Amarasara - Home
  Paranormal Research Center
- from -
http://www.gupthagaweshana.org
 
  ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය යනු, මානව සෞඛ්‍යයට ඇති වන අධි භෞතික තත්වයන් බෞද්ධ දර්ශනයෙහි සඳහන් මනෝ චිකිත්සක සංකල්ප සහ පාර-මනෝචිකිත්සක ක්‍රම භාවිතයෙන් සුවපත් කිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවන ලද්දා වූ අධ්‍යාත්මික උපදේශන සහ සුවකිරීමේ මධ්‍යස්ථානයකි. මෙහි සියළුම පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ විශ්වප්‍රාණී පදනම මගිනි.

ඉතිහාසය හා පසුබිම

වර්ෂ දෙදහස් නවයේ (2009) ඇතුල් කෝට්ටේ, අලකේශ්වර පාරේ නො. 139 දරන ස්ථානයේදී අප මධ්‍යස්ථානය ප්‍රථමයෙන් ආරම්භ කෙරිණි. මේ වන විට මෙම මධ්‍යස්ථානය පිටකෝට්ටේ, මාදිවෙල, ධර්මපාල මාවතේ නො. 33/1 දරන නව ස්ථානයේ ස්ථාපිත කර ඇති නමුත්, බොහෝ දෙනා අතර තවමත් එය ප්‍රචලිතව ඇත්තේ ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය නමිනි. පසුගිය වසර කිහිපය තුල අප මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා යොමු වී සහනය සලසාගත් ශ්‍රී ලාංකීය මෙන්ම විදේශීය රෝගීන් සංඛ්‍යාව දස දහස් සංඛ්‍යාවකි.

අපගේ නිෂ්ඨාව

“සතුට”

අපගේ මෙහෙවර

“බෞද්ධ දර්ශනයේ ගැබ් වී ඇති මනෝ චිකිත්සක සංකල්පයන් ප්‍රායෝගික භාවිතයෙහි යෙදවීම තුලින් අධි භෞතික රෝගී තත්වයන් සඳහා විසඳුම් ජනිත කිරීම”

අපගේ සුවිශේෂීතාවය

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සුවිශේෂීතාවය වනුයේ අපගේ අධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රියාවලිය තුල ආරම්භයේ සිටම අපටම ආවේණික වූ දර්ශන මතවාදයක් සහ තාක්ෂණික ක්‍රමවේදයක් පැවතීමයි. අප වෙත පැමිණෙන සෑම රෝගියෙකුගේම රෝගී තත්වයන් පිළිබඳ දත්ත ඉතාම විධිමත් ක්‍රමවේදයක් යටතේ අඛණ්ඩ අධ්‍යයනයන්ට ලක් කරනු ලබන අතර, පුද්ගල සුවපත් කිරීමේ ක්‍රියාවලිය තුල අපටම ආවේණික වූ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින්, මෙතෙක් ඖෂධ භාවිතයෙන් සුවකිරීමට නොහැකි වූ, අධි භෞතික තත්වයන් නිසා පුද්ගලයන්ට තුල හට ගෙන ඇති විවිධ රෝගාබාධ සුවපත් කිරීම සිදු කරනු ලැබේ.

Leadership and Direction

අධ්‍යාත්මික උපදේශකවරයා

ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යාත්මික උපදේශකවරයා වශයෙන් කසුන් තිසර නාගොඩවිතාන මහතා කටයුතු කරනු ලබන අතර, ඔහු සිය අධ්‍යාත්මික ශක්තිය, චිත්ත ශක්තිය සහ බෞද්ධ මනෝ චිකිත්සක දැනුම භාවිත කරමින් මෙම සුවිශේෂී වූ ප්‍ර තිකාර ක්‍රමය ක්‍රියාවට නංවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කලමණාකරනය පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ඇති ඒ මහතා, කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ ආයුර්වේද මනෝ උපදේශනය සඳහා වන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ එහි ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත. මේ වන විට ඔහු ‘මානව සෞඛ්‍යය කෙරෙහි අධි භෞතික තත්වයන්ගේ බලපෑම්’ යන ප්‍රස්තුතය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික පර්යේෂණයන් හි නියැලෙමින් සිටී.







වෘත්තියෙන් මානව සම්පත් කලමනාකරුවෙකු සහ මානව සම්පත් පුහුණු උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන කසුන් තිසර නාගොඩවිතාන මහතා, තමා සතු සුවිශේෂී අධ්‍යාත්මික ශක්තිය සහ දැනුම භාවිතා කරමින් ‘විශ්වප්‍රාණී අධ්‍යාත්මික ප්‍රතිකාර ශිල්ප ක්‍රමය’ නමින් නව අධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇති අතර, මේ වන විට ඔහු යටතේ නව අධ්‍යාත්මික සුවකරන්නන් පණහකට අධික ප්‍රමාණයක් ඒ පිළිබඳ විශේෂ පුහුණුවක නිරත වෙමින් සිටිති.

අධ්‍යාත්මික ප්‍රතිකාර මූලධර්ම

ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රමවේදයට පදනම් වූ ප්‍රධාන මූලධර්මයන් පහක් අපගේ ගුරුකුලය සතු වේ. ඒවා නම්,

• ලෝකයේ ස්වභාවික තත්වය සම්බන්ධයෙන් අප සතු වන දැනුම, අපගේ ‘අධ්‍යාත්මික ශක්තිය’ වේ.

• පුද්ගලයා යනු ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්ගෙන් සැකසුණු ප්‍රපංචයකි.

• මනස යනු මේ පංචේන්ද්‍රියන්ගේ අවසන් නිර්මිතය යි.

• ‘ලෝකය අභිමුව පුද්ගලයා’ සහ ‘පුද්ගලයා අභිමුව ලෝකය’ යනු හුදු සංකල්පිත විඥාන මාත්‍රයක් පමණි.

• ලෝකය ස්වභාවයෙන්ම ශූන්‍ය වේ.

ප්‍රතිකාර ක්‍රියාවලිය සංක්ෂිප්තව

ප්‍රධාන වශයෙන් අප මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා යොමු වනුයේ විවිධ අධිභෞතික තත්වයන් හේතුවෙන් පීඩා විඳින පුද්ගයන්ය. අධිභෞතික තත්වයන් වශයෙන් හඳුන්වනු ලබන්නේ, භෞතිකව යමෙකුට තහවුරු කිරීමට නොහැකි විවිධ රෝගාබාධයන්ය. උදා‍: අප ජන සමාජයේ ඇති, මානව සෞඛ්‍යයට බාධා පමුණුවන්නා වූ අදෘෂ්‍යමාන ක්‍රියාකාරකම්.

මෙසේ අප වෙත පැමිණෙන රෝගීන් සඳහා ස්ථර දෙකක් යටතේ ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලැබේ.

1. බෞද්ධ මනෝ විශ්ලේෂණ සංකල්ප සහ උපක්‍රම භාවිතා කොට සිදු කෙරෙන ප්‍රතිකාර

මෙහිදී, ප්‍රධානම බෞද්ධ මනෝ චිකිත්සක ක්‍රමවේදය වන ශීල, සමාධි, ප්‍රඥා නැමති ත්‍රි ශික්ෂාවන් පදනම් කර ගනිමින් මෙම ස්ථරය යටතේ ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ.

මෙහි පලමු පියවර වන්නේ ‘ශීලය’ යි. රෝගියාගේ සාමාන්‍ය වැරදි සහගත චර්යාවන් හඳුනාගෙන එම චර්යාවන් නිවැරදි කිරීම සඳහා වූ චර්යා ප්‍රතිසංස්කරණය ශීලය යටතේ සිදු කෙරේ. මේ සඳහා මූලික වශයෙන් බෝධි පූජා, පිරිත් දේශන ගායනා හා වෙනත් බෞද්ධ සංස්කෘතික අංගයන් යොදා ගනු ලැබේ.

එසේ ශීලය යටතේ ප්‍රතිසංස්කරණය කල චර්යාවන් සහ රෝගියා තුල අළුතින් ස්ථාපිත කරන ලද චර්යාවන් හේතුවෙන් ඔහු තුල චිත්ත ඒකාග්‍රතාවය ඇති වේ. එය ‘සමාධිය’ වශයෙන් අර්ථ දැක්වේ.

මෙහි අවසාන පියවර වන ‘ප්‍රඥාව’ යටතේ පුද්ගලයා (රෝගියා) ට ලෝකයේ යථා ස්වභාවය සම්බන්ධයෙන් වූ අවබෝධය තම ජීවිතය තුලින්ම ලබා ගැනීමට මග පෙන්වා දේ. එම අවබෝධය තුලින් ගැටළු හමුවේ කඩා නොවැටී, තමා තුල අළුතින් ස්ථාපිත කරගත් චර්යා ධර්මතාවයන් තුල ගමන් කිරීමට පුද්ගලයාට හැකියාව ලැබේ.

2. පුද්ගල ශක්ති ශරීරයෙහි ඇති ශක්ති කිරණ වල ප්‍රබලතාවය වර්ධනය කිරීම

කිරණ යනු ශක්තීන්ය. ලෝකය ස්වභාවයෙන්ම ගොඩනැගී ඇත්තේ කිරණ වලිනි. ජලයේ සිටින මාළුවා තමන් ජලය තුල සිටින බව නොදන්නවා සේම, ශක්ති කිරණ සාගරයේ කිමිදී සිටින මිනිසා තමා වටා ශක්ති කිරණ ඇති බව නොදනියි.

විශ්වයේ ඇති සෑම ජීවී අජීවී වස්තුවකටම ඊට අදාල වූ ප්‍රභා මණ්ඩලයක් තිබේ. මෙම ප්‍රභා මණ්ඩලය ‘ඕරා’ (Aura) යනුවෙන් හැඳින්වේ. මෙය සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ශරීරය වටා 10” – 15” ක් අතර වපසරියක පැතිර ඇත. පුද්ගල ශක්ති ශරීරයේ ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන හතකි. එම ශක්ති මධ්‍යස්ථාන ‘ශක්ති චක්‍ර’ යනුවෙන් හැඳින්වේ.

මූලාධාර චක්‍ර ශක්ති මධ්‍යස්ථානය
ස්වාධිෂ්ඨාන චක්‍ර ශක්ති මධ්‍යස්ථානය

මණිපූර චක්‍ර ශක්ති මධ්‍යස්ථානය
අනාහත චක්‍ර ශක්ති මධ්‍යස්ථානය
විශුද්ධි චක්‍ර ශක්ති මධ්‍යස්ථානය

අඥා චක්‍ර ශක්ති මධ්‍යස්ථානය
සහස්‍රා චක්‍ර ශක්ති මධ්‍යස්ථානය


(From bodyspiritual.com)

පුද්ගල ශක්ති ශරීරය සහ බාහිර විශ්වයේ ඇති ශක්තිය (විභව ශක්තිය) ඉහත ශක්ති මධ්‍යස්ථාන හත මුල් කොට ගෙන අන්තර් සම්බන්ධතාවයක් ගොඩනගා ඇත. මෙම ශක්ති චක්‍ර හා සම්බන්ධ වී ගොඩනැගුණු පුද්ගල ශක්ති ශරීරය බාහිර විශ්වයේ පවතින වෙනත් ශක්ති උපද්‍රවයන්ගෙන් පුද්ගලයා ආරක්ෂා කර ගැනීමේ පවුරක් ලෙස ක්‍රියා කරයි. ඝණකමින් අඩු සහ කඩතොළු වූ ශක්ති ශරීර වලින් යුත් පුද්ගලයන් බොහෝ විට අමනුෂ්‍ය ජීවීන් ගේ ග්‍රහණයන්ට බඳුන් වේ. එම ජීවීන් එබඳු පුද්ගලයින්ගේ ශක්ති ශරීර විනිවිද ගොස් ඉන්ද්‍රිය පද්ධතිය ආක්‍රමණය කොට පුද්ගල සෞඛ්‍යයට හානි පමුණුවයි.

ප්‍රභාශ්වර තත්වයට පත් වූ ශක්ති ශරීරයක් අප සතුව තිබේ නම්, අමනුෂ්‍ය උපද්‍රව වැනි බාහිර ශක්ති කිරණ උපද්‍රවයන්ට අප වෙත ළඟා වීමේ හැකියාවක් නොමැත. ඉහත සඳහන් කරන ලද පලමු ප්‍රතිකාර ස්ථරය යටතේ රෝගියා තුල චර්යාත්මක ප්‍රතිසංවිධානය සිදු කිරීම මගින් ද අප මූලිකව අපේක්ෂා කරනුයේ ඔහුගේ මානසික ඒකාග්‍රතාවය ඇති කිරීම තුලින් ශක්ති ශරීරය නැවත ප්‍රභාශ්වර තත්වයට පත් කිරීමයි.

මෙහිදී, තවදුරටත් රෝගී ශක්ති ශරීරය තුල ශක්ති කිරණ උපද්‍රව නැතහොත් අමනුෂ්‍ය ජීවින් රැඳී පවතින බව අධ්‍යාත්මික උපදේශකවරයාට පෙනී ගියහොත් ඔහු එම ජීවින් සමග සන්නිවේදනය කිරීමෙන් අනතුරුව රෝගී තත්වය දුරු කිරීම සඳහා කලයුතු ඉදිරි ප්‍රතිකාර හා පිලිවෙත් සම්බන්ධව තීරණය කරනු ලබයි. මෙම අවස්ථාවේදී ඇතැම් විට රෝගියා ආවේශ වීමක් සිදු වේ.

Events

විශ්වප්‍රාණී අධ්‍යාත්මික සුව කරන්නන් සඳහා වන පාඨමාලාව

විශ්වප්‍රාණී අධ්‍යාත්මික සුව කරන්නන් සඳහා වන පාඨමාලාව. දැනට මේ යටතේ කණ්ඩායම් හතරක් පුහුණුව ලබයි.

විශ්වප්‍රාණී අධ්‍යාත්මික සුව කරන්නන් සඳහා වන පාඨමාලාවේ ඉතාම සුවිශේෂී අංගයක් වන භූමි ප්‍රාණය ලබා ගැනීම සඳහා වන භාවනා අභ්‍යාසයන්හි පුහුණු වන අධ්‍යාත්මික ජීවකයින් නිරත වූ ආකාරය. මෙම පුහුණු සැසි ශ්‍රී පාද අඩවියේ කිරි කොළුවා හෙළ කන්ද ආශ්‍රිතව පවත්වනු ලබන අතර, මේ වන විට විශ්වප්‍රාණී පුහුණු වන අධ්‍යාත්මික ජීවකයින් සඳහා මෙම පුහුණු සැසි වාර හතරක් පවත්වා ඇත.

අතීතයේ මේ විශ්වයේ වැඩ වාසය කලා වූත්, වර්තමානයේ මේ විශ්වයේ වැඩ වාසය කරන්නා වූත්, අනාගතයේ මේ විශ්වයේ පහල වන්නා වූත් සියළුම සම්මා සම්බුදු බුදුන් වහන්සේලාගේ අනන්ත වූ ගුණ කදම්භයට උපහාර දැක්වීම උදෙසාත්, මතු සම්මා සම්බුද්ධත්වය පතන්නා වූ යම් කිසි උත්තමයෙකු මේ විශ්වයේ වැඩ වාසය කරන්නේ ද, එතුමන් වහන්සේගේ ඒ උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මහෝපකාරී වන්නා වූ සියළුම භෞතික සම්පත් හා මානසික සුව සහනය උදා වේවා..! යන උතුම් වූ ප්‍රාර්ථනාව පෙරදැරි කර ගනිමින්, විශ්වප්‍රාණී පදනම විසින් සංවිධානය කරන ලද ‘විශ්වාන්තර බුද්ධ වන්දනා වැඩසටහන’ 2015 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා දින රාත්‍රියේ කෝට්ටේ රජමහා විහාරස්ථ නා බෝධි මළුවේදී පැවැත්විණි.

