අවි ගබඩාව කඩා ගිනි අවි තොගයක් පැහැර ගනිති…

(22.09.2017 – 08:40 +0530 – lankacnews.com) වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අවි ගබඩාව කඩා ගිනි අවි පහක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විල්ගමුව පොලිසිය කියයි. ඊයේ (21) මධ්‍යම රාත‍්‍රියේ දී පමණ අවි ගබඩාව කඩා ටී 56 වර්ගයේ ගිනි අවි 01 ක්, රීපීටර් වර්ගයේ ගිනි අවි 2 ක් හා ශොට් ගන් 2 ක් සොරගෙන ඇතැයි පොලිසිය කියයි. …

නූගත් දේශපාලනඥයින්ට නිසි අවස්ථාවේදී ජනතාව පිළිතුරු ලබා දෙනු ඇති – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

(21.09.2017 – 19:51 +0530 – hirunews.lk/sinhala) භික්ෂූන් වහන්සේට අශීලාචාර ලෙස කතා කළ නූගත් දේශපාලනඥයින්ට නිසි අවස්ථාවේදී ජනතාව පිළිතුරු ලබා දෙනු ඇති බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ දූෂණ විරෝධී පෙරමුණ අද පස්වරුවේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. ************************************** ටිපර් රථ අනතුරින් අයෙක් මරුට (21.09.2017 – 14:55 +0530 – lankadeepa.lk) මාලබේ …

ජනාධිපතිතුමනි මේ පිස්සා එළවන්න..! විරූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල් තන්ත්‍රි-මැලවෙ ‘පිස්සා’ කෙළිය ‘පිස්සු 18 ක්’ හෙළිකරමින් විශ්මලන්ත ජනපතිට ලිපියක්

(22.08.2017 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : විජාතික විරූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් වන සිර-තු තන්ත්‍රි-මැලවෙ නමැත්තා තමාට ‘සර්‘ කොටස හයියෙන් කියා සුබ පැතුවේ නැති නම් සේවකයන්ගෙන් පලි ගන්නා ජාතියේ ‘පිස්සෙක්‘ බවත් මේ ‘උම්මත්තකයා‘ කර ඇති එවැනි ‘පිස්සු 18 ක්‘ හෙළිකරමින් ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලා විරූපවාහිනී සේවකයන් විසින් විශ්මලන්තයේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමැතිවරයාටත් යවන …

උමාඔයේ විනාශයෙන් කිරිඳි ඔය අඹදන්ඩේගමින් ගිලා බසියි

(20.09.2017 – lankatruth.com) විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට කිරිඳි ඔය, අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තාවේ. එම ප්‍රදේශයෙන් කිරිඳි ඔයේ විශාල කුහරයක් ඇතිවී ජලය සම්පූර්ණයෙන්ම ඒ තුළට ගිලාබහිමින් තිබේ. මෙම ප්‍රදේශය විශාල භූගත හුණුගල් තට්ටුවලින් පිරී ඇති බවත් විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා භූ ඝර්භයේ ඇති ජලය කාන්දු වීම නිසා භූ අභ්‍යන්තරයේ ගිලා බැසීම් …

කොටහේන අලුත් මාවත දින 3 ක් වැසෙයි

(21.09.2017 – 22:08 +0530 – sinhala.adaderana.lk) කොටහේන අලුත් මාවත මාර්ගයේ අලුතින් ජලනල එලීමේ ව්‍යාපෘති කටයුත්තක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් හෙට (22) රාත‍්‍රී 9 සිට 25 වන දා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලීසිය පවසයි. මෙම ජලනල එලීමේ ව්‍යපෘතිය හේතුවෙන් කොටහේන අලුත් මාර්ගය වසා තැබෙන බැවින් …

කේමදාස දියණියගෙන් මැසිවිල්ලක්

(20.09.2017 – lakbima.lk) ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි තරම්. මොකද ඔහු තමන්ගේ අනන්‍යතාවය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරලයි මෙලොවින් නික්ම ගියේ. ඉදිරි මාසයේ යෙදෙන කේමදාසයන්ගේ නව වැනි ගුණ සැමරුම නිමිත්තෙන් සුවිශේෂී කටයුත්තකට ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ප්‍රමුඛ කේමදාස පදනම මේ දිනවල සූදානම් වෙනවා. …

පනතට සහාය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කරන්නයි… – ජනතා විමුක්ති පෙරමුණ

(21.09.2017 – lankatruth.com) “සෑම අවස්ථාවකදීම පළාත් සභා 09ම එකම දිනයකද පවත්වන්න බැරි වෙන්න පුළුවන්. එක් එක් පළාත් සභාවල දේශපාලන බල හුවමාරුව මත එය වෙනස් විය හැකියි. එය එසේ තිබියදී වසර 2ක් වැනි කාලයකදී අවස්ථා 06කදී ඡන්දය පැවැත්වීම වැනි විශාල විකෘතියක් නොවිය යුතු බව අපගේ හැඟීමයි. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන අත්දැකීම මධ්‍යම ආණ්ඩුවේ බලය මත තමයි …

මංගල ඇඳුමින් ගිනස් වාර්තාවක් තැබු මහනුවර මනාලිය

(21.09.2017 – 16:12 +0530 – hirunews.lk/sinhala) ලොව දිගම ඔසරි පොට සහිත ඔසරියක් හැඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීම අරමුණු කරගත් මනාලියක් පිළිබඳ මහනුවරින් වාර්තා වනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම මනාළියගේ ඔසරි පොටේ දිග මීටර් 3200 ක් බවයි. මීට ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ඉන්දීය කාන්තාවක් වන අතර ඇයගේ සාරි පොටේ දිග මීටර් 2800 …

කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංගට ඈපලය උඩ ඇප ලැබීම රාජ්‍ය සේවකයන්ට යම් අස්වැසිල්ලක්…

(21.09.2017 – 12:40 +0530 – lankacnews.com) පසුගිය රජය සමයේ ක‍්‍රියාත්මක කරන ලද බෞද්ධ උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රීලංකාවේ 5 විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තම ලේකම් කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංග මහතා විසින් ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධව නිකුත් කලේය. —————————— සිල් රෙදි ව්‍යාපෘතියේ මුල …

නීතිපති ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට….

(21.09.2017 – 14:10 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය. පසුගිය සති අන්තයේ අපි අනාවැකි හතරක් පල කළා. ඒ තමයි : 1) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසි වන සංශෝධනය ජනමත විමසුමකට යොමු කරන බව 2) ආණ්ඩුව විසි වන සංශෝධනය විවාදයෙන් ඉවත් …