Monthly archives: අප්‍රේල්, 2018

කූඨ ජාවාරමක් ගැන රේගුව අනතුරු අඟවයි

(22.04.2018 – 07:56 +0530 – hirunews.lk/sinhala) ෆේස්බුක් සහ සමාජජාලා මාධ්‍ය ඔස්සේ ලොතරැයි මගින් තමන්ට විවිධ ත්‍යාග හිමි වී ඇති බව පවසමින් රේගුව හරහා එම ත්‍යාග එවීමට මුදල් ලබා ගන්නා කූඨ ජාවාරම්වලට හසු නොවන ලෙසට ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය කාලසීමාව තුළ දී විදේශගතව සිටින බව හඟවමින් ජයග්‍රහණවලින් හිමි වූ ත්‍යාග එවීමට විවිධ මුදල් …

පන්සලට ලැබුන මුදල් ආධාර ආණ්ඩුව උදුරාගෙන.. පන්සල් හදන්න අවසර ගන්න පනතක්.. – මහින්ද රාජපක්ෂ

(22.04.2018 – 15:00 +0530 – lankacnews.com) එදා 1977 දී නිදහස් පක්ෂය ලැබූ පරාජයෙන් පසුව පොලීසියට සතියක් නිවාඩු දුන් එක්සත් ජාතික පක්ෂය අද ඊටත් එහා ගොස් එෆ්. සී. අයි. ඩී කියා අලුතෙන්ම පොලීසියක් හදාගෙන රිසිසේ දේශපාලන දඩයම කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. වසර තුනකට පෙර ඇරඹුණ ඒ දේශපාලන දඩයම අදටත් නිමා කර …

හිරු සී.අයි.ඒ : තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයිකාවගේ වංචාව

(21.04.2018 – 21:10 +0530 – hirunews.lk/sinhala) රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට ට්‍රැක්ටර් රථ හා ගොයම් කපන යන්ත්‍ර ලබා දෙන බව පවසමින් තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර තිබෙනවා. අද හිරු සී.අයි.ඒ අනාවරණය එම මහා පරිමාණ වංචාව පිළිබඳවයි. තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය ලෙස කලක පටන් සේවය කලේ …

අද (21) උදෑසනම තරුණයෙකු මරු තුරුළට රැගෙන ගිය මාරක රිය අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

(21.04.2018 – 12:43 +0530 – hirunews.lk/sinhala) කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී අද (21) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. යතුරු පැදිය කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය කර ඇති අතර එය මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී මේ අනතුර ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ …

ප්‍රතිපත්ති ප්‍රකාශය පැරදුණොත් පෙරැළියක්

(22.04.2018 – mawbima.lk) පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසයි. එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි බව ද නැතිනම් නව අගමැතිවරයකු හා කැබිනට් …

ෆේස්බුක් හා සමාජ ජාලා තහනම් කිරීම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද.. වහාම රටට හෙළි කරනු..!

(21.04.2018 – 08:02 +0530 – lankacnews.com) වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු ! මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා …

කෝටි දෙකක් වංචා කර, ගුවන් තොටුපළේදී පළා ගිය ගණකාධිකාරිවරිය කෑගල්ලේදී අල්ලයි

(20.04.2018 – 16:45 +0530 – hirunews.lk/sinhala) ගම්පහ ප්‍රදේශයේ බැංකුවක ගණකාධිකාරීවරියක ලෙසට සේවය කරමින් රුපියල් 22,941,349 (දෙකෝටි විසිනව ලක්ෂ හතලිස් එක්දහස් තුන්සිය හතලිස් නවයක) මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශණයකින් අනතුරුවයි. සැකකාරිය පසුගිය 18 වනදා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇති …

විමල් තීරණාත්මක තැනකට.. ඒකාබද්දට දැඩි විරෝධය..

(21.04.2018 – 00:06 +0530 – lankacnews.com) 13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය : විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව …

උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජන

(17.04.2018 – colombotoday.com) උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය අප්‍රේල් 10 වනදා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන නිරීක්ෂණය කිරීම සඳහායැයි පවසමින් එම ප්‍රදේශවල සංචාරය කර ඇත. මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකින් පසුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේ දී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් …

එක නිළියයි – නළුවො තුනයි ‘අනඟ රැගුම මඟ නවතියි’

(20.04.2018 – mawbima.lk) රජරට, මැද පළාත හා දකුණු පළාතේ මන්ත්‍රිවරු තිදෙනා ගජ යාළුවෝය. එකම පාර්ශ්වයේය. රාජකාරියට අගනුවර පදිංචිව සිටින්නේ එකම නිවාස සංකීර්ණයකය. අසැබි චිත්‍රපට නැරැඹීමටත් කැමැතියි. ලස්සන නිළියන් ගැන කතා බහටත් රුචිය. දඟකාර හැඩකාර කටකාර තරුණ නිළියක් ගැන ඔවුහු වැඩියෙන් කතා කරති. ඇගේ ආදර සංග්‍රහ විඳගන්නට ඇත්නම් කීයක් ගියත් කමක් නැතැයි කියති. රජරට මන්ත්‍රි කෙසේ …