විශ්වප්‍රාණී පදනමේ දෙවන ශාඛාව මහනුවර, නුගවෙල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී.

විශ්වප්‍රාණී අධ්‍යාත්මික සුවකරන්නන් සඳහා නිල ලාංඡන ප්‍රදානෝත්සවය 2014.

CSR Projects

‘ගුප්ත බලයෙන් ඔබ්බට, බුද්ධ බලය සොයා යෑම’ තේමාව යටතේ ඈත ගම් නියම් ගම් වලට ගොස් ඔවුන්ගේ එදිනෙදා ජීවන ගැටළු සඳහා අධ්‍යාත්මික වැඩසටහන් හා ප්‍රතිකාර තුලින් විසඳුම් ජනිත කිරීම. එම වැඩසටහන් මාලාව යටතේ විශ්වප්‍රාණී පදනම හා ඊට අනුබද්ධ ආර්ය මිතුරෝ සංවිධානය, එහි සංවත්සර සැමරුම නිමිත්තෙන් වරකාපොල, නිවටුව ප්‍රදේශයේ දී පවත්වනු ලැබූ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ විවිධ අවස්ථා පහත ඡායාරූප වල දැක්වේ. මේ යටතේ නොමිලයේ,

• බටහිර වෛද්‍ය සායනයක්
• ආයුර්වේද වෛද්‍ය සායනයක්
• අක්ෂි සායනයක්
• විශ්ව ශක්ති ප්‍රතිකාර
• බෞද්ධ මනෝ චිකිත්සාව
• ජන්ම පත්‍ර පරීක්ෂාව
• රැකියා බැංකුවක්
• ආබාධිත අයට උපකරණ හා ඇස් කණ්ණාඩි බෙදා දීමක්ද සිදුකරන ලදි.

සියළු සම්මා සම්බුදු බුදුන් වහන්සේලාගේ දේශනාව වූ ශූන්‍යතාවය සහ පටිච්ච සමුප්පාදය පදනම් කර ගනිමින් ආර්ය මිතුරෝ අධ්‍යාත්මික එකමුතුව සෑම පුන් පොහෝ දිනකම සංවිධානය කරනු ලබන සත්‍යාවබෝධය සඳහා ධර්ම දේශනා මාලාව.

විශ්වප්‍රාණී අධ්‍යාත්මික ප්‍රතිකාර මධ්‍යස්ථානය හා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පස් වන වරටත් සංවිධානය කරන ලද වෙසක් අයිස් ක්‍රීම් දන්සල.

Lectures

An Invited public lecture on the topic was given by spiritual healer, Master Healer Mr. Kasun Thisara Nagodavithana on 27th of May, 2015 from 3.00 to 5.00 p.m. at the Arts Faculty Seminar Room, University of Peradeniya.

Organized by:
The Society of Philosophy
Department of Philosophy & Psychology,
University of Peradeniya.

Special Thanks To:
Mr. B.A.Jayantha Bogoda (Lecturer)
Department of Philosophy & Psychology
Faculty of Arts – University of Peradeniya for inviting us for the occasion

Technical Staff
Faculty of Arts – Universtity of Peradeniya

Students of the Faculty of Arts

Students of University of Peradeniya

Everyone who supported us various ways & participated in the lecture

Last but not least a very special thanks goes to our Most Dearest Spiritual Teacher , Master Healer Mr. Kasun Thisara Nagodavithana for gracing this occasion with his presence and sharing the invaluable knowledge with with us and giving us his time from his very busy schedule.

A Production of The Vishwaprani Media Unit.

Part 1 (65 min.s) :

https://www.youtube.com/watch?v=byrI1meu0-A


Part 2 (110 min.s) :

https://www.youtube.com/watch?v=Q30-Vd72uvs


Articles & Publications


අධ්‍යාත්මික ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා සමග ගවේෂණාත්මක පුවත්පත් කලාවේදී මතුගම මහින්ද විජේතිලක මහතා විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදි :

‘පියවි ඇසින් ඔබ්බට’ හෙවත් ‘අපට නොපෙනෙන ලෝකය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

මිනිසාගේ පියවි ඇසට පෙනෙන ජීවින් හා පියවි ඇසට නොපෙනෙන ජීවින් යනුවෙන් මේ විශ්වය තුළ සිටින ජීවීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ නොපෙනෙන ජීවින් දකින්නට පුළුවන් අධ්‍යාත්මය දියුණු කළ ඇතැම් අයට පමණයි. ඇතැම් විට අධි තාක්ෂණික කැමරාවලටත් මේ ජීවින් අහඹු ලෙස සටහන්වන අවස්ථා තියනවා. මේ නොපෙනෙන ජීවීන්ගේ ක්‍රියාකාරකම් තමයි අපි ‘පියවි ඇසින් ඔබ්බට’ යනුවෙන් අදහස් කරන්නේ.

මේ නොපෙනෙන ජීවීන් පුද්ගලයන්ට බලපෑම් කරනවාද ?

ඔව්. ඔවුන් මිනිසුන්ගේ පමණක් නොවේ සතුන්ගේ ශරීරවලට පවා ඇතුල් වී බලපෑම් කරන අවස්ථාවල් තියනවා. මෙසේ බලපෑම් කරන ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. මින් පලමුවැන්න තමයි මෙම ජීවීන් පුද්ගලයාගේ භෞතික ශරීරය තුළට ඇතුල් වී බලපෑම් සිදු කරන අවස්ථාව. මෙය අධ්‍යාත්මීය පුද්ගල ශක්තිය ගොඩ නගා නොගත් අයට හානි දායකයි. අනෙක් අවස්ථාව තමයි ඇතැම් නොපෙනෙන ජීවීන් පුද්ගලයාගේ ශක්ති ශරීරය තුලට (Aura) ඇතුල් වී බලපෑම් සිදු කරන අවස්ථාව.

මීට අමතරව මොවුන් මිනිසුන් ජීවත්වන පරිසරයට පැමිණ දර්ශනය වීම, යම් යම් භාණ්ඩ එහා මෙහා කිරීම, ශබ්ද ඇති කිරීම, දුර්ගන්ධය පැතිරවීම ආදිය සිදු කරන අවස්ථාවන් තියනවා. මේවා දැකීමෙන් හා ඇසීමෙන් පුද්ගලයන් බියට පත්ව රෝගී බවට පත් වෙනවා.

මිනිස් ශරීරය, මනස හා මරණය කෙටියෙන් විස්තර කළොත් ?

පුද්ගලයෙකුගේ ශරීරය සකස් වෙලා තියෙන්නෙ ඉන්ද්‍රීය පද්ධතියකින්. බුදු දහමට අනුව නාම-රූප කියන කොටස් දෙකෙන්. “විඤ්ඤාණයට හුදකලා පැවැත්මක් නැත. එය නිරතුරු පංචස්කන්ධය සමඟ එක්ව පවතී” යනුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද බව අංගුත්තර නිකායේ, ආනන්ද වග්ගයේ, බූ.ජ.394 සඳහන් වෙනවා. මෙම පංචේන්ද්‍රියයන්ගෙන් ගනු ලබන අරමුණු වලින් මනස සකස් වී තියෙනවා.

බොහෝ වෙලාවට පුද්ගලයෙක් මැරෙන කොට ඔහුගේ හෝ ඇයගේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා සම්බන්ධ ඉන්ද්‍රියයන් අක්‍රීය වී මනින්ද්‍රිය ප්‍රබල වෙනවා. ඒ මනෝ විඤ්ඤාණය ස්වකීය ශරීරය පිලිබඳ හැඟීමෙන් උපාදාන වී තිබෙන නිසා ඒ ශරීරයට සමාන සියුම් ශරීරයක් සහිතව ප්‍රතිසන්ධිය ලබනවා. මීළඟ ප්‍රතිසන්ධියේ දී ඒ පුද්ගලයා ක්‍රියාත්මක වන්නේ එසේ උපාදාන වූ ශරීරයත් සමඟයි. කෙනෙක් මරණයට පත් වූ විට ඔහුගේ පෙර භවය පිළිබඳ මතකයන් එක් වරම නැති වෙන්නෙ නෑ. නැත්නම්, බොහෝ දෙනෙකුට ක්ෂණිකව අලුත් භවයක් තහවුරු වන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත්, පෙර භවයේ පියදාස නමින් සිටි පුද්ගලයා මියගිය නමුත්, ඊළඟ ප්‍රතිසන්ධියේදී ද ඔහු තමන් පියදාස ම යැයි සිතීම.

මේ පුද්ගලයා තවත් කෙනෙකු තුළට ඇතුල් වන්නේ කෙසේද ?

මෙහිදී මළගිය ප්‍රාණකාරයාගේ කාය විඤ්ඤාණය ජීවමාන මිනිසෙකුගේ කාය විඤ්ඤාණය විනිවිද ගොස් ඔහුගේ මනස ග්‍රහණය කරනවා. මේ හේතුවෙන් මළ ගිය පුද්ගලයාට තිබුණු අතේ අමාරු බඩේ අමාරු ආදී රෝග ලක්ෂණ ඔහු (ජීවමාන පුද්ගලයා) තුලින් ද මතු වෙනවා. මෙබඳු සිදුවීමකට එක් උදාහරණයක් නම්, වරකාපොළ ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙක් පිහි ඇනුමකින් මිය ගියා. කලකට පසු ඔහුගේ නැගණිය හිසේ පිටුපස සුව නොවන වේදනාවකින් පෙළීම නිසා මා වෙත ප්‍රතිකාර සදහා පැමිණියා. එසේම මිය ගිය අයියාගේ භූතාත්මය ඇගේ ශරීරයට ඇතුල් වූ විට ඇයගේ හිසේ වේදනාව වැඩි වන බවක් පෙනෙන්නට තිබුණා. ඇයගේ සහෝදරයා මියගියේ පිහි ඇනුමකින් බව නීතියෙන් තහවුරු ව තිබුණා සේම පවුලේ අයද එය පිලිගෙන තිබුණා. නමුත්, ඔහු සිය නැගණියට ආවිෂ්ට වී ප්‍රකාශ කළේ තමන් මියගියේ පිහි ඇණුම හේතුවෙන් නොව, එම අවස්ථාවේදීම වෙනත් පුද්ගලයෙකු පිටුපස සිට හිස පිටුපසට එල්ල කල පොළු පහරක් හේතුවෙන් බවයි. බොහෝ දුරට අන්තරාභවික ජීවින් මේ ආකාරයෙන් ප්‍රකාශ කරනු ලබනවා.

පුද්ගලයාගේ ශක්ති ශරීරයට භූතාත්ම ඇතුල් වන්නේ කොහොමද ?

පුද්ගලයාගේ ශක්ති ශරීරයට ඇතුල් වන්නේ අන්තරාභවිකයන් පමණක් නොවේ. යම් භවයක් තහවුරු වූ යක්ෂ-ප්‍රේතාදි ජීවින්ද ශක්ති ශරීරයට ඇතුල් වෙනවා. ඔවුන් එසේ එන්නේ තමන්ගේ පැවැත්ම හා යැපීම සඳහා ආහාර සොයා ගැනීම පිණිසයි, ඔවුන් ගඳ සුවඳ කොටස්වල සියුම් රූප කොටස් ආහාරයට ගන්නවා. එසේම ඇදුරන්ගේ යන්ත්‍ර මන්ත්‍ර මගින් කෙරෙන අණ කිරීම් හේතුවෙන් ද එසේ ශරීර වලට ඇතුල්වන අවස්ථා තියෙනවා. ඒ වගේම වෛරී සිතිවිලි ආහාරයට ගන්නා එවැනි අමනුෂ්‍යයින්ද ඉන්නවා. වෛරී සිතිවිලි ආහාරයට ගන්නා අමනුෂ්‍ය ජීවියෙක් දෙව්ලොව ආක්‍රමණය කිරීමට යෑම පිළිබඳ සිද්ධියක් සංයුක්ත නිකායේ පලමු කාණ්ඩයේ දුබ්බන්නීය සූත්‍රයේ සඳහන් වෙනවා. (සං.නි. 1, 424 පිටුව)

ඒ වගේම දුක්ඛිත තත්වයන්ට පත්ව සිටින සමහර අමනුෂ්‍යයෝ තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ජීවත්ව සිටින ඥාතීන් දැනුවත් කරන අවස්ථා තියනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්ව සිට මිය ගිය ඥාති ප්‍රේතයන් බිම්බිසාර රජුගෙන් පින් ඉල්ලීම පිළිබඳ සිද්ධියක් තිරෝකුඩ්ඪ සූත්‍රයේ සඳහන් වෙනවා.

මිනිසුන් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ලක්වන්නේ ඇයි ?

මේ ප්‍රශ්ණයට පිලිතුර අපේ බුදු රජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරල තියෙනවා. ‘‘බ්‍රාහ්මණය : මේ යුගයේ ජීවත් වන්නෝ අධර්ම රාගයෙන් රත් වූවෝ වෙති. ලෝභයෙන් විෂම වුවෝ වෙති. මිත්‍යා ධර්මයෙන් යුක්ත වූවෝ වෙති. මෙවැන්නන් අතරට යක්ෂ සේනාපතීහු සැඩ යකුන් මුදා හරිති. ඒ හේතුවෙන් බොහෝ මිනිසුන් මරණයට පත් වෙති. අනාගතයේ ජනගහනය අඩු වීමට හේතු ලෙස යුධ කෝලාහල, ස්වාභාවික ව්‍යසනයන් හා අමනුෂ්‍ය බලපෑම් ක්‍රියාත්මක වේ.’’ (අංගුත්තර නිකායේ, ටික නිපාතයේ, මහාකාල සූත්‍රය).

මානසික ඒකාග්‍රතාව බිඳ වැටීමත් අමනුෂ්‍ය දෝෂ වලට හේතුවක් ද ?

මිනිසා ආහාරයට ගන්නා ආහාර වර්ග හතරකි.

1. ඕලාරික ආහාර
2. මනෝ සංචේතනික ආහාර
3. ස්පර්ශ ආහාර
4. විඤ්ඤාණ ආහාර

මේ අතරින් ඕලාරික ආහාර හැර අනෙක් කොටස් තුනම මානසික ආහාරයන් වේ. නමුත් මේ අතරින් අප පිරිසිදු කොට සෝදා පවිත්‍ර කොට ආහාරයට ගනුයේ ඕලාරික ආහාර පමණි. අනිත් ආහාර වර්ග තුනම අප ශරීර ගත කර ගනුයේ හොඳ නරක තෝරා ගැනීමකින් තොරවය. මිනිසා එක්වර කාර්යයන් කිහිපයක් සිදු කරයි. උදාහරණයක් වශයෙන් ඔහු රුපවාහිනී බලමින් ආහාර ගනී. දුරකතනයට සවන් දෙමින් ආහාර ගනී. වාහනවල ගමන් බිමන් යමින් ආහාර ගනී. අවසානයේ ඔහුට තමන් ගිල දැමූ ආහාරයේ රස ගුණ සුවඳ පිළිබඳව පවා මතකයක් නැත. බැලූ දර්ශනයේ වර්ණයද මතක නැත. මෙයින් ඔහුගේ යටි හිතේ අතෘප්තිකර බවක් හට ගනී. තමන්ට තමන්ම එරෙහි වීම ඔහු විසින්ම සිදු කරගෙන ඇත. මෙයින් ඔහුගේ මනස අතෘප්තිකර වී මානසික, ඒකාග්‍රතාව බිඳ වැටේ. ශක්ති ශරීරය දුර්වල වී ඉහිල් වේ. අදෘෂ්‍යමාන බලවේගවලින් ආරක්ෂාවීම සඳහා පුද්ගලයාගේ ස්වාභාවයෙන් නිර්මිතව ඇති ශක්ති වළල්ල කඩතොළු වීම හේතුවෙන් එවන් තැන්වලින් අමනුෂ්‍යයන් ශරීරවලට රිංගති.

