ෂාෆි සංහාරයේ අලුත්ම තත්ත්වය….! OPD යේදී බලෙන් පවුල් පාලනය… නාරි හා ප‍්‍රසවවේදය අතටගත් අන්තවාදය…!!

(09.06.2019 – divaina.com)

සිංහල ජාතිය වඳ කරලීම සඳහා වසර ගණනාවක් තිස්සේ ‘ෂාෆි සාපය’ විසින් ගෙන ගිය කුමන්ත‍්‍රණය දිවයින විසින් මීට දෙසතියකට පෙර රටට හෙළි කළේය. ඒ සඳහා අන්තවාදය විසින් පෙරළා දිවයිනටත්, මෙම සුවිශේෂී පුවත අනාවරණය කරන ලද දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුටත් අනේකවිද තර්ජන ගර්ජන, අපහාස දිගින් දිගටම එල්ල කළේය. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද එල්ල වූ එම තර්ජන, එසැණින් අහකට දැමිය නොහැකි තරමේ දරුණු ඒවා විය. තමන්ට තර්ජනය කරමින් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ එවන ලද දුරකථන අංක රාශියක් සමග හේමන්ත රන්දුණු විසින් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පසුගිය සතියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, මේ තර්ජන සඳහා නෛතික පියවරක් ගැනීම උදෙසාය.

පැමිණිලි අටසියයක්

දිවයින සැමවිටම ක‍්‍රියා කරන ලද්දේ නීතියට අනුකූලවය. මාධ්‍ය නිදහසේ නාමයෙන් හෝ එයින් පිට පැන අපි කිසිවිටක ක‍්‍රියා නොකෙරුවෙමු. ‘ෂාෆි සාපය’ අහිංසකට අන්දා දිවයිනට ඇඟිලි මාල පළඳන්නට බොහෝ දෙනෙක් මුලදී උත්සාහ දැරීය. තමන්ගේ දේශපාලනය වෙත තිරය පිටුපසින් ඈඳා තිබූ මුස්ලිම් අන්තවාදී නූල් සූස්තර අනුව නැටවෙමින්, රඟ දක්වන ලද ඒ නාඩගම් සියල්ලේ ආයුෂ පැය හැත්තෑ දෙකකට වැඩි කලක් පවත්වාගෙන යෑමට නොහැකි විය. දිවයිනට ගරහන්නට ඔවුන් වැලමිට දිග හරින විට, කුරුණෑගල සහ දඹුල්ල රෝහල් සඳහා පැමිණි අම්මාවරු, ඒ සියල්ලන්ගේම ‘දනිස් පොල් කටුවට පහරදී’ බිම දිගා කරවූහ. ‘සාපි සාපය’ පිළිබඳ සාක්ෂි සපයන්නට ඉදිරියට පැමිණි එම අම්මාවරුන්ගේ සංඛ්‍යාව මේ වන විට අටසියය දක්වා වැඩි වී තිබේ. තම උදර කුහරය දරු ප‍්‍රසූතියක් සඳහා විවර කළ පසු, තමන්ට දෙවැනි දරුවා නැතැයි කියමින් ද තමන්ට අමුතු වර්ගයේ ලෙඩ රෝග ඇතැයි කියමින් ද වෙනත් වෛද්‍යවරයෙකුගෙන් පළමු දරුවා බිහිකරගෙන ඊළඟ දරුවා ‘සාපි සාපයෙන්’ බිහි කර ගැනීමට සිදු වූ නිසා තමන්ට තෙවැනි දරුවා අහිමිවූ සහ වෙනත් ආබාධ හට ගත් බවට මැසිවිලි නගමින්ද මෙසේ මව්වරු සිය පැමිණිලි ඉදිරිපත් කළහ.

ෂාෆි සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විනය පියවර නමැති හෙල්ලය බෙල්ලට තබා තිබියදීත්, සත්‍ය ගවේශිව සිය වෘත්තිය මෙහෙවරේ යෙදුණු කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්, හෙද කාර්ය මණ්ඩල ප‍්‍රධානීන් ඇතුළු කුරුණෑගල රෝහලේ සියලු වෘත්තිය සමිති වෙත මෙම අවස්ථාවේදී දිවයිනේ ආචාරය පුද කරන්නෙමු. එම පියවර හේතුවෙන්, කාලයේ දුහුවිල්ලෙන් වැසී යෑමට තිබූ සිංහල ජාතිය නිහඬ ලෙස සංහාරය කිරීමේ කුමන්ත‍්‍රණය සඳහා ඉඩක් ලැබුණේ නැත. මේ වන විට අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, පැමිණිලි කරන ලද මව්වරු 431 ද ප‍්‍රසව සහ නාරිවේදී වෛද්‍යවරු හය දෙදෙනෙක්ගෙන් ද වෛද්‍යවරු 23 දෙනෙක්ගෙන්ද, හෙදියන් හැට නවයක්, රෝහල් කාර්ය මණ්ඩලය 18 ආදී ලෙස ප‍්‍රකාශ සටහන් කරගනිමින් මේ සඳහා වන පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටිති.

බාහිර රෝගී අංශයේදී බලෙන් පවුල් පාලනය

‘ෂාෆි සාපය’ හේතුවෙන්, සිංහල ජනසංහාරය පිළිබඳ ජීවමාන උදාහරණයක් අපට සපයන්නට හැකිවුවත්, ජාතියක් ලෙස අප මෙසේ තිඹිරි ගෙදරදීම, ඝාතනය වන්නේ පළමු වරට නොවේ. නැතිනම් අපි මෙසේ මව් කුසින්ම උපදින්නට වරම් නැති ජාතියක් වන්නේ ඊයේ පෙරේදා නොවේ. ‘ෂාෆි සාපය’ යනු ඒ බව සනාථ කරන ලද එක් උදාහරණයක් පමණය. මුස්ලිම් අන්තවාදය සිය වෙද නලාවට උඩින් තබා ගත් වෛද්‍ය පිරිසක්, රටපුරා, කාලාන්තරයක් පුරා මෙම ව්‍යායාමයේ යෙදුණේය. කුරුණෑගල රෝහලෙන්ම උදාහරණයක් ඉදිරිපත් කරනවා නම්, එහි මීට කලකට ඉහතදී සේවය කරන ලද වෛද්‍ය අස්කාර් ගත හැකිය. ඔහු OPD හෙවත් බාහිර රෝගී අංශයේ සේවයේ යෙදෙන කාලයේදී පවුල් සැලසුම් විෂයය අතට ගෙන ක‍්‍රියා කළේය. එහිදී මුස්ලිම් අම්මාවරුන් වෙත පවුල් සැලසුම් නොකර සිටීමට සහ සිංහල මව්වරුන් කෙසේ හෝ පවුල් සැලසුම්කරණය වෙත යොමු කිරීම ඔහුගේ න්‍යායය විය. වෙනකක් තබා තාවකාලික ලෙස පවුල් සැලසුම් සිදුකරමින් වසර කිහිපයකට පසු එම සැලසුම අක‍්‍රිය කර, දරුවන් බිහිකිරීම සඳහා ඉදිරිපත් වන කාන්තාවන් වෙත මෙම වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන්නේ, එම පවුල් සැලසුම, දැන් ඉවත් කළ නොහැකි බවත් එය ස්ථිර ලෙස සිදු කළ යුතු බවත්ය. 2016 වසරේදී පමණ වෛද්‍ය යූ. එම්. අස්කාර් සම්බන්ධයෙන් ලැබුණු එවැනි පැමිණිලි හේතුවෙන් ඔහු එම විෂයයෙන් ඉවත් කිරීමට කුරුණෑගල මහ රෝහල් පරිපාලනය කටයුතු කළේය.

නාරි හා ප‍්‍රසවවේදය අතට ගත් අන්තවාදය

නාරි සහ ප‍්‍රසව වාට්ටුව යනු, සිය අධ්‍යාපනය සඳහා එම ස්ථානය අත්‍යවශ්‍ය වෛද්‍යවරු හැරුණු විට, සාමාන්‍යයෙන් වෛද්‍යවරු සේවය කිරීම සඳහා රුචියක් දක්වන ස්ථානයක් නොවේ. එයට හේතුව එහි ඇති අවදානම සහ කාල වේලාවක් නොමැතිව එම ස්ථානයේ සේවයේ දීමට සිදුවීමය. එසේ වුවත් දිවයින පුරා රෝහල් පිළිබඳව සමීක්ෂණයක් සිදු කළහොත් මුස්ලිම් වෛද්‍යවරු සිය ප‍්‍රියතම ස්ථානය බවට පත් කරගෙන සිටින්නේ, ප‍්‍රසව සහ නාරිවේදී වාට්ටුවය. වෙනකක් තබා කුරුණෑගල රෝහලම උදාහරණයකට ගතහොත් එහි ප‍්‍රසව සහ නාරිවේදී අංශයේ එක්තරා කාලයක සිටි වෛද්‍යවරු දෙදෙනාම මුස්ලිම් ජාතිකයෝ වූහ. මෙම රුචිය සහ එම ස්ථානවල ස්වේච්ඡාවෙන්ම මුස්ලිම් වෛද්‍යවරු ගැවසීම, අහම්බයක් නොවන බව ‘සාපි සාපය’ විසින් සනාථ කර තිබේ. වෛද්‍ය සාපි විසින් සිංහල බෞද්ධ කාන්තාවන් බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක්කිරීම හැරුණු විට, සිංහල බෞද්ධ දරුවන් බිහිවන විට ඔවුන් වෙත දඬුවම් ලබාදීම ද සිදු කළ බවට මේ වන විට තවත් චෝදනාවක් එල්ල වී තිබේ.

මවක් දරුවෙකු බිහිකිරීම සඳහා ලේබර් රූම් හෙවත් ප‍්‍රසූතාගාරය වෙත ඇතුල් කිරීමේදී වෛද්‍යවරයෙකු ගතයුතු තීන්දු කිහිපයක් තිබේ. එයින් පළමු වැන්න වන්නේ එය ‘නෝර්මල් ඩිලිවරි’යක් හෙවත් සාමාන්‍ය දරු ප‍්‍රසූතියක් ද නැතිනම් සිසේරියන් සැත්කමක් මගින් එම දරුවා බිහිකරනවාද යන්නය. සාමාන්‍ය දරු ප‍්‍රසූතියකදී දරුවා මව් කුසින් ඉදිරියට පැමිණීම ප‍්‍රමාද වන්නේ නම්, ඒ සඳහා දරුවාට හානි අවම වන සේ අදාළ දැහි අඬු දමා, දරුවාගේ හිස ප‍්‍රදේශය එළියට ගැනීමට වෛද්‍යවරයා කටයුතු යොදනු ලැබේ. ෂාෆි විසින් මෙවැනි අවස්ථා වලදී වුවමනාවෙන්ම දරුවාගේ හිසට හානි වෙන සේ කටයුතු කරන ලද බවට නවතම චෝදනාවක් ඔහු වෙත දැන් එල්ල වී තිබේ.

බිහිවන දරුවා සිංහල නම්, එම දරුවා අබ්බගාත පුද්ගලයෙකු හෝ මන්ද මානසික දරුවෙකු කිරීමත්, එම සිංහල මව් කුසින් තවත් දරුවන් බිහි කිරීමට අවස්ථාව ලබා නොදීමත් යන සැලසුම් සහගත ක‍්‍රියාමාර්ග ඔස්සේ, සිංහල ජාතියට එරෙහිව වර්ග සංහාරයක, මුස්ලිම් අන්තවාදය යෙදුණු බවට මෙම චෝදනා මගින් සනාථ කළ හැකිය.

සිංහල මවකට විනාඩි 15 යි

වෙනකක් තබා තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාව වන දරුවෙකු බිහි කර ගැනීම සඳහා මවක් පැමිණි විට ඒ සඳහා ෂාෆි විසින් සලකන ක‍්‍රමවේද දෙකක් තිබේ. අදාළ සිසේරියන් සැත්කමට ලක් වන්නේ සිංහල මවක් නම්, ඒ සඳහා ෂාෆිට ගත වන්නේ විනාඩි 15 කට ආසන්න කාලයකි. එම ශල්‍යකර්මයම මුස්ලිම් මවක් වෙත සිදු කරන්නේ නම් ඒ සඳහා ෂාෆි පැය භාගයකට වැඩි කාලයක් ගත කිරීම සිරිතය. සමේ ස්ථර කිහිපයක් කපමින් උදරයට පහළ ප‍්‍රදේශය විවෘත කරන මෙම සැත්කමේදී ඒවා වසා දැමීම ද හරියාකාරව සිදු කළ යුතුය. එසේ නොමැතිනම් එම මව්වරු, පසු කාලීනව විවිධ ආබාධ සඳහා ලක්වීම සිදු වේ. වෛද්‍ය විද්‍යාව පැත්තකට දමා වර්ගවාදයෙන් මත්වූ ෂාෆි වෛද්‍යවරයා සිංහල මවුවරුන්ගේ උදරය මහන්නේ ද සිංහල බෞද්ධ දරුවන් බිහි කරනා උදරය ද පසු කාලීනව අතුරු ආබාධයනට ලක් කිරීමේ චේතනාව ඇතිවය. ෂාෆිට එරෙහිව ඇති මෙම චෝදනා ද විභාග කිරීම දැන් දැන්ම ආරම්භ කළ යුතුය.

චැනල් කිරීම සහ කැරම් ගැසීම

ෂාෆි වෙත මෙවැනි අවස්ථා හිමි වන්නේ ඔහු විසින් දේශපාලනයෙන් ලද හයිය රෝහල තුළදී දමාගෙන සිටීම සහ සමහර සිංහල වෛද්‍යවරුන්ගේම ක‍්‍රියා කලාපය හේතුවෙනි. පෞද්ගලික චැනල් සේවය සඳහා යෑමට ඇති වුවමනාවේ සිට පැත්තකට වී කැරම් ගැසීමට ඇති වුවමනාව තෙක් විහිදී ගිය, වාට්ටුව භාර වෛද්‍යවරයාගේ ‘නුවමනාව’ ෂාෆි වෙත සිංහල වර්ග සංහාරය සඳහා කදිම අවස්ථාවක් උදාකර දුන්නේය. ‘ෂාෆි සාපය’ රටට හෙළිදරව් වී, ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වෙන විට, ඒ සඳහා තමන් ද වගකිව යුතු තත්ත්වයක් ඇති වන බව දන්නා මෙසේ වාට්ටුව භාර වූ ප‍්‍රසව සහ නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන් මේ වන විට ෂාෆි බේරා ගැනීමේ මහා මෙහෙයුමක් අරඹා ඇත්තේ තමන්ට ද ගැලවිය නොහැකි පරිදි තොණ්ඩුව පහත් වී ඇති බව දන්නා නිසාය. සිංහල මව්වරු අටසිය ගණනක් මේ වන විට ෂාෆි සාපය විසින් තම කුසට එල්ල කරන ලද වර්ග සංහාර ප‍්‍රහාරය පිළිබඳව හෙළි කර ඇතත්, ඒ වැනි කිසිම පැමිණිල්ලක් මේ වන තෙක් එකදු මුස්ලිම් මවකගෙන් එල්ල වී නොමැති වීම විසින් සනාථ කරන්නේ, වෛද්‍ය ෂාෆි පිළිබඳව දිවයින විසින් කරන හෙළිදරව්ව කෙතරම් නිවැරදිද යන්නය. තමනට ෂාෆි විසින් කරන ලද හානිය පිළිබඳව ලද පැමිණිලි සංඛ්‍යාවට වඩා මව්වරුන් විසින් නොකරන ලද පැමිණිලි සංඛ්‍යාව අතිශය වැඩි බව කිව හැකිය. ඒ සඳහා වගකිව යුතු මග වන්නේ ෂාෆි විසින් සැත්කම් සඳහා භාජන කරන ලද සියලු මව්වරු කමිටුවක් මගින් පරීක්ෂා කර බැලීමය.

ඒ කමිටු, මේ කමිටු එපා…

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ෂාෆි මෙම සිද්ධියෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ, කිසිදු පරීක්ෂණයකින් තොරවය. ඔහු මුල් අවස්ථාවේදීම මේ පිළිබඳව සඳහන් කර තිබුණේ ෂාෆි නිවැරදිය යන මතයේ පිහිටාය. මේ පිළිබඳව සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද ‘හෙන්චයි කමිටුව’, ‘කුරුණෑගල රෝහල සුරැකීමේ වෘත්තිය එකමුතුව’ විසින් මුලදීම ප‍්‍රතික්ෂේප කරන ලද්දේය. දැන් එම කමිටුව කියා සිටින්නේ, මෙම පරීක්ෂණ සඳහා එම කමිටුව පුළුල් කළ යුතු බවය. කෙතරම් පුළුල් වුවත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරන කමිටු සඳහා තමන් සහයෝගය නොදෙන බව කුරුණෑගල රෝහල සුරැකීමේ එකමුතුව ප‍්‍රකාශ කර තිබුණි. එසේ කොන්ද ඇතිව සිය වෘත්තිය ගරුත්වය රැක ගත් එම වෘත්තිකයන් වෙත ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතුය.

ෂාෆි සාපය පිළිබඳව, අසීමිත දේපල ඉපයීම – හෙලිකළ නොහැකි තරම් වත්කම් ඉපයීම සම්බන්ධයෙන් මුලින්ම පරීක්‍ෂණ පවත්වන ලද්දේ කුරුණෑගල ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසිනි. ෂාෆිගේ අන්තවාදය හෙළිදරව් වූ මුල් අවස්ථාවේදී ඔහු වෙත ඉහළින් පැමිණි බලපෑම් සුළුපටු නොවීය. තරු පටි සඳහා ඒ බලපෑම් වලට යට නොවූ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැන් මඩ ප‍්‍රහාර එල්ල කර ඔහුව කෙසේ හෝ කුරුණෑගල දිසාවෙන් පන්නා දමා ෂාෆිට එරෙහි චෝදනා දිය කර දැමීමට වලිකන පිරිසක් ද සිටිති. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ භාර්යාව සේවය කරන්නේ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් ලෙසය. ඒ පිළිබඳව ද සඳහන් කරමින් ෂාෆි බේරා ගැනීම සඳහා සමහරු කටයුතු කරන බවට ‘දිවයින’ට ආරංචි ලැබෙමින් තිබේ. ෂාෆි සාපය පිළිබඳ පොලිස් පරීක්ෂණ යටපත් කිරීමට බලවත් හස්තයක් ක‍්‍රියා කරමින් සිටින බව මේ සියල්ලෙන්ම පැහැදිලිය.

