Category «ක්‍රීඩා – විනෝදාංශ – උත්සව»

තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි

(07.02.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala) තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා. ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. …

මාකඳුරේ මධුෂ් ඇතුළුව 25 ක් අත්අඩංගුවට – ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකුත් ඒ අතර

(05.02.2019 – 13:19 +0530 – sinhala.adaderana.lk) ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන‘මාකඳුරේ මධූෂ්’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය. මෙහිදී තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 24 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හිදී සංවිධානය කර …

මුහුණට මුහුණ සිදුවූ මාරක අනතුරක් – CCTV දර්ශන සහිතයි

(04.02.2019 – 16:30 +0530 – sinhala.adaderana.lk) පානදුර-හොරණ ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ බණ්ඩාරගම අතර තුන්බෝධිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ(03) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අකාරය අසල වෙළඳසැපක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක …

ජනාධිපතිවරණයට ඔබ ලෑස්තියි නම් මාත් ලෑස්තියි – ගෝඨාභය රාජපක්‍ෂ

(13.01.2019 – 22:15 +0530 – lankacnews.com) ජනාධිපතිවරණයට ඔබ ලෑස්තියි නම් මාත් ලෑස්තියි… නොනවතින අත්පොලසන් ජයඝෝෂා මැද වියත්මග ඇමතු ගෝඨාගේ දේශණය මෙන්න… ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය. වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් එසේ කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය …

සෝපානයක් කඩා වැටී රගර් ක්‍රිඩකයා මිය ගිය හේතුව මෙන්න

(29.12.2018 – 18:51 +0530 – sinhala.adaderana.lk) කොළඹ නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවක විදුලි සෝපානයක් බිමට පතිත වී සිදු වූ අනතුරකින් සීආර් අන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ රගර් ක්‍රීඩකයකු මිය ගොස් තිබේ. අනතුරින් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. කොළඹ නවම් මාවතෙහි පිහිටි රාත්‍රී සාමාජ ශාලාවක අද (29) අළුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි. එහි …

පදිකවේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි

(17.12.2018 – 20:55 +0530 – lankadeepa.lk) උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදිකවේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. මෙලෙස නවතා තැබෙන වාහන ඉවත් කර රැගෙන යාමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. …

10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාව ආසියාවේ කළු සිංහයාට

(16.12.2018 – 19:17 +0530 – hirunews.lk/sinhala) 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගැනීමට කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතා සමත්ව තිබෙනවා. මෙම තරඟාවලිය පැවැත්වුනේ තායිලන්තයේදීයි. ලෝකය දිනූ ආසියාවේ කළු සිංහයා මව්බිමට පැමිණෙයි (19.12.2018 – 07:01 +0530 – hirunews.lk/sinhala) තායිලන්තයේ පැවති 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගත් කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතා …

උතුරේ මහ විරු සැමරුම්

(27.11.2018 – 19:20 +0530 – hirunews.lk/sinhala) උතුර පළාතේ් ස්ථාන කිහිපයක අද මහවිරු සැමරුම් පැවැත්වුණා. යාපනය, කෝපායි 51 වන යුද හමුදා බල සේනා මූලස්ථානය ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් එම සැමරුම සිදුකර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ආරක්ෂක අංශවල දැඩි නිරික්ෂණය යටතේ …

ක්‍රිකට් තරුවක් – තිලකරත්න ඩිල්ෂාන් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

(14.11.2018 – nethnews.lk) ශී‍්‍ර ලංකා හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. ඒ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදීයි. එහිදී තිලකරත්න ඩිල්ෂාන් මහතා හිටපු පාර්ලිමේන්තු ජයන්ත කැටගොඩ මහතා අතින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී තිබෙනවා. ඒ, …

මැස්සෙක් නිසා මධ්‍යම පළාතේ සමේ රෝගයක්

(13.11.2018 – 08:39 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රෝගයක් හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසනවා. ලිෂ්මානියස් නමින් හැදින්වෙන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝ වන අතර මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු සම රතු පැහැ ගැන්වී කැසීමට ලක්වන බවයි වෛද්‍යවරිය හිරු ප්‍රවෘත්ති …