Category «රණවිරු දඩයම»

පරිපාලන නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අවසන්

= මේ පිටුවේ සිරස්තල = • පරිපාලන නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අවසන් • රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයෙන් සන්දේශයක් • ආබාධිත රණවිරුවන් තවමත් කොටුව දුම්රියපලේ • ඉල්ලීම් දිනා ගන්නා තෙක් මහපාරේ සටන් කරන බවට ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයෙන් ප්‍රකාශයක් • ශ්‍රීලංකන්, අඟල් 15 MacBook Pro තහනම් කරයි • ජනාධිපතිවරණයට සමෘද්ධි මුදල් යෙදවීමේ සූදානමක් ඇති බවට ඇමති …

රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඇමරිකානු තානාපතිනිය වෙත යවන ලද ලිපිය

(25.08.2019 – divaina.com) එහෙම අත දාන්න ඇමරිකාවට ඇති අයිතිය කුමක්ද? රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඇමරිකානු තානාපතිනිය වෙත යවන ලද ලිපිය…. ඇලීනා ටෙප්ලිට්ස් මැතිනිය වෙතටයි. නව යුද හමුදාපතිගේ පත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට විරුද්ධත්වය පළ කිරීම. ඇමරිකන් තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමේ සහ පසුව දේශීය සහ විදේශීය පුවත් පත්වල පළ වුණු උක්ත නිවේදනය …

රට වෙනුවෙන් තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව ජනාධිපතිවරණයයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(28.08.2019 – 19:40 +0530 – sinhala.adaderana.lk) එළබෙන ජනාධිපතිවරණය රට වෙනුවෙන් මෙරට ජනතාවට තීන්දුවක් ගැනීමට ඇති අවසන් අවස්ථාව බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ‘රට රකිමු – රට හදමු – රට වැසියනි එක්වවු’ මැයෙන් ‘යුතුකම සංවාද කවය’ අද පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින්ය. පන්නල රක්ෂිතයෙන් බෝම්බ හමුවෙයි (28.08.2019 – 21:08 +0530 – …

ඉලක්කය මෛත‍්‍රී සහ ගෝඨා…කොටි දොස්තර සියල්ල වමාරයි…. ප‍්‍රහාරවලට ස්නයිපර්කරුවනුත් සොයලා…!

(25.08.2019 – divaina.com) මොසාඩ් ක‍්‍රමයට හමුදා ප‍්‍රධානීන් ඝාතනයටත් සැලසුමක් කොටි පුහුණුව ගත්තේ මඩකලපුවේදී පරගැති දේශපාලනික කෙරුවාවක් තුළ ගෙවී ගිය වසර පහකට ආසන්න කාලයේ මේ රටේ ජාතික ආරක්‍ෂාවට සිදු කළ විනාශය හමුවේ අපි දැන් යළිත් බිහිසුණු බවේ උච්ඡතම අවස්ථාවට ළඟා වී සිටිමු. මේ රටේ ජනතාවගේ වැටහීම පිණිස ඒ බව අප සටහන් කරනුයේ ඉතා වගකීමෙනි. මිනිසුනේ සිහිතබා …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු තුනක්

(20.08.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙනවා. ඉන් ඉල්ලා තිබෙන්නේ විත්තිකාර ශානි අබේසේකර මහතා සිය රාජකාරි කටයුතු වලදි අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ …

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? සාමි නැමැති එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

(18.08.2019 – divaina.com) 2015 ජනවාරි අටවැනිදා සිදු වූ පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු පැවති ඊළඟ මහ මැතිවරණයට අනුව යහපාලනය ආරම්භ වූයේ එම වසරේ අගෝස්තු මස දහඅටවැනිදාය. ඒ අනුව ලබන දහඅටවැනිදාට යහපාලනය බිහිවී සිව් වසරකි. මේ සිව් වර්ෂ පූර්ණයට ඔන්න මෙන්න තිබියදී ඉකුත් සතියේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යහපාලනය තුළින් සිදු වූ බරපතළ වරදක් නිවැරදි කිරීමට …

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

(11.08.2019 – 16:02 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා …

මව්බිම අරාජිත කිරීමේ කුමන්ත‍්‍රණය – රියර් අදිමිරාල් ආචාර්ය සරත් වීරසේකර

(28.07.2019 – divaina.com) අපි අපේ වසර 2500 ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත් වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය …

අඳුරේ අතපතගාමින් ජාතික ආරක්‍ෂාව සෙවු හැටි

(22.07.2019 – 19:43 +0530 – lankadeepa.lk) අහිංසක කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනකු මරු තුරුලට යවමින්, ලොවක් කම්පනයට පත්කළ පාස්කු ඉරිදා සංහාරය සිදුව මාස 3 ක් ගතව අවසන්ය. ප‍්‍රහාරයට හසුවූ 500 ක් පමණ දෙනා තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ලද තුවාල කැළැල්, අයි.එස්. සංවිධානයේ ඉගැන්වීම්වලින් උසි ගැන්වුනු මුස්ලිම් අන්තවාදීන් සිදුකළ පාස්කු ඉරිදා සංහාරයේ අමිහිරි මතකය …

සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන විමල්ගේ හෙළිදරව්ව

(14.07.2019 – 22:31 +0530 – sinhala.adaderana.lk) බුද්ධි අංශ ප්‍රධානීන් සහ සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. වැලිඔය ප්‍රදේශයේ පැවති හමුවකදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්නන් පිළිබඳව චෝදනා එල්ල කර සිටි ඒ මහතා …