Monthly archives: අගෝස්තු, 2019

‘බැටික්ලෝ කැම්පස්’ ආයතනය අභ්‍යවකාශ ගවේෂණය මධ්‍යස්ථානයක් කරන්න – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(19.08.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk) බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කරයි. එම ආයතනයට එරෙහිව අද (19) පස්වරුවේ මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය …

2015 දී පැරදුණේ වැඩ බැරි ටාසන් කෙනෙකුට – දිලුම් අමුණුගම

(19.08.2019 – 10:51 +0530 – sinhala.adaderana.lk) 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට හේතුව තරුණයන්ගේ ඡන්ද ගිලිහී යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි. ඇඹිලිපිටියේ පැවති උත්සවයකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. තරුණයන් අතර මහින්ද රාජපක්ෂ මහතා කෙරේ වෛරයක් ඇති කර ඔහු පරාජයට පත් කිරීමට ප්‍රතිවාදීන් ක්‍රියා කළ බවත් එසේ …

ආණ්ඩුව මේ රටට කළ විනාශයට රනිල්-සජිත්-කරු තිදෙනාම වගකිව යුතුයි – උදය ගම්මන්පිළ

(17.08.2019 – mawbima.lk) = උදය ගම්මන්පිළ මහතා සමග කළ සාකච්ඡාවක් = ජනාධිපතිවරණයට තියෙන්නේ තව දින 100 ටත් අඩු කාලයක්, කොහොමද ඒ සඳහා ඔබතුමාලාගේ සූදානම? අපි තරම් ජනාධිපතිවරණයට සූදානම් වුණු වෙනත් පක්ෂයක් ලංකා ඉතිහාසය පුරාම නැතිව ඇති. බොහෝ විට විපක්ෂය තම අපේක්ෂකයා තීරණය කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට …

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? සාමි නැමැති එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

(18.08.2019 – divaina.com) 2015 ජනවාරි අටවැනිදා සිදු වූ පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු පැවති ඊළඟ මහ මැතිවරණයට අනුව යහපාලනය ආරම්භ වූයේ එම වසරේ අගෝස්තු මස දහඅටවැනිදාය. ඒ අනුව ලබන දහඅටවැනිදාට යහපාලනය බිහිවී සිව් වසරකි. මේ සිව් වර්ෂ පූර්ණයට ඔන්න මෙන්න තිබියදී ඉකුත් සතියේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යහපාලනය තුළින් සිදු වූ බරපතළ වරදක් නිවැරදි කිරීමට …

රතන හිමියන් මඩකලපුවෙන් අරගලයක් අරඹයි

(18.08.2019 – nethnews.lk) මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, රජයට පවරා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව මෙතෙක් කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා. මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුව, කිරාන ප‍්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ජනතාව එක්ව ගොඩනැගූ රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට (19) දිනයේ පැවැත්වෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ. නැගෙනහිර …

ඉස්ලාමය වැළඳගත් භික්ෂූන් හරහා අබ්දුල් රාසික්ට පන්සල් දස දහසකට බෝම්බ යැවීය හැකියි – රිෂාම් මරූස්ගෙන් හෙළිදරව්වක්

(17.08.2019 – colombotoday.com) රහසිගතව අන්තවාදී කුරාන දස දහසක් විහාරස්ථානවලට බෙදා දීමේ තවුහීද් ජමාත් කුමන්ත්‍රණයක් පිළිබඳව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරූස් විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරමින් පවසනවා. අබ්දුල් රාසික් මේම කුරාණ බෙදාහැරීම සඳහා යොදාගෙන තිබෙන්නේ ඉස්ලාම් ආගම වැළඳගත් හිටපු භික්ෂූන් වහන්සේලා පිරිසක් බවත් ඔවුන් අතේ සියලු පන්සල්වලට කුරාන යැවිය හැකිනම් ඕනෑම අවස්ථාවක බෝම්බ උවද යැවීමේ …

අමරපුර සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කෙරේ

අමරපුර-රාමඤ්ඤ නිකායන් එක්වෙයි (16.08.2019 – 16:52 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන් අද (16) එක් සංඝසභාවක් බවට පත්කෙරුණි. මේ අනූව එම නිකායන් ‘ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ ලෙසින් අද සිට ක්‍රියාත්මක වනු ඇත. අති පූජ්‍ය වැලිතර ඥානවිමලතිස්ස මහ නා හිමියන් බුරුමයේ අමරපුරයේදී උපසම්පදා වී මෙරටට වැඩම කොට …

තලාවේ ආනාරක්ෂිත දුම්රිය හරස් මග ගිය වෑන් රථය දුම්රියේ ගැටෙයි

(16.08.2019 – 14:16 +0530 – hirunews.lk/sinhala) තලාව දුම්රිය ස්ථානයට යාබද දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරමින් තිබූ වෑන් රථයක් ඊයේ (15) රාත්‍රියේ දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. තලාව දුම්රිය ස්ථානයට හා දුම්රිය ස්ථානය පිටුපස පිහිටි ගම්මානයට ගමන් කිරීම සඳහා ඇති මෙම දුම්රිය හරස් මාර්ගය ඔස්සේ නගරය දෙසට ගමන්කරමින් …

සතුරා ගැන අධ්‍යයනය කර ඇතැයි හමුදාපති කියයි

(15.08.2019 – 12:23 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී මුහුණදිය යුතු සතුරා පිළිබඳව නිවැරදි අධ්‍යනයක් සිදුකර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. මහනුවරදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘ආනමාලු රංග’ගේ ඝාතනයට අදාළව කඩු දෙකක් සමඟ පුද්ගලයින් 3 ක් STF අත්අඩංගුවට (16.08.2019 – 08:04 +0530 – sinhala.adaderana.lk) ග්‍රෑන්ඩ්පාස් …

පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණය නිවැරදියි – සරත් ෆොන්සේකා

(13.08.2019 – 17:59 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා භාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණය නිවැරදි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. අද (13) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් …