දැන දැන වැරදි කිරීමද තමා විසින්ම තමන්ගේ අධ්‍යාත්මීය ශක්තිය හීන කර ගැනීමට හේතුවකි. තමන් සිදු කරන කායික වාචසික ක්‍රියාවලින් වරදක්, පාපයක්වන බව දැන දැනම අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරන්නාගේ ආරක්ෂක ශක්ති වළල්ල නිරාවරණය වීමෙන් අමනුෂ්‍ය ග්‍රහණයට ලක් වේ.

මේ අධ්‍යාත්මීය ප්‍රතිකාර ක්‍රමය කුමක්ද ?

ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයෙන් ශක්ති කිරණ නිකුත් වෙනවා. දීර්ඝ කාලීනව භාවනා අභ්‍යාස වල යෙදීම හේතුවෙන් මගේ ශරීරයෙන් ශක්ති කිරණ ප්‍රබලතාවය වැඩි කර ගෙන තියෙනවා. එම කිරණ එල්ල කිරීමෙන් අමනුෂ්‍යයින් දමනය කොට පුද්ගල ශරීරයෙන් ඉවත් කළ හැකියි. නමුත් අප විසින් කරනුයේ එසේ අමනුෂ්‍ය බලවේග ඉවත් කිරීමෙන් පමණක් නොනැවතී, ඔවුන්ට නැවත ඇතුල්විය නොහැකි වන අයුරින් රෝගියාගේ ශක්ති ශරීරය බලගැන්වීමය.

ඒ සඳහා බෞද්ධ මනෝ විශ්ලේෂණ සංකල්ප සහ උපද්‍රව භාවිතා කොට සිදු කෙරෙන ප්‍රතිකාර මේ යටතේ ප්‍රධානම බෞද්ධ චිකිත්සක ක්‍රමවේදය වන ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් යටතේ ප්‍රතිකාර සිදු කරනු ලබනවා. එහිදී, ශීලය යටතේ රෝගියාගේ සාමාන්‍ය වැරදි සහගත චර්යාවන් හඳුනාගෙන එම චර්යාවන් නිවැරදි කිරීම සඳහා චර්යා ප්‍රතිසංස්කරණය සිදු කරනු ලබනවා. එම චර්යා ප්‍රතිසංස්කරණය සඳහා බෝධි පූජා, පිරිත් දේශන ගායනා හා වෙනත් බෞද්ධ සංස්කෘතික අංගයන් භාවිතයට ගනු ලබනවා.

එසේ ශීලය යටතේ වෙනස් කල චර්යාවන් සහ නැවත ස්ථාපිත කල නව චර්යාවන් නිසා සිතෙහි ඒකාග්‍රතාවයන් ඇතිවේ. එම එකඟතාවය සමාධි ලෙස අර්ථ ගැන්වේ.

ප්‍රඥාව යටතේ පුද්ගලයාට ලෝකයේ ස්වභාවය සම්බන්ධයෙන් යථා අවබෝධය තමාගේ ජීවිතය තුලින්ම ලබා ගැනීමට මග පාදයි. එමගින් තමා තුල ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීම නිසා මානසිකව කඩා නොවැටී තමා අළුතින් ස්ථාපිත කරගත් චර්යා ධර්මතාවය තුල ගමන් කිරීමට මගපෙන්වීම ලබා දෙයි.

මෙයින් ඔබ සමාජයට ලබා දෙන පණිවුඩය කුමක්ද ?

අමනුෂ්‍ය දෝෂය යනු තවත් රෝගයකි. ඒ රෝගයට බුදු දහම තුළ නිශ්චිත පිලිතුරක් ඇත. ඒ ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීමයි. පන්සිල් රැකීමයි. දැඩි ආත්ම විශ්වාසයෙන් ජීවත්වන අය අමනුෂ්‍ය දෝෂවලට ලක් නොවේ. දේවාල පස්සේ ගොස් කාලයත් ධනයත් විනාශ කර ගත යුතු නැත.

ඔබතුමාගේ පෞද්ගලික විස්තරත් මේ මහා අධ්‍යාත්මික කර්තව්‍යය සඳහා ඔබතුමා යොමු වූ ආකාරය පිළිබඳව විස්තරයක් කරනවා නම්.....

