Category «නීතිය සහ අධිකරණ»

පාර්ලිමේන්තුවේදී ඇමති සුසිල් එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය පට්ටා පතුරු ගහයි.. හවුල් ආණ්ඩුව අවුලෙන් අවුලට….

(01.11.2017 – 22:29 +0530 – lankacnews.com) අද දිනයේ ගැසට් කරන ලද ගැසට් නිවේදනය නිසා ලබන ජනවාරියේ පමණ පිහිටුවෙන නව පළාත් පාලන ආයතනයන්ට වන දෙය පාර්ලිමේන්තුවටද වීමට නියමිතව ඇති බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කරයි. ආණ්ඩු ක‍්‍ර‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව ගැන විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය. පසුගිය මහ මැතිවණයට එක්සත් ජාතික පක්‍ෂය …

පළාත් පාලන ඡන්දය ජනවාරි 20-31 දිනයක දී – මැකෝ කියයි

(01.11.2017 – 20:12 +0530 – sinhala.adaderana.lk) පළාත් පාලන ආයතන ඡන්දය විමසීම 2018 ජනවාරී 20 සිට 31 අතර තුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. අද දිනයේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් …

වර්ජය අවසන් වන තෙක් SPCයෙන් බෙහෙත් නොමිලේ

(01.11.2017 – 13:05 +0530 – sinhala.adaderana.lk) රජයේ ඖෂධවේදීන් සංගමය දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසු සැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද දිනයේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතා මගහැරවිමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත …

නව ව්‍යවස්ථාවෙන් බෙඳුම්වාදය ශක්තිමත් කරලා – උදය ගම්මන්පිල මහතා

(01.11.2017 – 13:46 +0530 – sinhala.adaderana.lk) බෙඳුම්වාදය පරාජය කරන්න වර්තමාන ව්‍යවස්ථාවේ පවතින විධිවිධාන යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත් කර බෙඳුම්වාදීන්ගේ බිය නැති කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් …

හැම රටකටම ෆෙඩරල් ගැලපෙන්නේ නැහැ – මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි

(01.11.2017 – divaina.com) ෆෙඩරල් රාජ්‍ය සංකල්පය නරක එකක්‌ නෙවෙයි. ඒත් ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නේ ඒ ඒ රටවල් හැටියට. ඇමරිකා එක්‌සත් ජනපදය එකතුවෙලා කරන රටක්‌. ඒ ක්‍රමයට ඒ අය දියුණුවෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවත්, ඒ රටවල් එහෙම දියුණු වුණා කියල ෆෙඩරල් ක්‍රමය අපි හැමෝම බාරගත යුතුය කියල දෙයක්‌ නැහැ. ඒ වගේම හැම රටකටම ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නෙත් …

ශ්‍රී ලංකාවට පැමිණි පැබ්ලෝ මහත්තයාගේ අමන අනතුරු ඇඟවීම – කීර්ති වර්ණකුලසූරිය විසින්

(01.11.2017 – divaina.com) පැබ්ලෝ සී. ග්‍රෙයිස්‌ නමැති එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරටට පැමිණියේය. දින 14 ක්‌ මෙරට ගත කළේය. ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබමින් පිංපඩියක්‌ ලබන හිටපු කැරලිකරුවකු පැවසුවේ පැබ්ලෝ මහත්මයකු බවයි. ඩොලර් කාක්‌කකු හැඳින්වූ මේ අපූරු මහත්තයා පසුගිය 23 දා ප්‍රකාශයක්‌ කළේය. මානව හිමිකම් කඩකළ අය රණවිරුවන් නොවෙයි යෑයි ඔහු කීවේය. ඔවුන්ට අධිකරණය හමුවට ගෙනයැමට …

කළුතර – අළුත්ගම බස්‌ රථවලදී කාන්තාවන්ට ලිංගික හිංසා

(01.11.2017 – divaina.com) මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල් කාලයට වඩා සවස 5.00 න් පසු මෙම බස්‌රථවල මෙවැනි පුද්ගලයන් රංචු ලෙසින් ගමන් ගන්නා බවට තොරතුරු ලැබී තිබේ. කාර්යාල නිලධාරිනියන්, ඇඟලුම් ආයතනවල …

අනිකා විඡේසූරිය මහත්මියට මරණ තර්ජන කළේ නෑ – ෂමිල් නෙත්ති කුමාරගෙන් අයිතිවාසිකම් පෙත්සමක්‌

(01.11.2017 – divaina.com) අනිකා විඡේසූරිය මහත්මිය භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව සාක්‍ෂි දුන් නිසා තමා ඇයට මරණීය තර්ජනයක්‌ කළැයි ඇගේ සොහොයුරා කළ පැමිණිල්ලක්‌ මත රහස්‌ පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බැවින් එය වළක්‌වාලන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු වන දොන් ෂමිල් නෙත්තිකුමාර මහතා ඊයේ (31 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට …

කල් ඉකුත් වූ ඖෂධ යළි වෙළෙඳපොලට නිකුත් කෙරෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ගබඩාව

(31.10.2017 – 20:42 +0530 – hirunews.lk/sinhala) පොදු ව්‍යවසාය පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හේවත් කෝප් කමිටු සාමාජිකයන් පසුගිය 2016 වසරේ ජුනි මස 22 වන දින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් කැලණිය ගෝනවල ප්‍රදේශයේ පිහිටි ඖෂධ ගබඩාවක් නීරීක්ෂණය කළා. එහිදී හෙළි වූයේ ප්‍රමිතියෙන් තොර මෙන්ම කල් ඉකුත් වූ රුපියල් කෝටි 30 ක පමණ වටිනාකමින් යුත් ඖෂධ තොග …

රජයේ තීන්දුව වෛද්‍ය නිලධාරීන් පිළිගැනීම ගැන සතුටු වෙනවා

(31.10.2017 – 16:27 +0530 – sinhala.adaderana.lk) සයිටම් සඳහා රජයෙන් ලබා දුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිගැනීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුගේම සිහිනය වන්නේ, වෛද්‍යවරයෙකු ලෙස මුලික සුදුසුකම් සපුරා පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයෙකු වීම බව ද සඳහන් කර ඇති නෙවිල් ප්‍රනාන්දු …