Monthly archives: දෙසැම්බර්, 2018

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

(20.12.2018 – 09:40 +0530 – sinhala.adaderana.lk) නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මේ වන විට මන්ත්‍රීවරු දිවුරුම් දෙමින් සිටියි. දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා …

නිදහස් පක්ෂ ව්‍යවස්ථාව ගැන මන්ත්‍රී රමේෂ් පතිරණ කතා කරයි

(20.12.2018 – 20:47 +0530 – hirunews.lk/sinhala) වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි නොවන බව පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයකට මහින්ද සමරසිංහගෙන් පිළිතුරු (20.12.2018 – 20:11 +0530 – …

චීනයෙන් ජල බවුසර් 90 ක පරිත්‍යාගයක්

(19.12.2018 – 17:14 +0530 – hirunews.lk/sinhala) චීනය ප්‍රදානය කළ ජල බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා. චීන ආධාර වැඩසටහන යටතේ එම ජල බවුසර් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. පසුගිය කාලය පුරා පැවති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස ලබාදුන් ඒවායේ …

රු. 50,000 ක අල්ලසක් ලබාගැනීමේදීපොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

(19.12.2018 – 18:50 +0530 – hirunews.lk/sinhala) රුපියල් 50,000 ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේදී පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴ කොල්ලුපිටියේ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි (19.12.2018 – 14:07 +0530 – hirunews.lk/sinhala) කොල්ලුපිටියෙන් ඇල්ලූ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි කොල්ලුපිටිය, ක්ලිපර්ඩ් පටුමගේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් …

නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි – නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට (20)

(19.12.2018 – 19:41 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර අද (19) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර, සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක්වූ නියෝජිතයින් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. ඒ …

වැලිමඩ ලංගම පහරදී පුද්ගලික බස් රථ රියැදුරෙකු මරුට

(19.12.2018 – 21:27 +0530 – hirunews.lk/sinhala) වැලිමඩ දී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මරුට වැලිමඩ බස්නැවතුම්පොල අසල දී සිදු වූ පහරදීමකින් පුද්ගලික බස් රථ රියැදුරෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි – යුද හමුදාපති (19.12.2018 – 19:44 +0530 – hirunews.lk/sinhala) උතුරේ …

පිටකොටුවෙන් අහුලා ගත් රු. 190,000 ක මුදලක් පොලීසියට ගෙනැවිත් බාරදෙයි

(18.12.2018 – 18:34 +0530 – lankadeepa.lk) කොළඹ, පිටකොටුව ප‍්‍රදේශයේ මාර්ගයක අද (18) වැටී තිබූ රුපියල් 1,90,000 ක් සහිත මුදල් පාර්සලයක් පදික වෙළඳාමේ නියුතු අයෙක් විසින් අහුලාගෙන කොටුව ප‍්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ. පිටුකොටුවේ මාර්ගයක වැටී තිබූ මෙම මුදල් පාර්සලය හමුවී ඇත්තේ පදික වෙළඳාමේ නිරතව සිටින කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මි මුබාරක් …

මුදල් වංචා කළ කාන්තාව 21 තෙක් රිමාන්ඩ්

(18.12.2018 – 18:32 +0530 – hirunews.lk/sinhala) රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඇය අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ නවගමුව – රනාල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට …

එක්නැලිගොඩ ජීවත්ව සිටිනවා නම් මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – බොදුබල සේනා සංවිධානය

(18.12.2018 – 18:34 +0530 – hirunews.lk/sinhala) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහු මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ජනපතිගෙන් කළ ඉල්ලීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් අද මහනුවරදී අස්ගිරි …

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉඩ නොතබන බව යාපා කියයි

(18.12.2018 – 18:27 +0530 – hirunews.lk/sinhala) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවිටෙකත් ඉඩ ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අහිතකර වගන්ති වෙනස් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ …