Monthly archives: ජූනි, 2019

ආණ්ඩුවට එරෙහි වෙන්න සියලුම කතෝලික මන්ත්‍රිවරු එක් විය යුතුයි – නිමල් ලන්සා

(12.06.2019 – 22:53 +0530 – sinhala.adaderana.lk) ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සියලු කතෝලික මන්ත්‍රිවරු එක් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පක්ෂ මුලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් …

බදියුදීන්ට එරෙහිව ගම්මන්පිලගෙන් චෝදනා 16 ක් ඇතුළත් පැමිණිල්ලක්

(12.06.2019 – 17:30 +0530 – sinhala.adaderana.lk) රටේ පවතින අපරාධ නීතිය අනුව යම් පුද්ගලයෙකුට එරෙහිව ඇති අපරාධ චෝදනා ඕනෑම දිනයක ගොනුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිල්ලක් බාරදීම සඳහා පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී …

මහනාහිමිවරුන් හා අගරදගුරුතුමන්ට දේශපාලන කෑදැත්තන් කියා ඇමති චම්පික අපහාස කරලා..

(11.06.2019 – 16:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : පසුගිය මැයි 31 දා මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාවට විදේශීය හමුදාවන් ගේන්න එපා කියා ඉල්ලීමක් කළා. පෙරේදා පා ච රණවක ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් විදේශ හමුදාවන් ලංකාවට ගේනවා …

හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහරාන් පිළිබඳව දැනුවත් කළා – ජමෙයිතුල්උලමා

(11.06.2019 – 22:49 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් පිළිබඳව CD පටයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබාදුන් බව සමස්ත ලංකා ජමෙයිතුල්උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්.රිස්වි මවුලවිතුමන් ප්‍රකාශ කලා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් මවුලවිවරයා මේ බව ප්‍රකාශ කළා. හිටපු තැපැල් ඇමතිගේ සොහොයුරා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන්ට සහයෝගය දුන්නා – අසාද් සාලි (11.06.2019 …

ඇමති රාජිතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධතා සතියක්

(10.06.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුකර ඇති දැවැන්ත හානිය සැලකිල්ලට ගනිමින් අද සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇමති රාජිතට චෝදනාවක් (11.06.2019 – 21:32 +0530 – hirunews.lk/sinhala) මාලඹේ නෙවිල් ප්‍රනාන්දු …

මැතිවරණයේ ජයග්‍රාහී පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබාදිය යුතුයි – උදය ගම්මන්පිල

(10.06.2019 – 16:44 +0530 – sinhala.adaderana.lk) සුළු පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකදි ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියට 12.5 දක්වා වැඩි කිරිමට කටයුතු නොකර මැතිවරණයේදි ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබා දීමට කටයුතු කළ යුතු බව පිවිතරු හෙළ උරුමය පවසයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසීය. …

සුළු පක්ෂ විසින් නැටවෙන ආණ්ඩු බෑ – උදය ගම්මන්පිල

(10.06.2019 – 09:04 +0530 – lankadeepa.lk) සුළු පක්ෂ නටවන ආණ්ඩු බෑ (රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට ගෙන ආ විශ්වාසභංගය, රතන හිමිගේ උපවාසය, ජාතිකවාදී සංවිධානවල විවිධ මත, පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ තේරීම් කාරක සභාව, බදියුදීන් නගන චෝදනා, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හා හදිසි මහ මැතිවරණ සූදානම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී …

ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි – චම්පික රණවක

(09.06.2019 – 21:36 +0530 – sinhala.adaderana.lk) ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීම බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශලාවේ පැවැති මහාසඟ සමුළුවට සහභාගී වෙමිනි. ‍ මේ අයි.එස් සංවිධානය බිහි වුයේ ඉරාකයේ බවත් අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩි …

ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය ! – කොන්ග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබුණේ 2018 අගෝස්තු මාසයේ

(09.06.2019 – divaina.com) ‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවට අදාළ අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’ නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකාවට අදාළව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප‍්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි නිවැරදි කිරීම සඳහා වන නව …

විල්පත්තුවට මායිම් වූ අන්තවාදීන්ගේ කල්ලාරු රක්‍ෂිතයේ කොල්ලය

(09.06.2019 – divaina.com) විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතය වෙත පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ ඇතුළු වූ මුස්ලිම් මවුලවිවරයෙකු ඇතුළු පිරිසක් හොර රහසේම නිවාස තිහක් පමණ ඉදිකිරීමට ගෙපල් කපා ඇති අන්දම ප‍්‍රදේශයේ සේවය කළ යුද හමුදා නිලධාරීන් විසින් දැක තිබේ. මෙසේ එළි පෙහෙළි කරන ලද අක්කර දෙකක පමණ වූ ප‍්‍රදේශයක සිටි එම පිරිස් පලවා හැරීමට ද එම …