Category «විශේෂ නිවේදන»

අනිද්දා (08) කොළඹට අඩු පීඩනයකින් ජලය සැපයේ

(06.06.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala) අනිද්දා (08) පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදුකරනු ලබන කොළඹ නගර සංවර්ධන කිිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පියවර …

රජයේ නිලධාරින්ගේ ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

(31.05.2019 – 15:09 +0530 – hirunews.lk/sinhala) රජයට අයත් කාර්යාලය පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතයි. ඒ අනුව රාජකාරි වේලාව තුළ කාර්යාලවලට පැමිණෙන පිරිමි නිලධාරින් කලිසමක් සහ කමිසයෙන් හෝ ජාතික ඇඳුමෙන් …

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ දුරකථන අංක 1800 ක් ගැන CID පරීක්ෂණ

(30.05.2019 – 16:06 +0530 – sinhala.adaderana.lk) පසුගිය අප්‍රේල් මස 21 දින සිදුවු බෝම්බ ප්‍රහාරයන් හා සම්බන්ධයෙන් බෝම්බකරුවන් පාවිච්චි කල දුරකථන අංක 1800 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අරඹා තිබේ. අද (30) කොළඹ පැවති, ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා …