Monthly archives: ජූලි, 2019

ෂාෆි කළේ වඳ සැත්කම් විතරද…? ත‍්‍රස්තවාදයටත් සම්බන්ධලු – නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න

(21.07.2019 – divaina.com) නීතිය ඉදිරියේ පවා අසරණවී සිටින සත්‍යය, නිර්භයව ඉදිරියට ගෙන ඒමේ වගකීම ඔවුහු සිය දෙවුර මතට ගත්හ. කිසිදු වාසියක් ප‍්‍රයෝජනයක් නොමැතිව සිය මුදල්, කාලය ඔවුන් විසින් සත්‍යය සහ ජාතිය වෙනුවෙන් වියදම් කරනු ලබන්නේ, සිය ජීවිත පමණක් නොව අඹු දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ද පැත්තක දමාය. ෂාෆි විසින් කරන ලද සංහාරය සහ ෂාෆිගේ අපරාධ ගොනුවේ …

පොහොට්ටුව සන්ධානගතවීම 26 දා

(22.07.2019 – 09:14 +0530 – lankaleadnews.com) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ දේශපාලන පක්‍ෂ රැසක සහයෝගයෙන් ලබන 26 වැනිදා නව සන්ධානය ගොඩනැගෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ගොඩනැගෙන එම සන්ධානයට ප‍්‍රථමයෙන් දේශපාලන පක්‍ෂ 15 ක් පමණ අත්සන් තැබීමට නියමිතය. මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට සිකුරාදා (19 දා) වනවිට දේශපාලන පක්‍ෂ 26 ක් එකඟත්වය …

මම දැන් අසරණයි – ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ

(21.07.2019 – 12:08 +0530 – lankadeepa.lk) ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ දැඩිසේ රෝගාතුරවී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් එක් පාදයක කොටසක් කපා ඉවත්කර ඇති බවට ආරංචිය ලැබුණේ මෙම සිද්ධිය සිදුවී කලකට පසුවය. එහෙත් ප්‍රමාදවී හෝ එම කලාකරුවාගේ සුවදුක් බැලීම සඳහා ලංකාදීප ‘රසවින්දන’ වෙනුවෙන් මම අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයෙහි පදිංචි ඔහු …

අගමැති ජෝන් ඩොයිලිගේ අවතාරය ද ? රතන හිමිගෙන් ප්‍රශ්ණයක්

(21.07.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 3 ක් සපිරීම නිමිත්තෙන් අද ගුණසමරු උත්සවයක් පැවැත්වුණා. ඒ, පිළියන්දලදී නගර සභා ශාලාවේදීයි. අමරනීය මිනිසා ලෙස නම් කර තිබූ සෝමවංශ අමරසිංහ මහතාගේ 3 වන ගුණසමරු උත්සවයට මහා සංඝරත්නරය, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. …

මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…

(21.07.2019 – 13:20 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යවන්න බෑ. එසේ යැවීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස්දීම නීති විරෝධීයි! බාසල් සම්මුතිය උල්ලංඝණය කිරීමක්! පසුගිය වසර කිහිපයතුළ මෙරටට ආනයනය කරන ලද කසල කන්ටේනර් අතරින් කටුනායකදී හමුවූ …

හිස්බුල්ලාට තහනම් සංවිධානයකින් කෝටි 1757 ක්

(19.07.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala) ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ හෙවත් ‘මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය’ සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ, එම ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු …

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය …

ගොංජගෙ ප්‍රකාශය ගැන විවිධ අදහස්

(17.07.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala) රංජන්ගේ ප්‍රකාශය ගැන විවිධ අදහස් රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පූජ්‍ය පක්ෂය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදහස් පළ කළා. රන්ජන්ට විනය පරීක්ෂණයක් – අගමැතිට පැයක් කරුණු කියයි (17.07.2019 – 19:15 +0530 – hirunews.lk/sinhala) භික්ෂුන් වහන්සේට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, …

දින දෙකක තැපැල් වර්ජනය ඇරැඹෙයි

(16.07.2019 – 16:50 +0530 – lankadeepa.lk) ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද (16) පස්වරු 4.00 සිට දින දෙකක (02) සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව …

ඉන්න තැනක් නෑ – කන්න දෙයක් නෑ – දෙන්න කිරිත් නෑ – ජීවත්වෙන හැටි හිතාගන්න බෑ …

(16.07.2019 – mawbima.lk) දරුවා ඉපදිලා තාම සති දෙකයි. ඉන්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. දෙන්න කිරි නැහැ. ලොකු දරුවා මාස ගාණකින් ඉස්කෝලේ ගියේ නැහැ. මනුස්සයත් ලෙඩින්. එයාට වැඩ කරන්න බැහැ. අපිට සමෘද්ධියත් නැහැ. ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. මෙසේ කීවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාමුර විසමිතුර පදිංචි මවකි. පනාමුර පොලිස් වසමේ විසමිතුර ගල්බොකු ඔය ඉස්මත්තේ …