකරු මෙලෙස අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු පොලිසියේ හිටපු කොස්තාපල්වරයෙකු වන අතර ඔහු වැඩ …

ඉන්දියාවේ අවධානම් මැලේරියා මදුරු විශේෂයක් මෙරටින් මතුවේ.. මර්ධනයත් අපහසුයි..

(06.10.2017 – 08:02 +0530 – lankacnews.com) ‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වව්නියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති අතරම ජනතාව තුලද බියක් ඇතිව තිබේ. මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්ථාවන අතර මර්ධනය කිරීමටද තරමක් අපහසු බවට සෞඛ්‍ය බලධාරින් කියා සිටිති. ජාතික මැලේරියා මර්ධන ඒකකය …

මට චෝදනා කරලා වැඩක් නෑ ; ඇමැති අනුර කුමාරගේ උමා ඔය ව්‍යාපෘතිය විනාශ කළේ ආණ්ඩුව – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

(28.09.2017 – 16:08 +0530 – sinhala.adaderana.lk) විපක්ෂය දඩයම් කිරීමට අලුත් ආණ්ඩුවේ මුලු කාලයම වැය වූ නිසාත් ජවිපෙද කලින් ආණ්ඩුවේ වැරදි සෙවීමටත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් කාලය මිඩංගු කිරීම නිසා ජවිපෙ ඇමැතිවරයකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාන ව්‍යාපෘතිය අර්බුධයට යන විට ඊට වග කිව යුත්තේ තමා බවට ප්‍රචාර ගෙන යන බව හිටපු ජනාධිපති …

ත්‍රිකුණාමල මුවන් දැක දමපිය නෙලා පලා..! – “ශිව දෙවියන්ගේ අවතාරය තඩි මුවෙකුගේ වේශයෙන් ඇවිත් සුද්දා මැරෙනකම්ම ඇන්නා..“

(27.09.2017 – 08:10 +0530 – lankaenews.com) – පරිසර සංවේදී සුධීමතුන් කියැවිය යුතුමය… මුවන් සහ මිනිසුන් එකට ගැවසෙන අග්නිදිග ආසියාවේ ඇති එකම නගරය ත්‍රීකුණාමලයයි. මහ කැළෑවේ ස්වභාවිකව වැවෙන ලා තණපත් බුදිමින් රංචු වශයෙන් ජීවත් වෙන මේ අහිංසක සතුන් මිනිස් ඇස ගැටෙන මානයකටවත් නොපැමිනෙති. පිඹුරු වග වලස් ආදී වන සතුන්ගෙන් මෙන්ම දඩයක් කරුවන්ගෙන් ද සිය ජීවිතය බේරා …

ජනාධිපති උදහසින් ගෙදර යැවූ වයඹ පට්ට පරිසර දූෂිතයා සමන් සේනානායක, මහ ඇමති තමාගේ උපදේශකයා කර ගනී : හොරා කෑම නන්ස්ටොප්..!

(22.09.2017 – 13:15 +0530 – lankaenews.com) වසර 26 ක් තිස්සේ වයඹ පළාතේ මහා පරිසර විනාශයන්ට උඩ ගෙඩි දෙමින් විවිධ දේශපාලකයින්ගේ මන දොල සපුරා අවසානයේ යහපාලන ජනාධිපතිගේ උදහසට ලක්වීමෙන් පසු වසර 2 කට කලින් විශ්‍රාම ගිය කුප්‍රකට සමන් සේනානායක නමැති හිටපු වයඹ පරිසර අධ්‍යක්ෂකයා දැන් යලි වටයක් කරකැවී වයඹ මහ අැමතිගේ පරිසර උපදේශකයා ලෙස පත් වී …

උමාඔයේ විනාශයෙන් කිරිඳි ඔය අඹදන්ඩේගමින් ගිලා බසියි

(20.09.2017 – lankatruth.com) විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට කිරිඳි ඔය, අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තාවේ. එම ප්‍රදේශයෙන් කිරිඳි ඔයේ විශාල කුහරයක් ඇතිවී ජලය සම්පූර්ණයෙන්ම ඒ තුළට ගිලාබහිමින් තිබේ. මෙම ප්‍රදේශය විශාල භූගත හුණුගල් තට්ටුවලින් පිරී ඇති බවත් විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා භූ ඝර්භයේ ඇති ජලය කාන්දු වීම නිසා භූ අභ්‍යන්තරයේ ගිලා බැසීම් …

විල්පත්තු වන විනාශයක් ඇත්දැයි මන්නාරමේ ජනතාවගෙන් විමසයි

(11.09.2017 – 12:37 +0530 – hirunews.lk/sinhala) මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිනවා. මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දිනවල අදාල ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් …