Category «කාන්තා සහ ළමා හිංසන»

මාරවිල මාර රෝහලේ වෛද්‍ය බූරුවෙක් ගර්භාශ සැත්කමට ආ මවගේ අත කපලා !

(06.08.2019 – mawbima.lk) උදරයේ සැත්කමක් සඳහා පැමිණි මවකගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාර්තා වේ. මේ අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ මාදම්පේ පදිංචි මවක වන පැට්‍රීෂියා ලීලාවතී (78) මහත්මියයි. මේ මව ගර්භාශය ඉවත් කර ගැනීමේ සැත්කම කිරීම සඳහා මාරවිල රෝහලට දෙපයින් ඇවිදගෙන පැමිණ ඇත්තේ පසුගිය මස විසි වැනි දිනයි. ඉන් දින දෙකකට පසු …

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ඖෂධ රැසක හිඟයක්

(01.08.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala) මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ රැසක හිඟයක් පවතින බවට අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම රෝහලේ වෛද්‍යවරුන් කරුණු අනාවරණය කළා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ්‍යවරයා පවසන්නේ කිසිදු ඖෂධ හිඟයක් නොමැති බවයි. දිවයින පුරා බොහෝ රෝහල් මුහුණපා සිටින ඖෂධ හිඟය පිළිබඳ අප තොරතුරු …

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…! – ආචාර්ය සූරිය ගුණසේකර

(28.07.2019 – divaina.com) ලෝක ඉතිහාසයට අනුව ආගම් බිහිවීම සිදුවී ඇත්තේ කාන්තාර දේශගුණයේය. ඊට හේතුව ලෙස මානව විද්‍යාඥයන් දකින්නේ අධික උෂ්ණයෙන් පීඩිතව කූඩාරම තුළ කොටුවී ඉන්නා කාන්තාර වැසියා විසින් සොබාදහම නොදැකීමය. සිසිල් වූ රාති‍්‍රයේදී පවා ඔහු දකින්නේ සඳ සහ තාරකා වැලි කඳු සහ තම බැටළු පට්ටිය පමණි. එබැවින් මහා බලසම්පන්න දෙවියකු විසින් මේ සියල්ල නිර්මාණය කර …

ජනාධිපති අපේක්ෂකයන් මගේ ළඟට එන්න ඕනේ නෑ – කාදිනල් හිමි

(31.07.2019 – 11:33 +0530 – sinhala.adaderana.lk) පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද (31) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. පළමුව කල යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් …

වෑන් රථයක් කොල්ල කා පලායමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වෙඩි කෑ සැකකරු මරුට

(30.07.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk) අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ. අදාළ වෙඩි තැබීමෙන් තුවාල සිදුව රෝහල්ගතකළ සැකකරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. අණ නොතකා …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : නීතිඥ මනෝජ්ට එරෙහිව CID අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

(29.07.2019 – 14:35 +0530 – sinhala.adaderana.lk) මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අද පසුගිය 27 වන දින පැවති මාධ්‍ය හමු කිහිපයක දී දැඩි ලෙස විවේචනයට ලක් විය. එහිදී …

හිරු CIA අනාවරණයෙන් පසු පොලිස් නිලධාරීන්ට නවාතැනක්

(27.07.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත් දකුණ දිසා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන්ට නිසි පහසුකම් නොමැති ස්ථානයක නවාතැන් ලබාදී ඇති අයුරු හිරු සී.අයි.ඒ. හරහා අප පසුගියදා හෙළිකළා. එම අනාවරණය අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම මත පහසුකම් සහිත නව නවාතැන්පළකට එම නිලධාරීන් යොමු කිරීමට පොලිසිය ක්‍රියාත්මක වි තිබෙනවා. හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 24 …

මව්බිම අරාජිත කිරීමේ කුමන්ත‍්‍රණය – රියර් අදිමිරාල් ආචාර්ය සරත් වීරසේකර

(28.07.2019 – divaina.com) අපි අපේ වසර 2500 ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත් වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය …

පිනා සහ ගුරා පාසල් සිසුවෙකුට පහර දෙයි කලිසම ඉරාදමයි

(27.07.2019 – 19:22 +0530 – sinhala.adaderana.lk) විදුහල්පති හා ගුරුවරු එක්ව පාසල් සිසුවෙකුට කලිසම ඉරා පහර දීලා විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් තම කලිසම ඉරා පහරදුන් බව පවසමින් සිසුවෙකු ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇත. සිසුවාගේ මව පවසන්නේ අලුතින් කලිසමක් මැසීමට වත්කමක් නොතිබුණු නිසා දරුවාට පරණ කලිසම ඇඳගෙන පාසලට යාමට සිදු වූ බවයි. හොරණ ප්‍රදේශයේ එක්තරා පාසලක 11 …

වෛද්‍ය ෂාෆිට ඇප (යාවත්කාලිතයි 28.07.2019)

(25.07.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk) මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම …