Monthly archives: දෙසැම්බර්, 2018

අන්තර්ජාල සහ දුරකථන අපරාධවල ඉහළයාමක්

(25.12.2018 – 19:09 +0530 – hirunews.lk/sinhala) අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයෙන් සිදුවන අපරාධවල ඉහළයාමක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදුකරනු ලබන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පිහිටවූ ඒකකය විවෘත කිරීමේ උත්සවයකට ඊයේ මාතරදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මෙවැනි ඒකක දිවයිනේ පළාත් 9 ම …

එජාපය ඇමති ධුර බෙදාගැනීමේ අර්බුදයක බව මන්ත්‍රී බන්දුල කියයි

(25.12.2018 – 19:17 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව තුළ අමාත්‍ය ධුර බෙදාගැනීමේ බරපතල අර්බුදයක් උද්ගතව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොට්ටාව – මත්තේගොඩ ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

උතුරේ 75,000 කට තවමත් පීඩා – හමුදාවට ජනතාවගෙන් තුති

(25.12.2018 – 19:20 +0530 – hirunews.lk/sinhala) සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය හයක පමණ කාලය තුළ ප්‍රබල අකුණු සහිත තද වැසි සහ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් විට සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරු හයට …

හෙට (26) සිට දුම්රිය, වර්ජනයකට සැරසෙයි

(25.12.2018 – 07:30 +0530 – hirunews.lk/sinhala) හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක (02) දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ. වර්ජනය සඳහා එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවාවලට අයත් නිලධාරීන් එක්වන …

කූඨ හැන්සාඩ් ලෙඛණ ගැන කතානායකට එරෙහි CID පැමිණිලි විභාගය ඇරඹෙයි..

(25.12.2018 – 06:24 +0530 – lankacnews.com) කතානායකවරයා විසින් හැන්සාඩ් වාර්තාවක් කූඨ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් සිදු කල පැමිණිල්ල වැඩිදුර විභාගය (24) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදුවිය. පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද නියෝජ්‍ය ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභාවේ උප සභාපති යසපාල කෝරළගේ ප්‍ර‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක …

අනුර-සම්බන්ධන් මැණිකක් රකිනා නාගයන් සේ රනිල් රකී..

(24.12.2018 – 18:49 +0530 – lankacnews.com) අලි කොටි සීනු පවුල පොහොට්ටුවට බය වී ඇති බවත් එ නිසා පොහොට්ටුවට එරෙහිව අවලාද නගන බවටත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි. පොහොට්ටුවට පැවති ජනප්‍රසාද ය අඩුවී ඇතයි ආණ්ඩුව කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඊළග ආණ්ඩුව පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයකින් පත්වීම වැළක්වීමට කිසිදු ජගතෙකුට නොහැකි …

පත්වීම් නැති හිටපු අධ්‍යක්ෂවරු ලේක්හවුස් ආයතනයේ වැඩ

(24.12.2018 – 13:20 +0530 – lankacnews.com) ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි.. පත්වීම් නැති හිටපු අධ්‍යක්ෂවරු වැඩ.. රාජ්‍ය මාධ්‍ය ආයතනවලට කිසිදු පත් කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාට ගිය සතියේ උපදෙස් දී තිබිණි. රාජ්‍ය මාධ්‍ය ආයතන ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කරන තුරු රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සභාපතිවරු , …

යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියති

(23.12.2018 – colombotoday.com) යහපාලන රජය හරහා අත්තනෝමතික පලිගැනීම් සහ ආයතනයේ ලාංඡණ වෙනස් කිරීම් සහ මූල්‍ය පරිහාණි ඇතුලු දූෂණ ක්‍රියා මත කලකිරීමට සහ සිත් තැවුලට සේවක මඩුල්ල නියෝජනය කරමින් ස්වාධීන රූපවාහිනිය සුරැකීමේ එකමුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගින්නට හේතුව අහස් කූරක්

(23.12.2018 – 16:59 +0530 – hirunews.lk/sinhala) කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගබඩාවක ගින්න හටගෙන ඇත්තේ අහස් කූරක් නිසා බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. අද දහවල් හට ගත් මෙම ගින්නෙන් වොක්ෂෝල් වීථියේ පිහිටි කාර්යාලයීය උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකට අයත් ගබඩාවක් සම්පූර්ණයෙන්ම ගිනි ගනු ලැබුවා. ගින්නෙන් ගබඩාවට දැඩි හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් …

උතුරට තවදුරටත් වැසි – දිස්ත්‍රික් 5 ක පවුල් 13,000 කට පීඩා – ඉරණමඩු, රාජාංගණය සහ දැදුරුඔයේ වාන් තවමත් විවෘතයි

(23.12.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala) උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 13,646 කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඉන් පවුල් 2661 කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 52 ක රදවා ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ. නිවාස 6 …