Category «උද්ඝෝෂණ සහ වැඩවර්ජන»

රොහින්ග්‍යා සිද්ධියට අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

(02.10.2017 – 16:37 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් සහ උන්වහන්සේගේ සමීපතමයෙකු වන රවීන්ද්‍ර වර්ණජිත් පෙරේරා යන අය මේ මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර රොහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි ස්ථානයේ පසුගියදා ඇතිවූ …

ජවිපෙ විරෝධිය නිසා රු. බිලියන බාගයක් රටට අහිමි වෙයි..

(01.10.2017 – 15:50 +0530 – lankacnews.com) ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීගේ විරෝධය නිසා කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය ටෙන්ඩරයෙන් රටට ලැබීමට තිබුනු රු. මිලියන 540 ක මුදල අහිමිව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය : ප‍්‍රසිද්ද ටෙන්ඩර් කැදවීමක් මගින් පසු කන්තලේ සීනි …

විදුලි සේවකයින්ට රතු නිවේදන නිකුත් කරද්දී, GMOA වර්ජනයකට සැරසෙයි

(20.09.2017 – 13:17 +0530 – hirunews.lk/sinhala) වර්ජනයේ නිරත විදුලි සේවකයින් සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවසන් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව වර්ජනයේ නිරත අනියම් සහ පරිවාස සේවකයින් හෙට දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර …

පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා දරුවන් උසිගන්වන පුද්ගලයින්ට ආණ්ඩුවෙන් අවසන් අනතුරු ඇඟවීමක්..!

(20.09.2017 – 01:30 +0530 – lankaenews.com) ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල් තුළට ඇතුල් වී ඒවායේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සහ පාසල් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවිධ කටයුතු සිදු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ. එය මෙසේය : මීට පෙර ද ඇතැම් පාසල්වල ගුරුවරුන් …

අද (19) සාකච්ඡාවත් අසාර්ථකයි – හෙට (20) වර්ජනයට යන බව දුම්රිය වෘත්තිය සමිති කියයි

(19.09.2017 – 16:00 +0530 – hirunews.lk/sinhala) වැටුප් කොමිසමේ සභාපතිවරයා සමග අද පැවති සාකච්ඡාවද අසාර්ථකවීම හේතුවෙන් හෙට (20.09.2017) මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ ෴ ************************************** …

තුන්වන සාකච්ඡාවත් අසාර්ථකයි – විදුලි වර්ජනය 07 වන දිනටත්

(19.09.2017 – 07:44 +0530 – hirunews.lk/sinhala) සිය යෝජනාවලට විසඳුම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව විදුලි සේවකයින් දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වනවා. මේ අතර, ඊයේ දිනයේදී කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න සමඟ පැවැති සාකච්ඡා …

යුද්දයකදීවත් නොකරන ලෙස විදුලි ත්‍රස්තවාදීහු රෝහල්වල විදුලිය බිඳ දමති : ඉංජිනේරුවාට වඩා රියැදුරුට ලක්ෂයකින් වැඩි පඩි ලැබෙන විහිළු ඉල්ලීම්වල ඇත්ත මෙන්න

(18.09.2017 – 02:40 +0530 – lankaenews.com) විදුලි වර්ජනයට පසුදා එනම් 14 දා අලුයම 3.30 ට පමණ හිඟුරක්ගොඩ රජයේ රෝහලට රැගෙන ආ හෘද රෝගියෙකු (මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු) එම අවස්ථාවේ රෝහලේ විදුලිය විසන්ධී වී තිබු නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීමෙන් පොළොන්නරුව මහා රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති පුවත අපට වාර්තා විය. ලංවිම ප්‍රාදේශීය ඉංජිනේරුවරයා මෙම …

‘සයිටම්‘ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විසඳුමට පෙර ජනාධිපති කමිටුවේ විසඳුම එළි දැක්වේ

(17.09.2017 – 01:45 +0530 – lankaenews.com) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර විසඳුමක් බලාපොරොත්තුව සිටියදී ත් ‘සයිටම්‘ ප්‍රශ්නයක් කරගෙන, අත්දැකීම් විරහිත තරුණ සරසවි සිසුන් කුලප්පු කර, බලයට කෙටි මං සොයන අන්තවාදී අවස්ථාවාදී පිරිස වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් සයිටම් විසඳුමක් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විද්වත් කමිටුවේ වාර්තාව පසුගිය 11 වෙනිදා ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර එය …

‘මහජනතාව අපහසුවට පත්නොකර වහාම සේවයට වාර්තා කරන්න‘ යි ඇමැති ඉල්ලද්දී මැදිහත් වීමට සූදානම් යැයි යුද හමුදාව කියයි : මහජනයා විදුලි සේවකයන්ට එරෙහිව වීදි බසිති

(17.09.2017 – 04:30 +0530 – lankaenews.com) අභ්‍යන්තර ප්‍රශ්න නිසා පනස් පන් ලක්ෂයක් ජනතාවට හිරිහැර නොකර සේවයට වාර්තා කර මධ්‍යස්ථ විසඳුමක් කරා එන්නැයි විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වර්ජිත විදුලි සේවකයන්ගෙන් ඉල්ලා සිටියදී කළුතර යටදොල ජනතාව වර්ජිතයන්ට විරෝධය පාමින් කියා සිටියේ වර්ජනයට පෙර විදුලිය සම්බන්ධ කරන පියුස් ගලවා දැමීම නිසා තමන්ට දින 3 ක් තිස්සේ …

අනියම් පරිවාස විදුලි සේවකයන් අද වැඩට නාවොත් ‘බඩු බනිස්’

(15.09.2017 – 05:30 +0530 – lankaenews.com) අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (අද දින) පෙ.ව 08.30 ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවත් එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ …