Category «පරිසර දූෂණ – විනාශ»

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා ?

(24.06.2019 – ada.lk) නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි …

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින 2 ක දුම්රිය වර්ජනයක්

(19.06.2019 – 07:31 +0530 – hirunews.lk/sinhala) දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක (02) සංකේත වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ …

ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය ! – කොන්ග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබුණේ 2018 අගෝස්තු මාසයේ

(09.06.2019 – divaina.com) ‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවට අදාළ අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’ නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකාවට අදාළව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප‍්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි නිවැරදි කිරීම සඳහා වන නව …

විල්පත්තුවට මායිම් වූ අන්තවාදීන්ගේ කල්ලාරු රක්‍ෂිතයේ කොල්ලය

(09.06.2019 – divaina.com) විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතය වෙත පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ ඇතුළු වූ මුස්ලිම් මවුලවිවරයෙකු ඇතුළු පිරිසක් හොර රහසේම නිවාස තිහක් පමණ ඉදිකිරීමට ගෙපල් කපා ඇති අන්දම ප‍්‍රදේශයේ සේවය කළ යුද හමුදා නිලධාරීන් විසින් දැක තිබේ. මෙසේ එළි පෙහෙළි කරන ලද අක්කර දෙකක පමණ වූ ප‍්‍රදේශයක සිටි එම පිරිස් පලවා හැරීමට ද එම …

ඇමති බදියුදීන් වත්කම් උපයාගෙන ඇති ආකාරය ගැන පොහොට්ටුවෙන් අනාවරණයක්

(26.05.2019 – 21:17 +0530 – hirunews.lk/sinhala) විවිධ අකටයුතුකම් සිදුකරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අද වන විට රුපියල් බිලියන ගණනක වත්කම් උපයා ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව සදහන් කළා. නිදහසින් පසු ඥානසාර හිමි මහනුවරට (26.05.2019 – …

පරිසරය මුලට ජාතික ආරක්ෂාව දෙවැනි තැනට… රිෂාඩ් ගේ කොළණියේ ඇත්ත කතාව

(19.05.2019 – lankaleadnews.com) යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප‍්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැන් පිළිගෙන ඇත. ඔහුගේ අණින් මන්නාරම මුසලි ප‍්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ කල්ලාර් මහ කැලයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉදි කර තිබේ. මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද …

‘තුරුලිය වෙනුවෙන් අපි’ විල්පත්තුවට

(18.05.2019 – 12:45 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා යුද හමුදාව මනුසත් දෙරණ හා රිට්ස්බරි එක්ව සංවිධාන කරන ‘තුරුලිය වෙනුවෙන් අපි’ විල්පත්තුවේ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර අද (18) ආරම්භ වුණි. ඒ අනුව අද දිනයේ පළමු පියවර වශයෙන් පැළ හය දහසක් විල්පත්තු මරිච්චකඩ්ඩි ඇතුළු ස්ථාන 03 ක රෝපණය කිරීම සිදුවෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ …

‘විල් පත්තුව’ වනසා හදපු Jassim City කාටද ?

(12.05.2019 – divaina.com) ‘විල්පත්තුව’ නමින් ජාතික උද්‍යානයක් අපට ඇත. එනමුත් විල්පත්තුව කිවූ සැණින් අපට සිහිවන්නේ විල්පත්තුවේ වන විනාශයයි. නැතහොත් වනාන්තර විනාශ කර හැදූ ජනාවාසයි. 2014 වසරේදී විල්පත්තුවේ අනවසර පදිංචිකිරීමක් වාර්තා විය. පදිංචිය සිදුවූයේ විල්පත්තුව ජාතික උද්‍යානයේ උතුරු සීමාව නිමාවන ‘මෝදරගං ආරු’ ඔයෙන් එගොඩ භූමියේය. මේ පිළිබඳව පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හා භික්‍ෂූන් වහන්සේ රජයට කරුණු පන්වා දුන් …

අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසල කන්ද නිසා ජනතාවට පීඩා

(19.04.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala) සීතාවකපුර නගර සභාවට අයත් අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කන්ද නායයාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් 8 කට නිවෙස්වලින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එම පවුල්වල පදිංචි පුද්ගලයින් පවසන්නේ පදිංචි ස්ථානවලින් ඉවත්ව යාමට තමන්ට නොහැකි බවයි. සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එක්රැස්වන කසළ බැහැර …

ඩෙංගු නිසා ගාල්ල-හිරිඹුරේ නොසන්සුන් වෙයි

(12.04.2019 – 18:39 +0530 – sinhala.adaderana.lk) ඩෙංගු රෝගය වැලදීමෙන් එකම පවුලේ ළමුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ගාල්ල, හිරිඹුර ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඉදිකෙරෙමින් පවතින පෞද්ගලික රෝහලක ගොඩනැඟිල්ලක එක්රැස් වන ජලය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. විරෝධතාකරුවන් ගාල්ල-කරාපිටිය …