Category «විශේෂ නිවේදන»

තැපැල් වර්ජනය නිසා 1 ශ්‍රේණියට අයදුම් පත් බාර ගන්නා අවසන් දිනය දිගු වෙයි

(18.06.2018 – 16:45 +0530 – sinhala.adaderana.lk) 2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම් පත් භාරගන්නා අවසන් දිනය, පවත්නා තැපැල් වර්ජනය සැලකිල්ලට ගනිමින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව, ජුනි මස 30 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ 2019 වසරේ පළමු ශ්‍රේණියට …

සෝමගුණ පිරි සෝමවීර සේනානායක දැයෙන් සමුගනී

(09.06.2018 – News e Lanka) ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සම්මානනීය නවකතාකරුවෙකු, සිංහල ටෙලිනාට්‍ය තිරකතා රචනයේ ආරම්භකයෙකු මෙන්ම පතාකයෙකු වූ සෝමවීර සේනානායක මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය. ඔහු සති දෙකක පමණ කාලයක සිට අසනීපව රෝහල්ගතව හිඳිමින් ප්‍රතිකාර ලබද්දී අභාවප්‍රාප්ත වී ඇත. සිංහල ජන සමාජය දෝතින් තුරුළු කර ගත් …

ටෙලි නිර්මාණ අලෙවි කිරීමේදී රඳවා ගැනීමේදී බද්ද අය නොකිරීමට ජනපතිගෙන් උපදෙස්

(06.06.2018 – 16:08 +0530 – hirunews.lk/sinhala) ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී 14% ක රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අමාත්‍ය මංගල සමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා. නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙසට අර්ථකථනය කිරීම හේතුවෙන් ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේ දී 14% ක බදු මුදලක් අය …

සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට පිබුරුපත් සැකසීමක්…?

(06.06.2018 – 18:48 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා පරිවර්තන සමූහය / ෆේස්බුක් පරිවර්තන සමූහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : පසුගිය සමයේ රජය විසින් ජනමාධ්‍ය මර්ධනය විවිධාකාර ක්‍රියාමාර්ග මුවාවෙන් පටන්ගනිමින් ඇති බව පෙනී යයි.විශේෂයෙන්ම පසුගිය දිනවල රටේ ඇතිවුන කලබලකාරී තත්වයකට මුවාවෙන් සමස්ත මුළු මහත් ශ්‍රී ලංකාවටම අවහිර වන පරිදි ෆේස්බුක් ආදී සමාජ …

සල්ලි ගත්තේ කවුද ? – ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

(05.06.2018 – 07:32 +0530 – hirunews.lk/sinhala) මහබැංකු බැඳුම්කර වංචාව සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පුද්ගලයින් පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. අද දිනයේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව කථානායක කරු ජයසූරිය වෙත දැනුම් දීමට සූදානමින් සිටින බවයි ඒකාබද්ධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට …

ශ්‍රීලනිපයේ පුටු තාවකාලිකව වෙනස් වෙයි

(03.06.2018 – 11:43 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනු බව ජනාධිපති මාධ්‍ය අංශය …

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක්

(02.06.2018 – 17:18 +0530 – sinhala.adaderana.lk) දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක් නිර්මාණය කිරීම සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව දැන් සිටියා ඇති බවත් ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙසයි. මේ වන විට …

බැඳුම්කර හොරුන් වසර 30 ක් සඟවාලන උත්සාහයක් – කැෆේ සංවිධානය හෙළිකරයි

(01.06.2018 – nethnews.lk) බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් ලේඛන ප‍්‍රසිද්ධ කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් වන බව කැෆේ සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ දැනට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින අදාළ ලේඛන වසර 30 ක් සඟවා තැබීමේ උත්සයක් ක‍්‍රියාත්මක බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාවේ …

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (01.06.2018) ජල කප්පාදුවක්

(31.05.2018 – 16:01 +0530 – hirunews.lk/sinhala) කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (01.06.2018) පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට රාත්‍රී 7 සිට ලබන සෙනසුරාදා පෙරවරු 7 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ පෑලියගොඩ, ජා-ඇල, වත්තල …

හෙට (29) සවස 04:00 සිට පැය 48 ක දුම්රිය වර්ජනයක්

(28.05.2018 – 16:13 +0530 – sinhala.adaderana.lk) වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල් කර ගනිමින් හෙට දිනයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසයි. එම කමිටුවේ සභාපති පී. සම්පත් රාජිත මහතා සඳහන් කළේ හෙට සවස 04.00 සිට ලබන 31 වන දින සවස 04.00 …