Category «විදෙස් පුවත්»

ඇමරිකානු පුරවැසිභාවය එක දිනකන් ඉවතට.. ගෝටා ජනාධිපතිවරණයට සූදානම්..

(11.06.2018 – 22:28 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය : 19 වන සංශෝධනයෙන් පස්සේ ද්විත්ව පුරවැසියෙකුට ජනපතිවරණයට තරග කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණු බවට බරපතල බොරු ප්‍රචාරයක් සමාජ ජාලා වල පැතිරෙනවා. …

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගන්න නැතිනම් පිටුවහල් කරන්න – ජනාධිපති බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

(10.06.2018 – News e Lanka) ලන්ඩන් පාදක කරගෙන ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස්හි කතුවරයා වන ප්‍රදීප සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙස හෝ ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා ඊයේ (09) බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ යැයි අද (10) සන්ඩේ ටයිම්ස් පුවත් පත සිය මුල් පිටුවේ වාර්තාවකින් හෙළිකර තිබේ. …

ජනාධිපති සංක්‍රාන්තික ලිංගිකයෙකු වෙලා.. කොටින්ගේ කළු සල්ලි දමා ස්වරණවාහිනිය මිලට ගන්න යයි..

(10.06.2018 – 14:10 +0530 – lankacnews.com) ‘ධර්මිෂ්ඨ සමාජයක්’ තොරොම්බල් කරමින් බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන පාලනය අවසානයේ මේ රටේ තරුණ තරුණියන් 60,000 කට දිවි අහිමි කළ අයුරින් ‘ශිෂ්ඨත්වය’ තොරොම්බල් කරමින් බෙදුම්වාදීන්ගේ උවමනාවට රැගෙන එන ‘20 වැනි සංශෝධනය’ ද මෙරට එවැනි ඉරණමක් උදා කර දෙනු ඇති බව ජානිපෙ, නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ‘රටට හතුරු 20 …

කිරිඇල්ල-කබීර් ඇමති දෙබෑයෝ දුම්බර අක්කර 21,000 ක් අල්ලයි.. න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පුරවන්න ගිවිසුමක්..

(06.06.2018 – 03:29 +0530 – lankacnews.com) නකල්ස් කඳුකරයේ දුම්බර අඩවියේ අක්කර 21,000 කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ හිතවතුන්ට ලබාදීම වෙනුවෙන් සිදු වන මහා පාරිසරික විනාශයක් සහ ලෝකයේ තිබෙන න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පිරවීමට අවසර ලබාදෙන සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් හොර රහසේම අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් අපට …

ජනාධිපතිවරණය අහෝසිකර රටට ‘ශික්‍ෂණය’ ගෙන ඒමට අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලට ගත හැකි පුද්ගලයකු ජනාධිපති කිරීමට යෝජනා කරයි..

(05.06.2018 – 15:50 +0530 – lankacnews.com) ශික්‍ෂණයට වඩා සමීප මුළු රටේම ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම ද? නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලට ගත හැකි අර්ජුන් ඇලෝසියස් වැනි පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කර ගැනීම ද? යන ප්‍රශ්නයට ජනාධිපතිවරණය අහෝසිකර රටට ශික්‍ෂණය ගෙන ඒමට යෝජනා කරන ජවිපෙ නායකයා විසින් පිළිතුරු ලබා දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ …

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක්

(02.06.2018 – 17:18 +0530 – sinhala.adaderana.lk) දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක් නිර්මාණය කිරීම සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව දැන් සිටියා ඇති බවත් ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙසයි. මේ වන විට …

වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ශ්‍රී ලාංකිකයන්ට පහර දෙන්න මොන්සැන්ටෝව අත දිග හැර වියදම් කරලා. විකිලීක්ස් පන්නයේ හෙළිදරව්වක්…

(02.06.2018 – 14:10 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල කෘෂිකාර්මික ජනප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගයට ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම නිෂ්පාදනය කරන කෘෂිරසායන හේතුවන බව පෙන්වා දුන් ශ්‍රී ලාංකික පර්යේෂකයන්ට සහ ඔවුන්ගේ පර්යේෂණවලට අපහාස කිරීමට මොන්සැන්ටෝ සමාගම 2014 වසරේ සිට ව්‍යාපෘතියක් දියත් කළ බව “කැරේ ගිලාම්” නම් ගවේෂණශීලී ජනමාධ්‍යවේදිනියක් පළ කල “ වයිට් …

ලංකාවේ තරග පාවාදීමේ කතාව දුරදිග යයි

(30.05.2018 – mawbima.lk) ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවය නිකුත් කළ වාර්තාමය වැඩසටහනේදී හෙළිදරව් වූ පුද්ගලයන් පිළිබඳ සියලුම සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (අයි.සී.සී) ලබා දෙන ලෙස එම කවුන්සිලයේ දූෂණ මර්දන ඒකක ප්‍රධානී ඇලෙක්ස් මාෂල්, අල් ජසීරා පුවත් සේවයෙන් ඉල්ලීමක් කර ඇති අතර එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසා සිටින්නේ එම වාර්තාමය වැඩසටහනෙන් තම …

දරුවා බේරා ගත් අප්‍රිකාවේ මකුළු මිනිසාට ප්‍රංශ පුරවැසිකම

(29.05.2018 – 18:38 +0530 – lankadeepa.lk) සරත් ඍතුව ආරම්භ වු ප්‍රංශයේ මේ දිනවල රාත්‍රී 08 යනු සවස් කාලය මෙන් හොඳට එළිය වැටී ඇත්තේය. අඳුර වැටෙන්නේ රාත්‍රී 10 ට පමණය. එදා දිනය මැයි මස 26 වෙනි සෙනසුරාදාය. වේලාව රාත්‍රී 08 ය. ස්ථානය පැරීසියේ කළාප අංක 18 හී මාර්ක්ස් ඩොමුවා පාරේ තට්ටු 8 ක් උසැති මහල් නිවසක් …

ජ.වි.පෙ. ගෙනා විසිවන ව්‍යවස්ථා සංශෝධනයට පාඨලීගේ සහ ගම්මන්පිලගේ විරෝධය

(28.05.2018 – 13:11 +0530 – hirunews.lk/sinhala) විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ජාතික හෙළ උරුමය සහ පිවිතුරු හෙළ උරුමය විරෝධය පළ කරනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු රැසක් පවතින බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ. …