විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි කිහිපයක්

(19.07.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ සිදුකළ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා. පුරාවිද්‍යා බලධාරීන් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට සැක කළහැකි ස්ථූපයක් පිළිබඳවත්, ඒ අනුව කරුණු හෙළිදරව් වී ඇති බවයි. සේරුවිල එක් කෙළවරක පිහිටි ඓතිහාසික විල්ගම්වෙහෙර …

බැඳුම්කර වංචාවට වඩා නාකොටික් ගේම බරපතලද? – ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(19.07.2020 – divaina.com) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පාතාලය සමග එක්වී තම භාරයේ තිබූ හෙරොයින් බෙදාහැරීම සමාන කළ හැක්කේ මහබැංකු බැඳුම්කර කොල්ලයට පමණි. මහබැංකු වංචා හරහා ජනතාව දෙවරක් කොල්ලකෑ, එජාපය නායකත්වය දුන් යහපාලන රජය කළ ‘හපන්කමට’ පොලිසිය අභියෝග කර තිබේ. මහ බැංකුව කොල්ලකාපු රටක පොලිසිය හෙරොයින් විකිණීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබලවීය යුතු නැත. මහබැංකු …

පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කෙරේ – ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම අනිද්දා (20)

(18.07.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala) පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මස 27 වනදා වඩාත් සුදුසු දිනය බවට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහෙත්, එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල දූ දරුවන් පමණයි. මහමැතිවරණයෙන් පසුව …

කොරෝනා රාජකාරීවලින් ඉවත් වූ, සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණාත්මක සාකච්ඡාවක

(18.07.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගත පාලනයට අදාළව රාජකාරීවලින් ඊයේ (17) සිට ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මේ වන විට රැස්වී තිබෙනවා. ඔවුන් මෙලෙස එම රාජකාරීවලින් ඉවත්ව ඇත්තේ කොරෝනා රාජකාරීවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලතල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්. මේ අතර, …

මහ බැංකුවට හෙළි නොකළ ETI ගිණුම් ගැන කරුණු අනාවරණය වෙයි

(17.07.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යමින් ඒවායේ මුදල් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ඊ.ටී.අයි. සමාගමට අනුබද්ධ ආයතනවල පෞද්ගලික පරිහරණය සදහා යොදා ගෙන ඇති බවට අද (17) කරුණු අනාවරණය වුණා. ඒ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිසමේ …

පොලීසිය දැනුවත් කර තිබියදීත්, දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභාව ඩෝසර් කෙරේ – විමර්ශනයට කමිටුවක්

(17.07.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala) පළමුවරට කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. එම රාජ සභාවේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට පසුගිය 6 …

නාලක සිල්වා දෙවන දිනටත් පාස්කු කොමිසමේ සාක්ෂි දෙයි

(17.07.2020 – 08:33 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තද ඒ පිලිබදව දිවයිනේ සෙසු පොලිස් ස්ථාන දැනුවත් නොකළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය භාරව සිට වැඩ තහනමට ලක්වු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඊයේ (16) පිළිගත්තා. ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ …

අඟුලානේ පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වය පාලනය කරයි – ආරක්ෂාවට එස්.ටී.එෆ් කැඳවයි

(16.07.2020 – 15:53 +0530 – hirunews.lk/sinhala) අගුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳ හා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා. පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16) පස්වරුවේ පොලීසිය දෙසට ගල් මුල් …

කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගැන අලුත්ම තත්වය මෙන්න

(16.07.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala) කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 533 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2674 ක්. ඊයේ (15) දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වන කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා …

පළාගිය බවට සැක සහරාන් කල්ලියේ සාමාජිකාව සාරා ගැන අලුත්ම කතාව මෙන්න

(15.07.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදුවු බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පුද්ගලයෙකු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. සයින්දමරුදු ප්‍රහාරය අතරතුර එම ස්ථානයෙන් පළාගිය බවට සැකකෙරෙන සහරාන් කල්ලියේ සාමාජිකාවක පිළිදව ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි. පසුගිය වසරේ පාස්කු දින කතෝලික, ක්‍රිස්තියානි …