Category «සත්ව හිංසනය»

මාතර වෙරළ තීරයේ මහ රෑ සිදුවන මහා පරිමාණ ජාවාරම

(13.04.2018 – 20:18 +0530 – hirunews.lk/sinhala) මාතර වෙරළ තීරය අවට මේ දිනවල කැස්බෑ බිත්තර මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වනවා. හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ හොර රහසේ ලබා ගන්නා කැස්බෑ බිත්තර සංචාරක හෝටල් සදහා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනා බවයි. අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනා එම කැස්බෑ බිත්තර …

සද්ධන්තයෙකුට දිවි අහිමි කළ විදුලි රැහැන

(12.02.2018 – 14:14 +0530 – hirunews.lk/sinhala) අම්පාර, උහන, හිමිදුරාව, 10 ඇල ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා. අම්පාර වනජීවි කාර්යාලය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවරුදු 15 ක් පමණ වයසැති සත්වයෙක් බවයි. හේනක් වටා ඇද තිබූ විදුලි රැහැනක, විදුලි සැර වැදිමෙන් පසුගිය 10 වනදා මෙම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. …

මානව හිමිකම් කවුන්සිලය රජයට කියපු කිසිම දෙයක් මේ වෙනකල් කරලා නෑ – විග්නේශ්වරන් අමෙරිකානු තානාපතිට කියයි

(16.01.2018 – 22:23 +0530 – sinhala.adaderana.lk) ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිඳු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා අමෙරිකානු තානාපතිවරයා අතර …

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට වාරණයක්

(06.01.2018 – 13:04 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (06) තුන්වන දිනටත් වර්ජනයේ නිරත වනවා. රෝහලේ ඇඟීලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් පසුගිය බදාදා මොවුන් සංකේත වර්ජනයක නිරත වුණා. බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනුයි වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යාමට හෙද සංගම් තීරණය කරනු ලැබුවේ. මේ නිසා රෝහලේ දෛනික සායනික කටයුතු …

කවදාවත් නැති තරම් ලංකාවේ දළ ඇතුන් ඝාතනය පසුපස චීනුන් ; ලංකාවේ ¤නාධිපති සහ බුද්ධි අංශ බුදි ; ජාත්‍යන්තර බුද්ධි සේවයක් ‘නිව්ස් ඊ ලංකා’ වෙත හෙළිකරයි

(06.01.2018 – News e Lanka) දළ පූට්ටුවාද සිලාවතුරේ දළයාද ඇතුළුව ශ්‍රී ලංකාවේ මෙතෙක් කාලයක් සුවසේ සිටි දළ ඇතුන් ඝාතනය කර දළ කපා ගැනීමේ ජාවාරමක් මෑතක සිට ක්‍රියාත්මක වන බව පෙනී යයි. මෙකී නාමධාරී ප්‍රසිද්ධ සතුන් දශක ගණනාවක් ජනතාවගේ බහුමානයද ලබමින් සුවසේ කැලයේ සිටි නමුදු මෑතක සිට එ් සියල්ල කණපිට ගසා තිබේ. මේ නාමධාරී දළ ඇතුන්ට …

පුරාවිද්‍යා බිමක් වටකර කුණු පුරවලා : දීඝවාපිය පල්ලෙකාඩු අලින්ට වහ වෙයි

(29.12.2017 – mawbima.lk) අම්පාර පල්ලෙකාඩු ප්‍රදේශයේ කුණු එකතු කරන මධ්‍යස්ථානයක් ආසන්නයේ කුණු කෑමෙන් රෝගාතුර වූ අලියකු දින පහක සිට වැටී සිටී. මේ වන විට මෙම අලියා නැඟිට ගැනීමට නොහැකිව දැඩිසේ ගිලන්ව ඇත. මේ ස්ථානයේ මීට පෙර කුණු කෑම නිසා ප්‍රදේශයේ අලින් 06 දෙනකු මියගිය බවත් තවත් අලින් සිවුදෙනකු වනාන්තරයේ මියගොස් සිටියදී හමුවූ බවත් දීඝවාපිය ප්‍රදේශවාසීහු …

දළ පූට්ටුවා ඝාතනයට සැක ඉන්ජිනේරුවෙක් සහ විහාරාධිපති හිමියකුටත් වැඩ වරදින ලකුණු

(14.12.2017 – nethnews.lk) ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන විධායක ඉංජිනේරුවරයෙකු සහ විහාරාධිපති හිමි නමක් අත් අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසිය මූලික විමර්ශණ අරඹා තිබෙනවා. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පළමු සහ දෙවන සැකකරුවන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝව සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් …

අලි-ඇතුන් ඝාතන පිටුපස කුමන්ත්‍රණයක්

(11.12.2017 – 19:17 +0530 – hirunews.lk/sinhala) අලි, ඇතුන් ඝාතනය කිරීම පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනයත් සමඟ අලි, ඇතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ අතර ඊට ආසන්නතම සිදුවීම ලෙස පෙරේදා වාර්තා වූයේ තනි දළයාගේ ඝාතනයයි. පුත්තලම – සෙල්ලන්කන්දල් …

ගේ පිටිපස්සේ ලොකු භාජනයකට වතුර ‍පුරවාගෙන අපි ඇතා එනකම් බලා හිටියා : කවදාවත් කිසිම කෙනකුට විපතක් කළේ නෑ …

(03.12.2017 – News e Lanka) ගේ පිටිපස්සේ ලොකු භාජනයකට වතුර ‍පුරවාගෙන අපි ඇතා එනකම් බලා හිටියා : කවදාවත් කිසිම කෙනකුට විපතක් කළේ නෑ – දළ පූට්ටුවාගේ ඛේදවාදකය පිළිබඳ සටහනක් සොබාදහමට සමීපව වන සතුන් ගෙවනා ජීවිතය කොතරම් සුන්දරද කියා දන්නේ ඔවුන් පිළිබඳ කැක්කුමක් ඇති හදවත් පමණි. නමුත් ඇතැම් පව්කාර මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා අද වන විට …

ඇත් දළ පෙන්ඩන්ට් ලග තබාගත් තවත් ග්‍රාම සේවකලා දෙන්නෙක් පොලිස් දැලේ

(03.12.2017 – 06:46 +0530 – sinhala.adaderana.lk) ඇත් දළ වලින් සකස් කළ පෙන්ඩන්ට් ලග තබාගත් ග්‍රාම සේවක නිළධාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකවැරටිය කොට්ඨාශ බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් වළ තිබී ඇත් දළ රන් කොපු යොදා සකස් කල පෙන්ඩන්ට් තුනක් සොයාගෙන තිබේ. මෙලෙස …