මා ඉගෙන ගත්තේ බොරැල්ල ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. එතැනින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වී කළමනාකරණ උපාධිය සමත් වුණා. ජාතික කළමනාකාරිත්ව ආයතනයෙන් මානව සම්පත් ඩිප්ලෝමාවත් සමත් වුණා. ඉන්පසු උසස් ජාතික ගණකාධිකරණ (H.N.D.A) ඩිප්ලෝමාව සමත් වුණා. අන්තර් ජාතික ප්‍රමිති ආයතනයෙන් (I.S.O – 9000) තත්ත්ව කළමනාකරණ පිළිබඳ විගණකවරයෙක් හා උපදේශක වරයෙක් ලෙස සහතික ලැබුවා. මානව සම්පත් කළමනාකරණ උපදේශකවරයෙක් හා ඵලදායිතා උපදේශකවරයෙක් ලෙස ප්‍රසිද්ධ සමාගම් කීපයක්ම මගේ සේවය ලබනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් ආයතනයේ බෞද්ධ ආයුර්වේද උපාධි, ඩිප්ලෝමාව සමත් වුණා. කැළණි විශ්ව විද්‍යාලයෙන්ම බෞද්ධ මනෝ උපදේශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සමත් වුණා. මානව සෞඛ්‍ය සදහා අධිභෞතික බලපෑම් පිළිබඳ ආචාර්ය උපාධියට පර්යේෂණ කටයුතු කරගෙන යනවා.

මා කුඩා කල සිටම බුද්ධ වන්දනාවට කැමැත්තක් දැක්වුවා. හරිම කැමැත්තෙන් දහම් පාසල් ගියා. භික්ෂුන් වහන්සේ කෙරෙහි ගෞරව කළා. උදේ හවස ආගමික වතාවත්වල යෙදුණා. මේ අතර මා තුළ අතීන්ද්‍රීය ශක්තියක් ගොඩ නැගුණා. මා වයස අවුරුදු 7-8 කාලයේදී පවා අදෘෂ්‍යමාන ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූවා. මෙයින් මට යම් දේ කිරීමේ හැකියාවකුත් ගොඩ නැගුණා. උදාහරණයක් වශයෙන් පාසලේදී ගෙදරදී කර ගෙන ආයුතු පැවරුම් වැඩ කරගන්නට බැරි වුණ දාට “අද ටීචර් ඉස්කෝලේ එන්නේ නැත්නම් හොඳයි” කියා හිතනවා. ඒක සීයට සීයක්ම සාර්ථක වුණා. මිනිසුන් දුටු විට ඔවුන්ගේ ශරීර වලින් යම් යම් විවිධ වර්ණ ආලෝක නිකුත්වන හැටි දුටුවා. මෙසේ මා ගොඩනගා ගත් ශක්තියෙන්, දැනට දෙස් විදෙස් රෝගීන් සුවපත් කරගෙන යනවා.

(මතුගම මහින්ද විජේතිලක මහතා විසින් රචිත පියවි ඇසින් ඔබ්බට 2 – මරණින් මතු අත්දැකීම් පොත ඇසුරිනි)


ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය

Paranormal Research Center

Address : 33/1 , Dharmapala Mawatha , Madiwela , Kotte

T.P. General : 011 306 9749
T.P. Hotline : 071 883 6221

----------------------

Spiritual Healer & Buddhist Counselor
(Master Spiritual Healer , Kasun Thisara Nagodavithana) :

071 522 1273

Administrative Officer (Paranormal Research Center) :

0717 657617 (Mr. Jayarathna)

Asst. Administrative Officer (Paranormal Research Center) :

0717 657617 (Mrs.Rohini)

Treatment Appointments (Every Tuesday from 9 a.m. to 4 p.m.) :

0112 882834

Head of Community (Vishwaprani Foundation) :

0713 111144 (Mr. Waruna Udawatta)

---------------------

Email : info@gupthagaweshana.org

Skype : gupthagaweshana

The Map :



-
+++++++++++++++++++++++++++++++++

https://www.flickr.com/photos/vishwaprani/

https://www.facebook.com/kasun.nagodavithana

=================================

නවීන විද්‍යාවෙන් හෙලිවන අමනුෂ්‍ය ලෝකය
The Investigation of Paranormal Existence Through Technology: A Factual Discussion

An Invited public lecture on the topic was given by spiritual healer, Master Healer Mr. Kasun Thisara Nagodavithana & Resident Lecturer Mr. B. A. Jayantha Bogoda on the 1st of June, 2016 from 3.00 to 5.00 p.m. at the University of Peradeniya.

Organized by:
The Society of Philosophy
Department of Philosophy & Psychology,
University of Peradeniya.

Special Thanks To:
Mr. B.A.Jayantha Bogoda (Lecturer)
Department of Philosophy & Psychology
Faculty of Arts - University of Peradeniya for inviting us for the occasion

Technical Staff
Faculty of Arts - Universtity of Peradeniya

Students of the Faculty of Arts

Students of University of Peradeniya

Everyone who supported us various ways & participated in the lecture

Last but not least a very special thanks goes to our Most Dearest Spiritual Teacher , Master Healer Mr. Kasun Thisara Nagodavithana for gracing this occasion with his presence and sharing the invaluable knowledge with with us and giving us his time from his very busy schedule.

A Co-Production of The Vishwaprani Paranormal Unit & Vishwaprani Media Unit.

https://www.youtube.com/watch?v=FFt8YVdz_II

106 min.s

=================================

-
 
TOP