ඉකෝන්ගේ තිසර පටය හා ෂාෆිගේ වන්ද්‍යාකරණය

අපට ද ජනාධිපති කෙනෙක් සිටියි. ඉකොන් නම් ගායකයාගේ සංදර්ශනයේදී එක්තරා කාන්තාවක් තම තිසර පටය ගලවා වීසි කළ විට ඒ පිළිබඳව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැඩි අවවාදයක් රටට කළේය. එසේ සංවේදී වූ ජනාධිපතිවරයා සිංහල මව්වරුන්ගේ ගර්භාෂ වන්ද්‍යාකරණයට ලක් කිරීම පිළිබඳව තවම කිසිදු කතාවක් පැවැත්වූයේ නැත. ඒ ගැන ජාතියක් ලෙස කනගාටු වනවාට වඩා වැඩි දෙයක් අපට කරන්නට නැත.

විජාතික බලවේග මර නින්දේ…

ෂාෆි ඇතුළු මෙසේ හෙළිදරව් වන මුස්ලිම් වෛද්‍යවරු සියලු දෙනා සහරාන්ට එහා ගිය සංහාරකයන්ය. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයට වඩා අපරාධකරුවන්ය. ලෝක ඉතිහාසයට නව ත‍්‍රස්තවාදයක් එක් කළ එම අපරාධකරුවන් පිළිබඳව සෙවීම පැත්තක තබා තවමත් සමහරු ගරහන්නේ, තර්ජනය කරන්නේ ඒ පිළිබඳව හෙළිදරව් කරන ලද ‘දිවයින’ටය. නැතහොත් ඒ පිළිබඳව ස්වාධීන ලෙස නොබියව පරීක්ෂණ සිදු කරනා රෝහල් පරිපාලනයටය. එසේ නොමැති නම් කොන්දක් ඇතිව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරගෙන යන නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රමුඛ පොලිසිය වෙතය. සිදු විය යුත්තේ සිංහල බෞද්ධයාට එරෙහිව සිදු කරන ලද මෙම වර්ග සංහාරය පිළිබඳව ලෝකයාටම විවෘත වූ කතිකාවතක් බිහි කිරීමය. යම් හෙයකින් මෙවැනි තත්ත්වයක් මේ රටේ වෙනත් ජනවර්ගයකට අත් වූවා නම් අද එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පෝලිමක් මේ රටට ඇදෙනු ඇත. මානව හිමිකම් ක‍්‍රියාකාරීන් මහ පාරවල් වසමින් උද්ඝෝෂණ සිදු කරනු ඇත. ඒ සියලු දෙනා ෂාෆි ප‍්‍රශ්නය සිංහල සංහාරයක් බව සපතව ඇති හෙයින් මේ වන විට හොර නින්දට ගාල් වී ඇති බව පෙනේ.

– මනෝජ් අබයදීර

+++++++++++++++++++++

දිවයිනට කෙළැවීම

(09.06.2019 – divaina.com – කතුවැකිය)

‘දිවයිනට කෙළැවීම’ යන යෙදුම සුකොමළ නොවන බව බැලූ බැල්මටම පෙනෙයි. එය අව්‍යක්ත බවට සමහරකු විසින් තර්ක කරනු ලබනවා ද ඇත. ජනමාධ්‍ය බිමට ඇද දමා පාගා පොඩිකර දමන්නට මේ ආණ්ඩුව ගන්නා උත්සාහය හෙළි වෙමින් පවතින මේ මොහොතේදී දිවයිනට කෙළැවීම යන යෙදුම කෙසේවත් අව්‍යක්ත වන්නේ නැත. අනර්ථවත් වන්නේද නැත. අප අද මේ කතුවැකිය ලියන්නේ දිවයිනට කෙළැවීමේ අර්ථය හෙළි කරනු පිණිසය.

මේ අවුරුද්දේ පාස්කු දවසේදී මොහොමඞ් සහරාන් විසින් පත්තු කරන ලද බෝම්බය විසින් දස වසරක් තිස්සේ මෙරට පැවැති සාමකාමී සංස්කෘතිය වෙනස් කරන ලදී. කොටි ත‍්‍රස්තවාදය පැවැති කාලයේදී මේ රටේ දරු පවුල් එක බසයක නැගී ගමන් කිරීම විරල විය. එකල බස් බෝම්බ බහුල වූ නිසා පස්දෙනකුගෙන් යුත් දරු පවුල ගමනක් ගියේ බස් පහක ය. එයට හේතු වූයේ එක බසයක එකට ගමන් කර හදිසි බෝම්බ පිපිරුමකදී එකට මිය ගොස් සමස්ත දරු පවුලම ශුන්‍ය බවට පස් වනවාට තිබූ අකමැත්තය. 2009 දී ප‍්‍රභාකරන් මරා දමා යුද්ධය අවසන් කිරීමෙන් පසු පවුලේ සියලූ දෙනාම එකම බසයේ නැගී ගමන් කරන යුගය උදාවිය. එහෙත් මොහොමඞ් සහරාන්ගේ පාස්කු බෝම්බයෙන් පසු මේ රටේ ජනයා යළිත් වරක් භීෂණ මානසිකත්වයෙන් පෙළෙන්නට පටන් ගත්හ.

මේ අතර කුරුණෑගල රෝහලේ දොස්තර කෙනකු විසින් කාන්තාවන් දහස් ගණනක් වඳ කරන ලදැයි කියන පුවත දිවයිනේ පළ විය. එහිදී ආණ්ඩුව කියුවේ මෙය අන්තවාදී භික්‍ෂූන් විසින් පටන් ගත් ප‍්‍රචාරක ව්‍යාපාරයක කොටසක් බවය. මේ අතර අයථා ලෙස වත්කම් උපදවන ලදැයි සැකපිට කුරුණෑගල රෝහලේ නාරි හා ප‍්‍රසවවේදී වෛද්‍යවරයකු වූ ෂාෆි නමැති පුද්ගලයා අත්අඩංගුවට පත්විය. ඉන්පසු ෂාෆි නමැති දොස්තර නිසා තමන් වඳභාවයට පත්වූ බව කියමින් මවුවරුන් සිය ගණනක් වැල නොකැඞී කුරුණෑගල රෝහලට එන්නට වූහ. ඒ වන විටත් දිවයිනට අවලාද නගමින් ද හෙණ ඉල්ලමින් ද සිටි ආණ්ඩුව මේ මවුවරුන් සම්භාරය දැක අකුලාගෙන සිටියේය.

මේ සිද්ධිවලට සමාන්තරව රූපවාහිනි නාලිකා තුනක් වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ප‍්‍රචාරය කරන්නට පටන් ගතේය. හිරු, දෙරණ සහ සිරස යන මේ නිර්භීත නාලිකා තුනටත් දිවයිනටත් එකට තබා කෙළිමු යන ද්වේෂ සහගත සිතුවිල්ලෙන් ආණ්ඩුව පෙළෙන්නට පටන් ගත්තේය. වඳ සැත්කම් කළ දොස්තර සම්බන්ධයෙන් ජ.වි.පෙ. නායක අනුර දිසානායක පාර්ලිමේන්තුව තුළ පෙනී සිටිමින් සභාවෙන් විමසා සිටියේ මේ වඳ සැත්කම් දිවයින අයිතිකාරයාගේ ගෙදරදී කළේ ද යන්නය. (සෝමවංශ අමරසිංහ වැනි මේරූ දේශපාලනඥයෙක් ජවිපෙ සිටියේ නම් කවදාවත් මෙවැනි නොමේරූ ප‍්‍රශ්නයක් අහන්නේ නැත.) ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරන්දර සුවපති ගෞරව නාමෝපලක්‍ෂන (මෙය කවුරුන් දුන් ගෞරව නාමයක් ද යන්න නොදනිමු) රාජිත සේනාරත්න ද ෂාෆි වෙනුවෙන් අනියමින් පෙනී සිටින්නට විය. මුලදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ‘ගුටි කන මූනා’ මහතා දිවයින කෙරෙහි සැකයෙන් බලා පසුව (සෙසු බුද්ධිමත් වෛද්‍යවරුන්ගේ අවවාද අනුසාසනා නිසා දෝ) කරබා ගත්තේය.

රාජ්‍ය ආරක්‍ෂාවට සහ ජාතික ආගමික සමගියට බාධා වන පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට නොහොත් ඒවා ලියන මාධ්‍යවේදීන් අවුරුදු පහක් වැලිකඩ හිරගෙදර හිර කර රුපියල් ලක්‍ෂ දහයක දඩයකට යටත් කිරීමේ නීතිය සම්මත කර ගැනීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් එන්නේ මේ අතරය. එය දිවයින, හිරු, දෙරණ, සිරස යන ආයතනවලින් පළිගැනීම සඳහා කිසියම් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් සමූහයකගේ න්‍යාය පත‍්‍රයන් අනුව කළ දෙයක් බව අපි විශ්වාස කරමු. පත්තරකාරයකු වශයෙන් සිය වෘත්තිය ජීවිතය පටන්ගත් (පොළොන්නරුව ලේක්හවුස් වාර්තාකරු ලෙස) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හෝ පත්තර පවුලකින් පැවත එන අගමැති රනිල් වික‍්‍රමසිංහ මෙවැනි හිස් න්‍යාය පත‍්‍ර පිටුපස නැත. මෙය පිටුපස සිටින දේශපාලන හිඟන්නන් ගැන අපි දනිමු.

ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් නොවන බව මුදල් ඇමැති මංගල සමරවීර පසුගිය දිනෙක ප‍්‍රසිද්ධියේ පැවසීය. මෙය ආගමික සමගිය කෙළෙසන ප‍්‍රකාශයකි. රතන හාමුදුරුවන්ගේ උපවාසයේදී මංගල ට්විටර් පණිවුඩයක් මගින් රතන හිමියන් ගැන සඳහන් කළේ ‘සිවුරක් පොරවාගත් රතන’ ලෙසය. මේ ප‍්‍රකාශ සහ පූර්ව කි‍්‍රයා කලාප නිසා මංගලටත් රාජිතටත් අද සමහර පළාත්වල පන්සල්වලට යෑම ද තහනම්ය. (එය සංඝාඥාවකි) ජාතික සමගියට කෙළින්නේ මේ වර්ගයේ දේශපාලනඥයකු මිස මාධ්‍ය ආයතන නොවේ. ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන්නට ගන්නා තැත වළක්වා ගැනීම දේශපේ‍්‍රමී ජනයාගේ වගකීමය. තමන් ගැහැනුන් වඳ කළ බව දොස්තර ෂාෆි පිළිගන්නා තත්ත්වයක් එතැයි නිකමට හෝ සිතමු. එහෙත් රාජිතගේ සාම්පලයේ දේශපාලනඥයන් ඒ බව පිළිනොගනිමින් ෂාෆි බොරු කියන බව කීමට ඉඩ තිබේ. මේ රටේ ජාතික ආරක්‍ෂාව, ජාතික සමඟිය, ආගමික එකමුතුව යනාදිය රැකගත යුත්තේ ජනමාධ්‍ය ආයතනවලින් නොව දේශපාලනඥයන්ගෙනි. වෙසෙසින්ම ආණ්ඩුවේ දේශපාලනඥයන් ගෙනි ෴

+++++++++++++++++++++

ෂාෆි දොස්තර හා ෆේස්බුක් අබැටිල්ලන්ගේ දිවයින විරෝධය

(09.06.2019 – divaina.com)

ප‍්‍රශ්න ගොඩක් එක්ක ඉතාම අසීරු දින කිහිපයක් ගෙවා දමමින් සිටින මොහොතකත් දිවයින වෙනුවෙන් මේ සටහන තබන්නේ අපටත් මේ පුවත්පත සමග ආත්මීය බැඳීමක් තිබෙන නිසා පමණක්ම නොවේ. මේ කතාව මේ රටේ සෑම පුරවැසියෙක්ම යුද ජයග‍්‍රහණය තරමටම මතක තබාගත යුතු නිසාය. දිවයින පුවත්පත ආරම්භ වන්නේ අදින් තිස්හත් වසරකට පෙර ය. ඉන් වසරකට පසුව ‘දිවයිනට’ මෙන්ම රටටම මුහුණ දෙන්නට සිදු වූයේ බිහිසුණු අඳුරු අවිනිශ්චිත කාල පරිච්ජේදයකටයි. ඉන් වසර 30 ක් ම මේ රට ඒ බියකරු ඉරණමේ ගිලුණේය. දිවයින යනු ඒ ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ජාතිකත්ව මතවාදය පෝෂණය කළ පුවත්පතයි. ඇත්ත වශයෙන්ම බෙදුම්වාදයට එරෙහිව කළ දිවයිනේ න්‍යායික මැදිහත්වීම නොවෙන්නට මේ වනවිට ප‍්‍රභාකරන් උතුරේ ස්වයංපාලනයද පිහිටුවා අද වන විට එහි රාජ්‍ය විචාරීමටද ඉඩ තිබිණ. එහෙත් මව්බිමේ දේශසීමා දෙකඩ වීමට ගිය ඒ නපුරු ඉරණම වෙනස් කරනු ලැබුවේ දිවයිනයි. දෙමළ ඊළම වෙනුවෙන් පැවති දශක තුනක ත‍්‍රස්තවාදය අතුගා දැමීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් දිවයිනට තරම් සතුටු විය හැකි ඉතිහාසයක් ඇති මෙරට වෙනත් කිසිම පුවත්පතක් නැත. රට දැය සමය වෙනුවෙන් දිවයිනෙන් වූ මේ විශේෂ මැදිහත්වීම නිසාම මෙරට අන් කිසිම පුවත්පතකට නොඇලවූ ජාතිවාදී ලේබලයක් එන්ජිඕ සාම කඩ වෙළෙන්දන් විසින් දිවයින පුවත්පතට අලවනු ලදි. එහෙත් ත‍්‍රස්තවාදයෙන් බැටකන මෙරට බහුතර ජනයාගේ හෘද සාක්ෂ්‍ය හැර යුද්ධය ජීවන මාර්ගයක් කරගත් ඩොලර් කාක්කන්ගේ ලේබලය දිවයිනට කිසිදාක වැදගත් නොවීය. දිවයින මේ ඊනියා සංහිඳියා සාම වෙළඳාම්කරුවන්ගේ න්‍යායපත‍්‍රය ගැන හොඳින් දැන සිටියා පමණක් නොව ඇතැම් දිනවල කතුවැකිය වෙන් කළේද මේ ද්‍රෝහීන් හෙළිදරව් කිරීමටය. යුද සමයේ උතුරට කියාදිය යුතු සංහිඳියාව වෙනුවට දකුණට පමණක් සාම කඩ දමා යහමින් සාම වෙළඳාම කරගෙන ගිය මේ සාම තෙල් කාරයන්ගේ බඩරස්සාවටද කෙළවුණේ දිවයින ඔවුන්ගේ විමුක්ති නායක ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ මරණය දක්වා කැඳවාගෙන ගිය නිසාය. ඩොලර් උල්පත් පාදාගෙන සිටි පිරිසක් අද සාමය නිසා අවතැන් වී සිටින කෝපය පිට කරන්නේ දිවයිනට පහර ගසමිනි. දිවයින තහනම් කරන්නැයි රජයට දෙස් දෙවොල් තබමිනි.

ඔවුන් මේ සඳහා තුරුම්පුව ලෙස ගත්තේ කුරුණෑගල සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නම් මුස්ලිම් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් මගින් කාන්තාවන් 4000 ක් පමණ වඳභාවයට පත්කර තිබෙන බවට පළවූ ප‍්‍රවෘත්තියක් පදනම් කරගෙනයි. ආණ්ඩුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවා ආණ්ඩුවේ පෙළැඹවීමට මුලින් පැවසුවේ එම දොස්තර පිළිබඳ පැමිණිලක් ලැබී නැති බව සහ පොලිසිය ඔහු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භකර නැති බවයි. වෙනදා ආණ්ඩුවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශ ගණන් නොගන්නා මේ අය එම ප‍්‍රකාශය පමණක් විශ්වාස කොට දිවයින වර්ජනය කරන්නැයි අවි අමෝරා ගත්තේය. බොරු වාර්තාවක් යැයි පහර දුන්නේය. භාෂණයේ ලේඛනයේ නිදහස ඉල්ලන අයම දිවයින තහනම් කරන්නැයි ඉල්ලා සිටියේය. දිවයින යම් මූලාශ‍්‍රයක් මත වාර්තා කළ ප‍්‍රවෘත්තියක් මේ අය බොරුවක් කියන්නේ කුමන සොයා බැලීමක් අනුවද? කුමන පරීක්ෂණයක් අනුවද? ඔවුන් දිවයින විරෝධය ගොඩ නැගුවේ මාධ්‍ය ප‍්‍රකාශකගේ කීමට නම් සමහරු සඟවා තිබෙන ආයුධ පෙන්වීමට රැගෙන යන කතාවල සිට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියන අනෙක් හැම දේමත් පිළිගන්නේද? දැන් මේ නරින්ගේ දත කට පූට්ටු වී ඇත්තේ සැත්කමට භාජන වූ මව්වරුන් 700 කට අධික ප‍්‍රමාණයක් මාධ්‍ය ඉදිරියට පැමිණ තමන්ට වී ඇති අවාසනාවන්ත ඉරණම ප‍්‍රකාශ කළ නිසාය.

මොවුන්ගේ තක්කඩිකමේ ප‍්‍රමාණය අවබෝධකර ගැනීමට එක් නිදසුනක් මෙයින්ම සපයා ගත හැකියි. වාමවාදී වෙස්මුහුණු දාගෙන පීඩිතයා වෙනුවෙන් පෙනී ඉන්නේ යැයි පවසන මොවුන් දැන් පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන් ද? ඒ අර සැත්කමෙන් පසු වඳභාවයට පත්වූ හය හත් සියයකට අධික මවුවරුන් වෙනුවෙන් නොව ඔවුන්ගේ පීඩකයා වූ මොහොමඞ් සාෆි දොස්තර වෙනුවෙනි. ජාතිවාදය කියා සිංහල බෞද්ධ හාල්මැස්සාට පහර දෙන අතරේ තෝරු මෝරුන් සේ වැඩෙමින් සැබෑම ජාතිවාදය වපුරන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මොවුන් වචනයක් කියා තිබේද? දිවයිනට පහර දීමට පෙරමුණ ගත් මේ තක්කඩි තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයට පහර ගැසුවේ කවදාද ?

කුරුණෑගල තව්හිද් ජමාත් දොස්තර ගැන දිවයින අනාවරණය කළ පුවත බොරුවක් නොවෙන බව දැනට 700 කට අධික මව්වරුන් පිරිසක් ඉදිරිපත් වීමෙන් පෙනෙයි. එහෙත් ලැබෙන ව්‍යාජ තොරතුරක් මත වැරදි ප‍්‍රවෘත්තියක් පුවත්පතක පළවුවොත් ඒවා නිවැරදි කිරීම්, සමාව ගැනීම්, කනගාටුව ප‍්‍රකාශ කිරීම් ඕනෑම පුවත්පතක දැකිය හැකි පොදු දෙයක්. එන්ජීඕ සුරතලුන්ගේ පරමාදර්ශ පුවත්පත් වන කළු සුදු පත්තරවලත් පසුව කරන නිවැරදි කිරීම් දැකිය හැකියි. එනිසා යටකී ප‍්‍රවෘත්තිය බොරුවක් වුණත් වෙනත් පුවත්පතකට නැති වෛරී විවේචනයක් මේ එන්ජීඕ බැලයන්ට දිවයින කෙරෙහි ඇත්තේ ඒ තුළ වෙනත් දේශපාලනයක් ඇති නිසයි. දකුණේ රාජ්‍යයට අභියෝග කළ ඔවුන්ගේ විමුක්තිකාමී වීරයාගේ ම්ලේච්ඡත්වය නන්දිකඩාල් කලපුවේ ගිල්වා දැමීමට පොළවේ මතවාදය හැදූ පුවත්පතට සහ සිංහල කොටි ලේබලයෙන් මේ ද්‍රෝහීන්ගේ නිරුවත රටට හෙළිකළ පුවත්පතට එරෙහිව අදටත් ඔවුන් තුළ ඇති වෛරය මුදාහරින බව අපි දනිමු. දිවයින විරෝධය යට ඇති දේශපාලනය එයයි. ප‍්‍රභාකරන් වෙනුවෙන් ද පෙනී සිටි මොවුන් ජාතියට විනකටින තව්හිද් ජමාත් දොස්තර කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම අපට පුදුමයක් ද නොවේ.

එහෙත් සමාජ ජාල අවකාශ ඔස්සේ දිවයින විරෝධය ගෙන යන අබැටිල්ලන්ට කීමට ඇත්තේ මීට වඩා බල පුළුවන්කාරයන්ද දිවයිනට තර්ජනය කළ අතීතයකත් දිවයින නොසැලුන බවය. එජාප භීමසමයේ එක් ජනාධිපතිවරයෙක් පැවසුවේ දිවයින කාර්යාලය පිහිනුම් තටාකයක් කරන බවය. එහෙත් බලය රටට ජාතියට අවැඩ පිණිස යෙදවූ පාලකයන් හා ඔවුන්ගේ නිලධාරීන් නම් දිවයිනෙන් නා ගත්තේය. දිවයින කවදත් ජාතියක ඇස් ඇරවිය යුතු ප‍්‍රවෘත්ති පළ කළේ අලෙවි උපායක් වශයෙන් නොව රට ජාතියේ පැවැත්ම අරභයා දිවයින සිය හෘද සාක්ෂ්‍යයෙන්ම දෙවුර මත පටවාගත් සමාජ ශීලයක් ආරක්ෂා කිරීමට බැඳී ඇති නිසාය. දිවයිනේ කිසිවෙක් නිදහස් මාධ්‍ය ව්‍යාපාර නාමයෙන් ඩොලර් යදින්නන් බවටද පත් නොවීය. එනිසාම දිවයිනේ මාධ්‍යවේදීන් රාජ්‍යයේ කුමන මර්දනයකට ලක් වුවද භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස ඉල්ලන විශ්ව සාධාරණවාදී එන්ජීඕ මහත්වරුන්ටද ඒවා ප‍්‍රශ්න නොවීය. දිවයින මාධ්‍ය සගයන් මේ යහපාලන ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දීමට ගොස් ඇත්තේ රට වෙනුවෙන් ලියා මිස කළු සුදු පත්තරවලට ලියන්නෝ මෙන් පිට රටක වීසා ලබා ගැනීමට රටට හතුරු ලිපි ලියා නොවේ.

කිසිම පුවත්පතකට නැති ඉතිහාසයක් සහිත යුගයක් නිර්මාණය කළ දිවයින මෑත යුගයේ පෙරට සාපේක්ෂව චින්තනය මොටවූ පුවත්පතක් බවට පත්ව තිබෙන බවද නොකියා බැරිය. අතීතයේ දිවයින චින්තනය මුවහත් කළ බාහිර ලේඛකයන්ද විශාල ප‍්‍රමාණයක් සිටියේය. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ඉන් ප‍්‍රධානය. දිවයින නැවතත් ඔවුන් ලවා ලිපි ලියවාගෙන සැඟවුණු කැඩපත සොයා ගතයුතු කාලය නැවත උදාවී තිබෙන බව පවත්නා සමාජ දේශපාලන පසුබිම හැම අතින්ම දෙස් දෙන්නේය.

– පූජ්‍ය රත්තනදෙණියේ මේධානන්ද හිමි

+++++++++++++++++++++

වෛද්‍ය සාෆිට එරෙහි පැමිණිලි නිසි පදිරි විභාග නොවන බව වෛද්‍යවරු හෙළිකරයි

(10.06.2019 – nethnews.lk)

ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව ලැබී ඇති පැමිණිලි විභාග කිරීම නිසි පරිදි සිදු නොවන බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශික්‍ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක කියාසිටියේ පැමිණිලි විභාග කිරීමට ජනාධිපති විද්වත් කමිටුවක් පත් කළ යුතු බවයි.

එසේ නොවුනහොතේ මෙම සතිය තුළ වැඩවර්ජනයක් සිදු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන්ද ගැටළුවක් පවතින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට විරෝධය පළ කරමින් ඊයේ (09) දහවල් ඇඹිලිපිටිය සහ කළුතරදී විරෝධතාවක් පැවැත්වුණා. ඔහුට එරෙහිව මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 902 ක්.

+++++++++++++++++++++

ෂාෆිට එරෙහි නීතිය කුමක්ද ?

(09.06.2019 – aruna.lk)

පසුගිය දෙසතිය තුළ වැඩි වශයෙන් අවධානයට ලක්වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති වුවද මව්වරුන් වඳභාවයට පත් කිරීමේ චෝදනාවට ලක් වූ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු සම්බන්ධ ක්‍රියාකලාපයයි.

වෛද්‍ය වෘත්තිය යනු අප සමාජයේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ වෘත්තියක් වන අතර රෝගීන් බොහෝ විට තමන් ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයා සලකන්නේ මිහිපිට දෙවිවරුන් සේය. එවැනි තත්ත්වයක් තුළ වෛද්‍යවරයකුට මෙවැනි චෝදනා එල්ල වීම ආචාරධාර්මිකව ඉතා බරපතළ තත්ත්වයකි.

