Category «විශේෂ නිවේදන»

සාමාන්‍ය පෙළ සිසුන්ට කඩිනමින් හැඳුනුම්පත් දෙන්න විශේෂ දවසක්

(22.11.2017 – nethnews.lk) මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳනුම්පත් ලබා දීමේ විශේෂ සේවාවක් ලබන 25 වනදා ක‍්‍රියාත්මකයි. එදින උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේදී මෙම සේවාව ක්‍රියාත්මක බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ වනවිට ඉල්ලූම් පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් තැපැල් කරමින් පවතින බවද තැපැල් …

සෙනසුරාදා (25.11.2017) කොළඹ ඇතුළු නගර රැසකට ජලය කැපේ

(22.11.2017 – nethnews.lk) අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (25) උදෑසන 8.00 සිට පසුදා (26) අලුයම 2.00 දක්වා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටවෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස මෙලෙස ජල …

හයිබ්‍රිඩ් වාහනවල ලීසිං පහසුකම 50% සිට 70% දක්වා ඉහළට

(16.11.2017 – 17:20 +0530 – hirunews.lk/sinhala) හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වටිනාකමින් සියයට 50 ක් ලෙසට පැවති ලීසිං පහසුකම සියයට 70 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි මේ බව කියාසිටියේ. මේ අතර ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද ලබා දීමට රජයේ අවධානය යොමුව …

උතුරු දුම්රිය මාර්ගයේ ගමන් සීමාව හෙට (16.11.2017) වනතුරු

(15.11.2017 – 13:46 +0530 – hirunews.lk/sinhala) උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (15) දිනයේ යථා තත්වයට පත්කිරීමට නොහැකි බව දුම්රිය මෙහෙයුම් සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසනවා. මේ වනවිට එහි දුම්රිය ධාවනය අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා. මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජිණ සීග්‍රගාමී දුම්රිය මැදවච්චිය සහ පරසන්ගස්වැව අතර දී ඊයේ …

හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

(05.11.2017 – 10:40 +0530 – lankacnews.com) එළැඹෙන පළාත් පාලන මැතිවණය සදහා සිය ප‍්‍රචාරක වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියළු පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 12 වැනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී සමාරම්භක ජන රැුළිය පැවැත්වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැුළියට ඒකාබද්ද …

INFOTEL -2017 ඇරඹෙයි

(02.11.2017 – biz.adaderana.lk) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (Federation of IT Industry) ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. INFOTEL ප්‍රදර්ශනයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් මෙවර ප්‍රදර්ශනය විදුලි …

ඉන්ධන හිඟයක් ?

(03.11.2017 – 21:08 +0530 – sinhala.adaderana.lk) කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඇති ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝළීම් දක්නට ලැබෙන බව අද දෙරණට වාර්තා වෙයි. මේ හේතුවෙන් මහජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. කෙසේ වෙතත් මේ මොහොත වන විට කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා දමා ඇති ආකාරයක් අපට දක්නට ලැබේ. හෙට දිනයේදී ද මෙම …

එජප-ශ‍්‍රීලනිප එකම ලයිස්තුවකින් එන කතාවෙන් ශ‍්‍රීලනිපය දෙදරයි.. ඡන්දෙට පෙර ආණ්ඩුවේ ඉතිරි පහයි.. අපි එනවා.. කියා ප‍්‍රබල ඇමති සහතික වෙයි..

(02.11.2017 – 15:00 +0530 – lankacnews.com) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ලයිස්තුවකින් ඇතැම් කොට්ඨාශයන්වලට තරග කිරීමට තීරණය කර ඇති බවට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සමග ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් වැඩි පිරිසක් දැඩි ලෙස කලබල වී සිටී. ඊයේ පස්වරුවේ ඒකාබද්ද …

කෙසෙල් කොළෙන් කල්තබාගත හැකි ‘ලන්ච්ෂීට්‌’ මාස 3 ක්‌ කල්තබා ගත හැකියි ; වේලුණු කෙසෙල් කොළවලිනුත් පිගන් – ආචාර්ය සුජාතා වීරසිංහගේ නිපැයුමක්‌

(01.11.2017 – divaina.com) රටටම හිසරදයක්‌ වන ආකාරයට පොලිතීන් කඳු නිර්මාණය වී සුවිශාල පරිසර දූෂණයකට මංපෙත් විවර වූයේ කිසිදු වග විභාගයකින් තොරව කෙරුණු පොලිතීන් අධි භාවිතයයි. අවසානයේ රජයට සිදු වූයේ ෂොපින් බෑග් භාවිතය නීතියෙන්ම තහනම් කිරීමටය. තවත් මාස කීපයකින් එය සක්‍රීයව ක්‍රියාවට නැංවීමට බලධාරීහු සූදානම් වෙති. මේ හා බැඳුණු අනෙක්‌ පුවත මැවෙන්නේ ලන්ච්ෂීට්‌ නම් කෑම දවටනය …

අත හාන්සියි.. ශ‍්‍රීලනිප පුංචි මන්ත‍්‍රීන් 94% ක් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලයි.. නෙළුම් කාර්යාලය පිරී ඉතිරේ….

(25.10.2017 – 15:00 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඉතා විශාල බහුතරයක් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අයදුම් කර ඇත. නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප‍්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටී. දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන ප‍්‍රමාණය 334 කි. එම ආයතන සදහා …