|
= 'ඉල්ලං කෑම'ට ආසන්නව සිටින දීගොඩ කුමාර හෙවත් 'රතන-පාදෙණිය-2'
/ 'මිවනපලානේ-2' / 'චාල්ස්.තෝමස්-2' =
•
රෝගියෙකුගේ හදිසි අවශ්‍යතාවය තම රෝගය සුවකර ගැනීමයි. මුලින්ම
රෝගය සුවකරන්න. දෙවනුව ‘බණ’ කියන්න. (ඇත්ත බණ කියන්න; බොරු බණ
නොවෙයි) (බණ = සිල්වත්
වන්න + නිර්මාංශ වන්න + මෛත්‍රී සිත ඇතිකරගන්න)
• දීගොඩ
කුමාර මහතාණෙනි, රෝගීන් සුවපත් කිරීමට වැය නොකර ගතවන සෑම
තත්පරයක්ම අපතේ යවන ලද කාලයක් බව සිතන්න ! නොපමාව, හැකිතාක්
රෝගීන් සුවපත් කරමින් නිවන් පිනිස
බොහෝ කුසල් රැස්කර ගන්න ! (හෙට මැරෙයි ද අද මැරෙයි ද දන්නේ නැත
!)
බුදු දහම ආගමක් නොවේ. බුදු දහමෙහි මිත්‍යා දෘෂ්ඨීන්
(ආගම් වර්ග) 62 ක් දැක්වේ. බුදු දහමෙන් සියලු ආගම්
ප්‍රතික්ෂේපිතයි. බුදු දහමට වෙනත් ආගම්, ඉර්ෂීන්, යෝගීන් ඈඳන්නට යන්න එපා ; බුදු
දහම විකෘති කරන්න එපා ! එය දරුණු පවක් ! රෝගීන් සුවපත් කිරීම
පමණක් ප්‍රමාණවත් ! එය ලොකු පිනක් ! කිරි දොවන්න ; ගොම මිශ්‍ර
කරන්න එපා ! (‘මිසදිටු බොරු බණ දේසනා’ වලින් නරඹන්නන්ගේ වටිනා 'කාලය සහ ඩේටා' අපතේ යවන්න එපා
!) (නොදන්න බුදු දහම ගැන විකාර කියවන්නේ නැතුව තමන් දන්න
'අධිමානසික රෝග
සුවකිරීම' ගැන කථාකරන්න !) ('බුදු දහමට අපහාස කිරීම / බුදු දහම
විකෘති කිරීම' චෝදනා යටතේ නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතවිය හැක !)
(බුදු දහම විකෘති කිරීමේ මානසික විකෘතිය දිනෙන් දින උග්‍රවන
බවක් දකින්නට තිබේ.) (මිදි කඩාගන්න මට හැකියාවක් නෑ; ඒ නිසා
මම කියනවා 'මිදි තිත්තයි' කියලා.) (මා වෙතට එව්; මම නුඹලාට ගොම
මිශ්‍ර නැවුම් එළකිරි ලබා දෙමි.)
•
අවවාදයයි ! : තම මෝඩකම ප්‍රදර්ශනය කරමින්, වටිනා කාලය
කාදමමින් දීගොඩ කුමාර මහතා සිදුකරන 'මිසදිටු බොරු බණ
දේශනා' වලින් ප්‍රවේශම් වන්න ! එතුමාට තිබෙන
'රෝගීන් සුවපත් කිරීමේ විශ්මිත අධිමානසික බලය' ගැන
පමණක් සැළකිලිමත් වන්න ! (ත්‍රිපිටකය විකෘති කරමින් එයට
අපහාස කිරීමේ මහා පාපකර්මය නිසා මේ මෝඩ මිනිසාට දරුණු දුක්
විපාක විඳීමට සිදුවන අතර තම භව ගමන තවතවත් දික්වනු ඇත.)
දීගොඩ කුමාර
මහතා රෝගීන් අසලට ගොස් තම අධිමානසික බලයකින් එම රෝගීන් සුවපත්
කරන ආකාරය විඩියෝවල දැක්වේ. ඒ අයුරින් රෝගීන් සුවපත්වීමක්
එතුමාගේ (පෞද්ගලික නොව පොදු) දුරස්ථ සුව මෙහෙයයන්වලදී සිදුවෙන
බවක් පෙනෙන්නට නැත ! ('පොදු දුරස්ථ සුව මෙහෙයකට' සම්බන්ධවූ
රෝගීන් ගනන කොපමණද? එය අවසානවූ පසු එමගින් සුවපත්වූ
රෝගීන් ගනන කොපමණද? සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න.)
දීගොඩ
කුමාර මහතාගේ දුරස්ථ සුව මෙහෙය : 'සජීව යූටියුබ් තාක්ෂණයෙන්'
අසාර්ථකයි ! 'සූම් තාක්ෂණයෙන්' සාර්ථකයි ! (සුවකරන්නා ගෙන්
කිලෝමීටර් දහස් ගනනක් ඈතින් රෝගියා සිටියත් සුවකිරීමට අවශ්‍ය,
දෙදෙනා අතර සම්බන්ධතාවය 'සූම් තාක්ෂණයෙන්' ලබාදෙයි)
දීගොඩ
කුමාර මහතාණෙනි, තම රෝග සුවකර ගැනීම සඳහා ඔබ වෙත පැමිණෙන අසරණ
රෝගීන් සමග කථාකිරීමේදී, ඔවුන්ට අපහාස සිදුවන පරිදි, ඔවුන්
ලජ්ජාවට පත්වන පරිදි, ඔවුන්ට සිත්වේදනා ඇතිවෙන පරිදි සිදුකරන
රළු වචන භාවිතයෙන් වැළකී, සෑමවිටම ප්‍රිය වචනයෙන් පමණක්
කථාකිරීමට පුරුදුවන්න. නැතිනම් කුඩා දරුවන් ඔබ ගෙන් අසාවි :
"දීගොඩ සීයේ, කථාව දෝලාවෙන් උනාට ගමන පයින් නේද?"
(දිව්‍යත්වය, දීගොඩත්වය, කුමාරත්වය, දෙව්සුවත්වය, දෙව්සුව
දේශත්වය, විශ්ව පියසත්වය, සුන්දර මිනිත්තුවත්වය, දෙව්සුව
මෙහෙයත්වය, සත්සංගයත්වය සහ ආච්චිගෙ රෙද්දත්වය) - අමරසර
|