Category «විශේෂ නිවේදන»

කොටහේන අලුත් මාවත දින 3 ක් වැසෙයි

(21.09.2017 – 22:08 +0530 – sinhala.adaderana.lk) කොටහේන අලුත් මාවත මාර්ගයේ අලුතින් ජලනල එලීමේ ව්‍යාපෘති කටයුත්තක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් හෙට (22) රාත‍්‍රී 9 සිට 25 වන දා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලීසිය පවසයි. මෙම ජලනල එලීමේ ව්‍යපෘතිය හේතුවෙන් කොටහේන අලුත් මාර්ගය වසා තැබෙන බැවින් …

”මට සෙමින් යන්න ඉඩ දෙන්න…!” ජනාධිපති එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි..!!

(20.09.2017 – 23:45 +0530 – lankaenews.com) ජනතාවගේ සමගිය ඇති කරලා ඒ සමගිය තුළ සහෝදරත්වය ගොඩනගලා තමාගේ ආදරණීය රටත් ජනතාවත් ගොඩ නගන්නට, තමන් සෙමින් නමුත් සාර්ථකව යන ගමනට අවශ්‍ය සහයෝගය දෙන්නැයි ජනාධිපති වරයා එක්සත් ජාතීන්ගෙන් අද ඉල්ලා සිටියේ ය. එක්සත් ජාතීන්ගේ 72 වන නායක සමුළුවට සහභාගී වීමට නිව්යෝර්ක් නගරයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …

මෙරට සෑම ලක්‍ෂයකින්ම 82.1 ක්‌ පිළිකාවට ගොදුරු වෙනවා – විශේෂඥ වෛද්‍ය සුරාඡ් පෙරේරා

(20.09.2017 – divaina.com) මෙරට ජනගහණයෙන් සෑම ලක්‍ෂයකින්ම 82.1 දෙනකු පිළිකාවකට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සුරාඡ් පෙරේරා මහතා පවසයි. පිළිකාවන්ගෙන් 1/3 ක්‌ ප්‍රතිකාර හරහා සුවපත් කළ හැකි නමුදු පිළිකාවන්ට ගොදුරුවීමෙන් මිය යන සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වෙමින් පවතින බව වෛද්‍ය පෙරේරා කීවේය. 2016 වසරේදී මෙරට ජාතික පිළිකා මර්දන වැඩසටහනට අයත් ආයතනයන්හී ලියාපදිංචි …

නව දේශීය ආදායම් පනතේ බදු අයකිරීම් ලබන වසරේ අප්‍රේල් 1 සිට

(13.09.2017 – 16:55 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව දේශීය ආදායම් පනත මගින් අයකිරීමට නියමිත සියලුම බදු ලබන වසරේ (2018) අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට තිබූ නව දේශීය ආදායම් බදු පනතේ ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද මෙම …

සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට

(12.09.2017 – 18:58 +0530 – lankadeepa.lk) බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා සිට ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ අනුව එම ප‍්‍රදේශයේ කාර්යාලවල සේවය කරන්නන්ට උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා කාලය ඇතුළත කැමති පැය 8 ක …