Monthly archives: නොවැම්බර්, 2018

තම ව්‍යාපාරයේ න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන පුද්ගලයින්ට ඉදිරි මැතිවරණයේදී සහයෝගය – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(25.11.2018 – 19:31 +0530 – sinhala.adaderana.lk) තම ව්‍යාපාරයේ න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන පුද්ගලයින්ට ඉදිරි මැතිවරණයකදී සහයෝගය ලබාදෙන බව මහමැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පැවසීය. උන්වහන්සේ පෙන්වාදෙන්නේ මහමැතිවරණයක අවශ්‍යතාව දැඩිව පවතින බැවින් මහමැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහි කළ බවයි. අදාළ ජාතික ව්‍යාපාරය බිහි කිරීම පිළිබඳව කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් …

ජීවිතයේ කිසි දිනක නැවත රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ – ජනපති විදෙස් මාධ්‍යයට කියයි

(25.11.2018 – 19:04 +0530 – sinhala.adaderana.lk) කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිව සඳහන් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල …

කොටි සල්ලිවලින් මිලදී ගත් මාධ්‍ය ආයතන ගැන ඇමති විමල් හෙළි කරයි

(24.11.2018 – 19:56 +0530 – hirunews.lk/sinhala) මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන අත්සන් දශලක්ෂයක පෙත්සමට අත්සන් තැබීම අද කඩවතදී ආරම්භ වුණා. ඒ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන්. මේ අතර කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සහ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා සිදු කෙරුණා. හම්බන්තොට, දෙහිවල, හතරලියද්ද, කළුතර, මාවනැල්ල, නෙළුව, බියගම, …

උපකාරක පංති ගිය සිසුවාට සිදු වු අවාසනාවන්ත ඉරණම – CCTV දර්ශන සහිතයි

(24.11.2018 – 16:48 +0530 – sinhala.adaderana.lk) මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුන් තිදෙනෙකු තවත් පාසල් සිසුවෙකු ඝාතනය කර තිබේ. අද (24) දහවල් පෞද්ගලික උපකාරක පංතියක් අවසන් වී යමින් සිටි සිසුන් පිරිසකට යතුරුපැදියකින් පැමිණි තවත් සිසුන් පිරිසක් පහරදී ඇති බව වාර්තා වේ. පහරකෑමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් සිසුවෙකු රෝහලට …

විමල්ගෙන් තවත් අනාවරණයක්

(24.11.2018 – 19:45 +0530 – sinhala.adaderana.lk) හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් එල්.ටී.ටී,ඊ. සංවිධානය පිළිබඳ තොරතුරු සෙවූ බුද්ධි අංශ මෙහෙයුමක් පාවාදුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) අනාවරණ කළේය. ඒ අද පස්වරුවේ කඩවත පැවති ජනහමුවකදීයී. මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන දස ලක්ෂයක පෙත්සමට අස්සන් තැබීමේ සමාරම්භක උලෙළ අද කඩවතදී පැවැත්වුණේ මැති ඇමතිවරුන් …

දෙමළෙන් බණ කියන නිශ්ශංක උයනේ සිරිධම්ම හාමුදුරුවෝ

(20.11.2018 – lankadeepa.lk) “එදි සෙන්ජාලන් නල්ලද සෙයිය වේනු. නල්ලද නෙණචිකිට නල්ලද සොල්ල වේනු. නලලද සෙන්ජා, නල්ලද සොන්නා වාල්කේ නල්ල ඉරුක්කුම් සොල්ලි තාන් බුද්ධ පෙරුමාල් සාමි දේශනා පන්නි ඉරුක්කි. අදුපෝල නම්ම වාල්කේයිල වාල්රතිකි මෝච්චි පන්න වේනු. ඉරුක්කු පාක්ක වේනු. නල්ලදි සෙන්ජි නල්ලදි නෙරවේර්තක වේනු. එවෝලෝ දූරම් නල්ලදු නම්ම සෙයිරදු අවලෝ දූරම් නම්මලක නල්ලදු. වාල්කේ නල්ල ඉරුක්කුම් …

මැතිසබය යළි කැදවීමට එරෙහි පෙත්සමත්, 4 වන දා කැඳවයි

(23.11.2018 – 14:12 +0530 – hirunews.lk/sinhala) විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගොනු කළ පෙත්සම ලබන 4 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මූලික …

මහවිරු සැමරුම් ගැන යාපනය අධිකරණයෙන් නියෝගයක්

(23.11.2018 – 17:19 +0530 – hirunews.lk/sinhala) කෝපායි ප්‍රදේශයේ සංවිධාන කර ඇති මහවිරු සැමරුමේ උත්සවයේ එල්.ටී.ටී.ඊ. ධජ සහ ලාංඡන භාවිතා නොකරන ලෙස යාපනය අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම සැමරුම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා ඉල්ලීමක් කළා. යාපනය සරසවියේ මහවිරු සැමරුමට අධිකරණයෙන් අවසර (23.11.2018 – nethnews.lk) යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් …

ආණ්ඩුව, පාර්ලිමේන්තුව වර්ජනය කරයි

(23.11.2018 – 19:06 +0530 – hirunews.lk/sinhala) කතානායකවරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කතානායකවරයා පත්කළ සාමාජික සංයුතියට විරෝධය පළ කර ආණ්ඩු පක්ෂය අද (23) පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා. කෙසේ වෙතත්, පසුව ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා වූ යෝජනාව ඡන්දයෙන් සම්මත කරගෙන තිබුණා. මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ යෝජනා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක …

සියළු පක්ෂ එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා සූදානමින්

(23.11.2018 – 20:08 +0530 – hirunews.lk/sinhala) මෙම ආණ්ඩුව යටතේ මැතිවරණයකට යාම ගැටළු සහගතනම් සියළු පක්ෂ එක්වී භාරකාර ආණ්ඩුවක් හෝ පිහිටුවා මැතිවරණයකට යාමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මේ අතර, අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද කථානායකවරයා …