ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි දිවි ගමනට සමුදෙයි

(27.05.2019 – 18:14 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් කළේය.

මිය යන විට ගාමිණි හෙට්ටිආරච්චි මහතා 68 හැවිරිදි වියේ පසුවිය.

+++++++++++++++++++++

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

(28.05.2019 – divaina.com)

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27 දා) අභාවප‍්‍රාප්ත විය.

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ ඒ මහතා 68 හැවිරිදි වියෙහි පසු විය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්’ වේදිකා නාට්‍යයට රංගන දායකත්වය ලබාදෙමින් රංගනයට අත්පොත් තැබූ ඒ මහතා වේදිකා, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට රැුසක සිය රංගන ප‍්‍රතිභාව විදහාලූ ඒ මහතා දඩබිම, ටෙලි නාට්‍යයෙහි රඟ පෑ මයිකල් නම් වූ මන්ද බුද්ධික පුද්ගලයාගේ චරිතය වෙනුවෙන් 1991 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකරගත්තේය.

අනතුරුව සෙක්කුව, මී පුර වැසියෝ, ඇසළ සඳ, වෙඩික්කාරයා, විනිශ්චය ඇතුළු වේදිකා නාට්‍ය 100 කට පමණ රංගනයෙන් එක්වූ ඒ මහතා මෙරට රූපවාහිනි පේ‍්‍රක්ෂක හදවත් දිනා ගත් යශෝරාවය, සිහිනපුරය, මිල්ලෑව වලව්ව ආදී ටෙලි නාට්‍ය ගණනාවකටද සිය රංගන දායකත්වය එක් කළේ සුවහසක් වූ පේ‍්‍රක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කරමිණි.

සිනමාව වෙනුවෙන් ද සිය රංගන දක්ෂතා විද්‍යාමාන කළ ගාමිණි හෙට්ටිආරච්චි මහතා අස්වැසුම, සිංහාවලෝකනය, බහුබූතයෝ, අයෝමා, කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුලු චිත‍්‍රපට රැසකටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

කොළඹ නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා කලක් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ලෙස ද සේවය කළේය.

රංගන ශිල්පිනී ප‍්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියා වූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වන සුභාෂිනී හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමි පුරුෂයා විය.

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ දේහය රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Wq_g5KcC5IY

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=DJIwqOFUCmU#t=5

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=qZ4YVkE_3jE
14 Dec 2017

+++++++++++++++++++++

Adaraniya Tharuwa with Gamini Hettiarachchi (2016.11.23) – Part 01
Adaraniya Tharuwa with Gamini Hettiarachchi (2016.11.23) – Part 02
Adaraniya Tharuwa with Gamini Hettiarachchi (2016.11.23) – Part 03
Adaraniya Tharuwa with Gamini Hettiarachchi (2016.11.23) – Part 04

+++++++++++++++++++++

ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ නාමය කලා ලොවේ බබලවන ප්‍රතිභා මෙන්න – හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා

(28.05.2019 – webgossip.lk)

දිවි මඩලෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ නිසල දේහය නාවල කොස්වත්ත පාරේ අංක 162 දරන නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඒ මහතාගේ අවසන් කටයුතු 2019 මැයි 30 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට නාවල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රංගන ශිල්පිනී ප්‍රතිභා හෙට්ටිආරච්චිගේ පියාණන් වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා මිය යන විට 68 වන වි‌යේ පසුවුණා.

ගාමිණී හෙට්ටිආරච්චි මහතා මේ දිනවල දෙරණ නාලිකාව මගින් විකාශය වන සිඳු ටෙලි නාට්‍යයේ සිඳුගේ සීයා ලෙස රංගනයේ නියැලුණා.

ඒ මහතා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වුණේ හෘදයාබාදයකට ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මේ දියණිය ඇතුළු ඔහුගේ පවුලේ ඡායාරූප කිහිපයක් මෙන්න :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *