Category «කාලගුණය»

සුළි කුණාටුව : ඉදිරි පැය 24 තුල ප්‍රදේශ රැසකට තද සුළං

(15.12.2018 – 17:58 +0530 – hirunews.lk/sinhala) ඉදිරි පැය 24 තුල උතුර, උතුරු මැද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් අතර වේගයකින් ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ අනෙක් ප්‍රදේශවල ද විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව …

කුරුණෑගලින් වළාකුළුවලට සමාන ද්‍රව්‍යයක් හමුවේ

(29.11.2018 – 12:39 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ පිහිටි වෙල්යායක තිබී වළාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවීම ස්වභාවික සංසිද්ධියක් බවට අනාවරණ වී තිබෙනවා. අද අලූයම මෙම ද්‍රව්‍යය හමුවු අතර, වෙල්යායේ සැළකිය යුතු ප්‍රදේශයක් පුරා එය පැතිරී තිබූ බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ. හිරු එළිය පතිත වනවිට එය ක්‍රමයෙන් දියවී යන ස්වභාවයක් දක්නට ලැබුණු බවයි …

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් – ධීවරයන්ට සහ නාවිකයන්ට රතුඑළි

(11.11.2018 – nethnews.lk) ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, ඒ පිළිබද කරුණු දක්වන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ …

ප්‍රධාන මර්ගයේ නායයාම සක්‍රිය වී පොළවට ගිලා බසී.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති…

(15.10.2018 – 08:40 +0530 – lankacnews.com) නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් වු හැටන් – බගවන්තලාව, හැටන් – මස්කෙලිය සහ හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුලට ගිලා බැස ඇති අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති. මිට දින …

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති

(10.10.2018 – mawbima.lk) වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව එම ආයතනයේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ‘මව්බිම’ට ඊයේ (09දා) පැවැසූහ. සෙමා ආයතනය විසින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ සටහන් රැසක් දියත් කළ බවත් ඒවා අතිශයින්ම සාර්ථක වූ බවත් රතන …

හෙටත් (10) දිස්ත්‍රික්ක 13 කට තද වැසි

(09.10.2018 – 19:30 +0530 – sinhala.adaderana.lk) හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක 13 කට තවදුරටත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හතරේ ප්‍රදේශ කිහිපයකටම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් එක් පුද්ගලයෙකු අතුරුදන්ව …

අඩු පීඩන කලාපය, ත්‍රිකුණාමලයට කිලෝමීටර් 950 ක් ආසන්නයේ

(08.10.2018 – 17:15 +0530 – hirunews.lk/sinhala) බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 950 ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබෙනවා. ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව බස්නාහිර, …

වැස්ස නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

(06.10.2018 – 20:37 +0530 – sinhala.adaderana.lk) අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම-මන්නාරම මාර්ගය එලුවම්කුලම ප්‍රදේශයෙන් අවහිරවීම ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ හේතුවෙන් පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර පවතින …

මධ්‍යම කඳුකරයට තද වැසි

(01.10.2018 – 17:44 +0530 – hirunews.lk/sinhala) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (01) රාත්‍රී කාලයේත් දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ත්, 150 ත් අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වැසි හේතුවෙන් පහත් බිම් සහ මාර්ග කිහිපයක් …

ගිං – නිල්වලා ගංඟාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කරයි

(23.09.2018 – 18:48 +0530 – lankacnews.com) චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ද ඉන් බලාපොරොත්තු වූ ජල ධාරිතාව ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙනත් ජල ව්‍යාපෘති මගින් …