Monthly archives: ජූලි, 2020

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්

(03.07.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම ආයතනය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට අද (03) විශේෂ දේශනයක් සිදුකරමින්. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදි මෙම දේශනය පැවති අතර ඊට පෙර වැඩබලන …

STF අණදෙන නිලධාරියාගේ පාස්කු සාක්ෂිය

(03.07.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අනතුරු ඇගයීම බුද්ධි තොරතුර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි තමාගේ අතට 2019 අප්‍රේල් 10 වැනිදා ලැබුණත් එහි කිසිඳු තැනක එම තොරතුර සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිසිඳු සටහනක් තබා නොතිබුණු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති …

ETI අක්‍රමිකතා සොයන කොමිසමේදී අද (02) සිදුවූ හෙළිදරව්ව

(02.07.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala) ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බව ඊ.ටී.අයි. ආයතනයේ අධ්‍යක්ෂකවරයා විසින් 2017 දී ශ්‍රී ලංකා මහ බැංකුවට ලිඛිතව දන්වා තිබියදීත් තැන්පතු භාරගැනීම නතර කිරීම සඳහා 2018 වසර වන තෙක්ම මහ බැංකුව මගින් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අද (02) අනාවරණය වුණා. ඒ ETI සමාගමේ සිදු වූ බව …

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු පිළිබඳව නිසි ඇගයීමක් නොලැබුනු බව කොමිසමේදී අනාවරණ වෙයි

(02.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින මෙරට දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ආරක්ෂක කවුන්සිලයේ හෝ ත්‍රිවිද හමුදා නායකයින් රැස්වන කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව අනාවරණ වුණා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියෙකු සාක්ෂි දුන් අවස්ථාවේදීයි. …

ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි ජනපතිගෙන් නියෝගයක්

(01.07.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala) එළඹෙන මහමැතිවරණයට තරඟවැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන් …

නීතියට පිටින් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට, තඹ දුන් හැටි හෙළිවේ

(01.07.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලවට, රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යධුරය දරණ සමයේ දී කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා නියමිත ක්‍රමවේදය ඉක්මවමින් අබලි ද්‍රව්‍ය නිකුත් කර ඇති බව අනාවරණය වුණා. ඒ පාස්කු ප්‍රහාරය …

බැඳුම්කර හොරකමට සම්බන්ධ එ.ජා.ප. ප්‍රබලයින් දෙදෙනෙකු ගැන සරත් ෆොන්සේකා හෙළිකරයි

(01.07.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala) හොරු අල්ලනවා කියලා ඇවිත් අපේ මිනිස්සු මාස දෙකෙන් හොරකම් කළ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසුවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (30) පැවති ජන හමුවකට එක්වෙමින්. එ.ජා.ප.යේ නායක රනිල් වික්‍රමසිංහ හා උප නායක රවී කරුණානායක බැඳුම්කර හොරකමට ඍජුවම සම්බන්ධ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා එහිදී …

ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ දේවිය අභාවප්‍රාප්ත වෙයි

(01.07.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala) මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ (30) රාත්‍රියේ මිය යන විට ඇය 92 වන වියේ පසුවුණා. මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, …