Monthly archives: නොවැම්බර්, 2017

සෝමාලියා කොල්ලකරුවන් මැඩලා ලොවක් හෙල්ලූ ලාංකිකයා දෙරණේ.. හිඟාකන ලංකාවට ඩොලර් වැස්සක් වස්සන හැටි කියයි.. රාජිතට-චම්පිකට එලිපිට අභියෝග..

(28.11.2017 – 10:00 +0530 – lankacnews.com) ගත වූ කාලයේදී මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ පැවති දෙරණ 360 වැඩසටහන සදහා සහභාගී විය. ශ‍්‍රී ලංකාවට ඉතා විශාල වශයෙන් විදේශ විනිමය ගෙන දුන් සහ විශ්‍රාමික රණවිරුවන්ට රැකියා හයදහසක් පමණ සැපයූ අති සාර්ථක ව්‍යාපාරයක් වූ ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂන සේවය වත්මන් …

සංහිඳියාවේ සළුවෙන් හෙළුව වහන්න දෙන්න බෑ : විමධ්‍යගත අරමුදලින් එල්ටීටීඊ සොහොන් හැදීම අගමැති අත්හිටුවයි

(26.11.2017 – News e Lanka) රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිතා කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක් පිලිබඳ වාර්තා වී ඇත. කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත. අදාළ වර්තාවල සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු …

කුමන්ත්‍රණකරුවන්ට ඉඩ නොදී මැතිවරණය පැවැත්වීම ගැන පක්ෂ නායකයෝ රැස්වෙති : නීතිපති සහ මැතිවරණ කොමිසමේ සභාපතිද එක්වෙති

(27.11.2017 – News e Lanka) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) අද දින පෙ.ව. 11.30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියළු පක්ෂ ප්‍රධානීහු, නීතිපතිවරයා හා මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාද මේ සඳහා සහභාගි වූහ. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාල අධිකරණ වාරණ නියෝගය පිළිබ ඳව අවධානය යොමු කිරීම සඳහා මෙම රැස්වීම විශේෂ හදිසි …

ප්‍රභාකරන්ගේ උපන් දිනය වවුනියාව සරසවියේ සිංහල මුස්ලිම් සිසුන් අනාරක්ෂිත කරයි

(28.11.2017 – News e Lanka) මරණ තර්ජන නිසා වවුනියාව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වලින් 26 දා රාත්‍රී පිටවූ සිංහල සිසුන් මහ වැස්සේ මහපාරේ මධ්‍යම රාත්‍රිය වනතුරු රැදී සිට වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇත. මේ සිසුන් පවසන්නේ තමන්ට විශ්ව විද්‍යාල පාලන අධිකාරියෙන් හෝ පොලීසියෙන් නිසි ආරක්ෂාවක් නොලැබුණු බවයි. විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සිසුන්ට දන්වා ඇත්තේ බිය …

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට යන ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාර චෝදනාවේ සැගවූ තිත්ත ඇත්ත මෙන්න….

(27.11.2017 – 22:32 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය. නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් දී තිබෙන බවට අපිට විශ්වාසණීය තොරතුරු තිබෙනවා.. අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉතිහාසයේ නොවූ විරූ විරෝධයක් මහනායක ස්වාමීන් වහන්සේලාද ඇතුළු සමාජයේ …

පුංචි ඡන්ද සියල්ල එකම දවසක.. ජෝතිෂ්‍යවේදියෙක් නොවූ ගම්මන්පිල අනාවැකියක් කියයි..

(27.11.2017 – 16:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය. අද දින මැතිවරණ කොමිසම පළාත්පාලන ආයතන 93 ක් සඳහා මැතිවරණය පැවැත්වීමට නාමයෝජනා කැඳවා තිබෙනවා. ඔන්න බලන්න ඉතිරි පලාත්පාලන ආයතන වලත් ප්‍රශ්න විසඳිලා අපූරුවට මැතිවරණය පවත්වන්න පුළුවන් තත්වයක් එනවා. දැන් …

‘වැඩ වෙන ආකාරයට අපිට ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ..’ මැතිවරණ කොමිසම ඒකමතිකව තීරණය කරයි.. මෙය සත්‍ය නම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි – නීති විශාරදයන්…

(27.11.2017 – 03:26 +0530 – lankacnews.com) ‘පසුගිය දා රැස්වු ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයින් ඒකමතිකව තීරණය කලා අභියාචනාධිකරණය ප්‍රශ්නය බල නොපාන සභා 133 ක ඡන්දය සඳහා 27 වෙනිදා සිට නාමයෝජනා කැදවන්න. ඒත් ජනාධිපතිවරයා විසින් එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට නිකුත් කිරිමේදී සිදු කල දෝෂයක් නිසා සභා 40 ඡන්දය 27 වෙනිදා කැදවීමට නොහැකිය’ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය …

මහින්දගේ පොහොට්ටුව පලමුවෙන්ම මැතිවරණයේ ඇප තැන්පත් කරයි.. කළුතරින් වැඩ අරඹයි.. 93 සඳහාම තරග කරයි..

(27.11.2017 – 09:22 +0530 – lankacnews.com) හවුල් කතා නිමයි.. තුන් ඈවරයි.. මහින්දගේ පොහොට්ටුව පලමුවෙන්ම මැතිවරණයේ ඇප තැන්පත් කරයි.. සියලු ආගම් නමදිමින් කළුතරින් වැඩ අරඹයි.. 93 සඳහාම තරග කරයි.. මෙරට ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින්, එදා 1956 දී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් කල විප්ලවය සිහිපත් කරමින් අද 27 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා ඇප …

මඟී පහසුකම් පුළුල් කිරීමට දුම්රිය ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කෙරේ

(26.11.2017 – 22:13 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මඟී පහසුකම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙළ යටතේ දිවයින පුරා සංවර්ධන කටයුතු රැසක් මේ වන විට ආරම්භ කර ඇත. එහි එක් පියවරක් ලෙස මිලියන 12ක වියදමින් හබරාදුව නගරයේ ඉදි කරන ලද නව දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරිම අද දින පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් …

ප්‍රභාගේ උපන්දිනය ශිවාජිලිංගම් ජයටම සමරයි

(26.11.2017 – 16:47 +0530 – sinhala.adaderana.lk) එල්. ටි. ටි.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන අද (26) දිනයේ ප‍්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් වැඩසටහනක් උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය වැල්වැටිතුරෙයි පිහිටි ප‍්‍රභාකරන්ගේ ඉඩෙමේදී පැවැත්විණ. ප‍්‍රභාකරන්ගේ 63 වන උපන්දිනය සංකේතවත් කරමින් අංක 63 සඳහන් කරමින් වන කේක් සාදා ප‍්‍රභාකරන්ගේ උපන්දින සැමරුම ශිවාජිලිංගම් මහතා විසින් පවත්වා ඇති …