Monthly archives: ජූලි, 2018

ඩුබායි සේප්පුවකින් දියමන්තියක් සොරා ගත් ලාංකිකයෙක් අත්අඩංගුවට

(27.07.2018 – 16:45 +0530 – lankadeepa.lk) ඩුබායිහි නිදහස් වෙළඳ කලාපයේ පිහිටි සමාගමක සේප්පුවකින් සොරකම් කළ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 320 ක්ට වැඩි) වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමටත්, එම සොරකම සිදු කළැයි සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත් වී ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත් …

කටුනායක සුනඛ සිද්ධියට, කුවේට් තානාපති කාර්යාලයත් මැදිහත් වේ

(28.07.2018 – 08:31 +0530 – hirunews.lk/sinhala) කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දුන් කුවේට් සිට මෙරටට පැමිණි යුවළ කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට …

ලංකාවට ඇවිත් හෙළ වෙදකම ඉගෙන ගන්නා සුදු ජාතික බටහිර වෛද්‍යවරු

(28.07.2018 – 10:15 +0530 – sinhala.adaderana.lk) ලොව මවිත කළ පාරම්පරික හොරිවිල හෙළ වෙදකම පිළිබඳව ඉගෙන ගැනීම සඳහා සහ ගස් වැල් වල කොළ පොතු මුල් මල් වලින් විශ්මිත හෙළ ඔසු සාදා රෝග නිවාරණය කරන ආකාරය පිළිබඳව දැනගැනීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය සිසු වූ පිරිසක් මේ දිනවල පලුගස්වැව හොරිවිල පාරම්පරික වෙද ගෙදරට පැමිණ සිටිති. පාරම්පරික හොරිවිල හෙළ …

ඩිලාන් පෙරේරා තියාගන්නවාද.. මා තියාගන්නවාද..- සරත් වීරසේකර තීරණයක් ගන්නැයි මහින්දට කියයි..

(28.07.2018 – 06:27 +0530 – lankacnews.com) තව දුරටත් ලග තබා ගන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ද නැතහොත් තමන්දැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තීරණයඛ් ගත යුතු යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කරන ලද ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව …

දෙමළ ජනතාවට ආර්ථික නිදහස දෙන බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

(27.07.2018 – 13:02 +0530 – hirunews.lk/sinhala) තමා ජනාධිපති වුවහොත් ආර්ථික නිදහස අත්කරදීම දෙමළ ජනතාවට ලබාදෙන මුල්ම විසඳුම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එම කටයුතු සිදුවූ නමුත්, දෙමළ ජාතික සන්ධානය සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඊට බාධා කළ බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. …

සංහිඳියාවට නිදසුනක් බලංගොඩින්

(27.07.2018 – 18:49 +0530 – hirunews.lk/sinhala) ජාතීන් අතර සංහිඳියාව මාතෘකාවක් වී ඇති යුගයක ඊට හොඳම නිදසුනක් අපට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ, හින්දු පූජකයෙකුව සිට පසුව සම්බුදු සසුනේ උරුමය රකින්නට එක්වී පසුගියදා උපසම්පදාව ලැබූ පූජ්‍ය බගවන්තලාවේ රාහුල හිමියන්ගේ ජීවන පුවතෙන්. උන්වහන්සේගේ ගිහි නම මහේෂ්වර ශර්මා වන අතර, බගවන්තලාව – සෙල්වකන්ද වත්ත ප්‍රදේශයේ ජීවත් වූ කන්ද …

හිරු සී.අයි.ඒ. : කාන්තාවකගේ මැදිහත් වීමෙන් සිදුවන කඩොලාන විනාශය

(27.07.2018 – 19:26 +0530 – hirunews.lk/sinhala) පුත්තලම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලකුඩාව ප්‍රදේශයේ මහා පරිමානයෙන් කඩොලාන ශාක සහිත භූමියක් විනාශ කරන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරක් වාර්තා වුණා. ඒ අනුව අදාල ප්‍රදේශයට ලගා වු හිරු සී.අයි.ඒ. කණ්ඩායමට දැක ගත හැකි වුයේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් කඩොලාන ශාක වනසා දමා ඇති අයුරුයි. 2011 වසරේ ද …

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමේ

(27.07.2018 – 09:09 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව, අද පස්වරු 6 වනවිට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසයි විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන්ට දැනුම්දී ඇත්තේ ෴ ++++++++++++++++++++++++++++++ පැමිණීම …

උතුරේ හමුදාව ගැන දෙමළ දේශපාලනඥයන් කියන බොරු වලට යාපනය ආඥාපති උත්තර දෙයි..!

(26.07.2018 – News e Lanka) උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බව කියා සිටියත් යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් යයි යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය. සේනාංකාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා කියා සිටියේ උතුරේ යුද …

බැදුම්කර නීතිවිරෝධීව විකිණීමෙන් කෝටි 900 ක පාඩුවක්

(26.07.2018 – 22:45 +0530 – lankadeepa.lk) 2015 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සිදු කළ මහ බැංකු බැදුම්කර නිකුතුව යටතේ එහි ප්‍රාථමික අලෙවිකරුවෙකු වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එම බැදුම්කර නීතිවිරෝධී හා වංචනික ලෙස අලෙවි කිරීමෙන් රුපියල් බිලයන 9 කට අධික මූල්‍යමය පාඩුවක් රජයට සිදුකර ඇත. එම පාඩුව එම සමාගමෙන් නැවත අය …