Monthly archives: දෙසැම්බර්, 2018

එජාපෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ – මහින්ද රාජපක්ෂ

(23.12.2018 – 19:23 +0530 – sinhala.adaderana.lk) ඉදිරි මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරඟ වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය. කුමන පක්ෂයකින් පැමිණියද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයම වන බවත් ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් මහින්ද රාජපක්ෂ …

ලංකාවට ඇටවූ ජිනීවා උගුල ගැන ඇස් උඩයන කතාවක් ලෝ සුපතල සගරාවක් කියයි..

(23.12.2018 – 03:24 +0530 – lankacnews.com) දෙවරක්ම නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා වූ තුර්කි ජාතික මහාචාර්ය මහමත් ගුසෙල් ලංකීක විද්වතෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා සමග එක්ව පර්යේෂණ ආශ්‍ර‍යෙන් සකස් කරනාලද නිබන්දනයක් සුප්‍රකට ශාස්ත්‍රීය සඟරාවක් වන ‘ද වර්ඩ් ඔෆ් ටර්ක්ස්’ (THE WORL OF TURKS) හී අලුත්ම කලාපයේ පලවී ඇත. ලොව පුරා අධ්‍යාපනඥයින් විසින් පරිශීලනය කරනු ලබන …

අයහපත් කාලගුණයෙන් විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදා සහාය

(23.12.2018 – navy.lk) මෙම දිනවල කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට එම ප්‍රදේශවල සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. එමෙන්ම මේ වන විට ඩිංගි යාත්‍රා 09 ක් සහිත නාවික …

අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් සැමට කඩිනමින් සහන සලසන ලෙස ජනපති උපදෙස් දෙයි

(23.12.2018 – pmdnews.lk) අධික වැසි සහ ගංවතුරෙන් විපතටපත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ගංවතුර තර්ජනය පහවයනතෙක් තර්ජිත ප‍්‍රදේශවල වැසියන් සියලු දෙනාවෙත අවශ්‍ය සියලු පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන්අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශවලට …

නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනපති අවධාරණය කරයි

(22.12.2018 – pmdnews.lk) නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමිනි. නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා …

ඇමරිකානු ගුවන් සැපයුම් මධ්‍යස්‌ථානයක්‌ ත්‍රිකුණාමලයට

(22.12.2018 – divaina.com) ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ගුවන් සැපයුම් මධ්‍යස්‌ථානයට ස්‌ථාපිත කරන්නේ ත්‍රිකුණාමලයේ බව ඇමරිකානු සත්වැනි නාවික හමුදාවේ සන්නිවේදන විශේෂඥ ග්‍රාන්ට්‌ ග්‍රේසි විසින් මුල්වරට හෙළිකර ඇත. මේ සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට පසුගිය අගෝස්‌තු මස ඇන්කරෝඡ් නැව ත්‍රිකුණාමලය වරායට පැමිණ විමර්ශනයක යෙදී තිබේ. මේ සැපයුම් මධ්‍යස්‌ථානය වෙතින් ඉන්දීය සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු යුද නැව්වලට සැපයුම් …

කැබිනට් නොවන – රාජ්‍ය – නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

(21.12.2018 – 19:29 +0530 – sinhala.adaderana.lk) නව රජයේ කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (21) සවස සිදු විය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මන්ත්‍රීවරු දිවුරුම් දෙනු ලැබීය. දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි : කැබිනට් නොවන අමාත්‍යවරු : හර්ෂ ද සිල්වා මහතා – පොදු සැපයීම් …

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ කටයුතු ප‍්‍රමාද වීමට බල පෑ කරුණු රැසක් අනාවරණය කෙරේ …

(21.12.2018 – pmdnews.lk) මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පෙන්වා දෙති. මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරික්ෂණ කටයුතුවල වත්මන් ප‍්‍රගතිය සහ ඉදිරි …

පොහොට්ටු ජනහමු 25,000 ක් රටපුරා..

(21.12.2018 – 17:30 +0530 – lankacnews.com) මුළු රටම ආවරණය කරමින් සෑම ගමක්ම නියෝජනය වන පරිදි ස්ථාන 25,000 ක දී මහජන කථිකා මාලාවක් දිවයින පුරා පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හෙතෙම මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුසංවිධාන නියෝජිතයන් හමුවේ කරුණු පැහැදිලි කරමිනි. ඊළඟ ජාතික …

සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

(20.12.2018 – 16:55 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ පසුගිය 16 වනදා ගොඩකවෙල නගරයේදී මෙම පහරදීම සිදුව ඇති …