Category «කාලගුණය»

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන සේනාංකයේ භට පිරිස් කඩුවෙල තාවකාලික පාලමක් ඉදිකරයි

(24.05.2018 – 17:23 +0530 – army.lk) අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම බිඳියාමේ අවධානමක් ඇති බව දැනගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (24) දින මධ්‍යාහනයේ 14 වන සේනාංකයේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක විය. පාලම දෙපස ඉවුර කාදනය වී පස්බැම්ම කැඩියාමේ අවධානමක් පවතින …

නිරිතදිගට අදත් වැසි – කළු, කැළණි,ගිං තවමත් සුළු ගං වතුර මට්ටමේ – 119,840 කට තවමත් පීඩා

(24.05.2018 – 07:02 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ …

කාලගුණයෙන් හදිසි නිවේදනයක්

(22.05.2018 – nethnews.lk) හෙට (23) සිට දින 04 ක කාලයක් සදහා වැසි සහිත කාලගුණික තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණු පළාත් වලට මෙලෙස අධික වැසි සහිත කාලගුණික තත්ත්වය බලපානු ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වලට ගාල්ල සහ මාතර …

පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව – කැළණි, කළු, ගිං සහ මාඔයේ ජල මට්ටම් යළි ඉහළට

(22.05.2018 – 13:19 +0530 – hirunews.lk/sinhala) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12 ක පවුල් 10,000 කට අයත් පුද්ගලයින් 38,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර, කළුතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට …

කැළණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට – ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට නිවේදනයක්

(21.05.2018 – 18:39 +0530 – hirunews.lk/sinhala) කැළණි ගඟ දෙපස ඉතා ආසන්නයේ සිටින ජනතාව හැකි ඉක්මණින් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටිනවා. ඒ කැළණි ගඟේ ජල මට්ටම මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන්. වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් පළාත් රැසකට ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන …

නොනැවතුණු අධික වර්ෂාව හේතුවෙන් නොසිතූ ලෙස ප්‍රධාන ගංගා සියල්ලේම හදිසියේ සිදුවූ වෙනස මෙන්න

(21.05.2018 – 14:52 +0530 – hirunews.lk/sinhala) පවතින පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ගංගා සියල්ලම පිටාර මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ අනුව කැළණි ගඟේ, හංවැල්ල සහ කිතුල්ගල ජල මාපක අවදානම් මට්ටමේ පවතින අතර කළු ගඟේ මිල්ලකන්ද ජල මාපකයේ ද පවතින්නේ අවධානම් මට්ටමේයි. කැලණි ගගේ ඉහළ ජල පෝෂකවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල …

අයහපත් කාලගුණයෙන් මරණ 4ක් – ඉදිරි දින කිහිපයේදීත් ගිඟුරුම් සහිත වැසි

(20.05.2018 – 19:28 +0530 – hirunews.lk/sinhala) නිරිතදිග මෝසම් තත්ත්වය තවදුරටත් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදීත් ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ද අද (20) රාත්‍රී කාලයේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය …

රට ආර්ථික වශයෙන් දැඩි පරිහානියකට පත්වෙලා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(11.04.2018 – 18:48 +0530 – sinhala.adaderana.lk) ජාත්‍යන්තර බලපෑම් හමුවේ වර්තමානය වන විට රට තුළ දැඩි දේශපාලනික අර්බුදයක් මතුව ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. මේ හේතුවෙන් රට ආර්ථික වශයෙන් දැඩි පරිහානියකට පත්ව ඇති බව උන්වහන්සේ පෙන්වා දෙයි. අද (11) දහවල් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මේ බව සඳහන් කළේය. රට …

ටොනාඩෝවකින් ගාල්ල, නෙළුව වහලවල් ගැලවී යයි..

(10.04.2018 – 15:50 +0530 – lankacnews.com) ගාල්ල නෙළුව මහකන්ද ප්‍රදේශයට ඊයේ (09) සවස 2.30 පමණ වැස්සත් සමග බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ තේ කර්මාන්තශාලවකට සහ අවට නිවාස කිහිපයකට හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ආඩාරදෙණිය තේ කම්හල් සමුහයේ ප්‍රධාන කාර්යාලයට සහ කර්මාන්තශාලාවට ඉන් දැඩි ලෙස හානි වී ඇත. පරිඝනක ආධාරයෙන් ක්‍රියාකරන තේ නැටි ඉවත් …

විශ්වාසභංගය ජයග්‍රහණය කරන බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි

(01.04.2018 – 22:00 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද සිට ක්‍රියාත්මක වන නව බදු ක්‍රමය පිළිබඳවද මන්ත්‍රීවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා. ++++++++++++++++++++++++++++++++ "විශ්වාසභංග ජයග්‍රහණය …