Category «කාලගුණය»

වී වේලද්දී අකුණුසැර වැදිලා – 3 ක් අවසන් ගමන් යයි

(29.10.2017 – 15:40 +0530 – sinhala.adaderana.lk) වීරකැටිය මැදමූලන ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. මැදමූලන ප්‍රදේශයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ ස්ථානයක වී වේලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණුසැර වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකි. මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර වීරකැටිය පොලීසිය මේ …

මාර්ග රැසක් ජලයෙන් යටවෙයි – ගමනාගමනයට බාධා

(15.10.2017 – 13:49 +0530 – sinhala.adaderana.lk) බදුරලිය – කලවාන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් බදුරලිය – කලවාන ප්‍රධාන මාර්ගයේ මිදලන ප්‍රදේශය මේ වන විට ජලයෙන් යට වී ඇති බව සඳහන්ය. එමෙන්ම හැඩිගල්ල ප්‍රදේශයද ජලයෙන් යටවී ඇති අතර එම …

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට, පානදුගමට මහ ගං වතුර තත්ත්වයක් – අකුරැස්සේ මාර්ග රැසකුත් ජලයෙන් යටවේ

(15.10.2017 – 6:28 +0530 – hirunews.lk/sinhala) අද දිනයෙන් පසු දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය තාවකාලිකව අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද දිනයේත් සබරගමුව, බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින වැසි තත්ත්වයත් සමඟ නිල්වලා ගෙඟ් ජල මට්ටම ඉහළ යාම …

ගම්මන්පිලට අන්නන්න ඔස්ට්‍රේලියාවෙන් ආ බ‍්‍රයන් ෂැඩික් හොම්බ බිම ඇනගනී.. තමන් කිවුවේ අමූලික බේගල් බව උසාවියේදී කියයි..

(19.09.2017 – 00:11 +0530 – lankacnews.com) ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය : ‘‘පෙර දිනයේ වගේම අද දිනයේත් බ්‍රයන් ෂැඩික් විසින් පවසන්නේ බොරු බව අධිකරණය ඉදිරියේ පිළිගන්න ඔහුටම සිදුවුනා. විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් …