වෛද්‍යවරුන්ගේ ආචාර ධර්මපද්ධතිවලට ඇතුළත් හිපොක්‍රටිස් දිවුරුම ලබාදී වෛද්‍ය වෘත්තියට එළඹෙන වෛද්‍යවරුන් රෝගීන්ගේ අනුදැනුම හා අනුමැතිය ඇතුව ප්‍රතිකාර කළ යුතුය යන මූලික සංකල්පය වෘත්තිකයන් ලෙසට පිළිගනු ලබයි. ප්‍රස්තුත වෛද්‍යවරයාට එල්ල වී ඇත්තේ සිසේරියන් සැත්කම අතරතුර මව්වරුන්ගේ අනු දැනුමකින් තොරව වඳභාවයට පත් කළේය යන චෝදනාවය. එය සත්‍ය නම් එය වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ආචාරධර්මයන්ට මෙන්ම මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවකි.

නීතියට අනුව බලන විට මෙවැනි වරදක් අපරාධමය වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 306 වගන්තිය මගින් ඒ බව දක්වා ඇත.

දරුවෙක් ඉපදීමට පෙර එම දරුවා පණ ඇතිව ඉපදීම වැළැක්වීමේ අදහසින් යමෙකු යම් ක්‍රියාවක් සිදුකරනු ලැබුව හොත් එය වරදක් බව එමගින් දක්වා ඇති අතර එය වසර 10ක කාලයක් බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට නැතිනම් එම දණ්ඩන දෙකටම ලක් කළ හැකි වරදක් බව දක්වා ඇත. චූදිත වෛද්‍යවරයා චේතනාන්විතව මව්වරුන්ගේ පැලෝපීය නාළයන් අවහිර කරන ලද්දේ නම් එසේ කිරීම නිසා දරු උපත් සිදු නොවේ නම් හා එසේ කිරීමේ අරමුණද දරු උපත් සිදුවීම වැළැක්වීම නැතහොත් කලලයක් පිළිසිඳගැනීම වැළැක්වීම වන බව මෙහිදී ඔප්පු කිරීම මෙහිදී වැදගත් වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය දෙස බැලීමේදී එහි දක්වා ඇත්තේ බරපතළ තුවාල සිදුකිරීම පිළිබඳ නීතිමය තත්ත්වයයි. මෙහිදී බරපතළ තුවාල යනු මොනවාද යනුවෙන් වෙන්කිරීමක් ඇත. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනතට පෙර පුරුෂ ශක්තිය නැතිකිරීම බරපතළ වරදක් ලෙසට දක්වා තිබූ අතර එහෙත් එම සංශෝධනයෙන් පසුව එම වරද වඩා පුළුල්ව දක්වා ඇත්තේ අපෞරුෂායනය (emasculation) යනුවෙනි. මෙහිදී අපෞරුෂායනය යන්න යම් දෙයක පවතින ප්‍රබලතාවය හීන කිරීම ලෙසට (to reduce the existing power of anything) විග්‍රහ කළ හැකි අතර එහිදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වඳ භාවයට පත් කිරීම යන කරුණු අදාළ කරගත හැකි බව පෙනී යයි.

මීට අමතරව 311 වගන්තියේම යම් අවයවයක් හෝ ග්‍රන්ථියක් විනාශ කිරීම යන කරුණුද බරපතළ තුවාල සිදු කිරීමක් ලෙසට දක්වා ඇති අතර ඒ අනුව බැලූ විටද ඉහත චෝදනාවන් ඔප්පු කිරීමට හැක්කේ නම් එය බරපතළ තුවාල සිදුකිරීමක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 316 වගන්තිය යටතේ වසර 7ක කාලයක් දක්වා බන්ධනාගාර ගතකිරීමක් හා දඩයකින් දඬුවම් කළ හැකි වදරක් ලෙසට දක්වා ඇත.

රජයේ සේවකයකු ලෙසට රජයේ රෝහලක රාජකාරි කරමින් එම රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මව්වරුන් චේතනාන්විතව වඳ භාවයට පත් කිරීමක් සිදු කළේ නම් එය කෲර හා අමානුෂික සැලකීමක් වශයෙන් සලකා එම මව්වරුන්ට අදාළ වෛද්‍යවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුකරයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලිකව පැවරිය හැකි බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

ඉහත දක්වන ලද අපරාධ චෝදනාවලට අතිරේකව නොසැලකිල්ල (neligence) සම්බන්ධයෙන් දිසා අධිකරණයේ සිවිල් නඩුකරයක් පැවරීමේ හැකියාවක්ද තිබේ. අදාළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් භාවය නිසා පැලෝපීය නාළයන්ට හානිවීමෙන් ඉදිරි දරු උපත් වැළකුණේ යැයි ඔප්පු කළ හැක්කේනම් ඒ සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාගෙන් පුද්ගලිකව වන්දි ලබා ගැනීමේ හැකියාවක්ද පවතී.

ජාත්‍යන්තර නීතියේ භාවිතාව දෙස බැලීමේදී මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය කිසියම් ජාතියක් ජනවර්ගයක් අරමුණු කරගෙන විශේෂයෙන් සිදුකළ අපරාධමය වරදක් වශයෙන් ඔප්පු කිරීම් හැකියාව තිබේ නම් එය වර්ග සංහාරයක් (genocide) ලෙස අර්ථ දැක්වෙන බව සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම මෙවැනි අපරාධ ජාත්‍යන්තර නීතියේ හඳුන්වනු ලබනුයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (crime against humanity) ලෙසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 සම්මත කරගත් අපරාධ සංහාර වැළැක්වීම හා දඬුවම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (convention on the prevention and punishment of the crime genocide) අනුව ජන සංහාරය යන්න මනුෂ්‍යත්වයට එරෙහි වරදක් ලෙසට දක්වා ඇත. අප රටද මෙම සම්මුතිය පිළිගෙන ඇත.

(acceded) එහි දෙවන වගන්තිය මගින් දක්වා ඇත්තේ යම් ක්‍රියාවක් කිසියම් ජාතියක්, ජනවර්ගයක්, හෝ ආගමික කොටසක් වැනි ජන සමූහයක් විනාශ කිරී‍මේ අරමුණින් හෝ ජනවර්ගයකට මානසික හානි සිදුකිරීම, ශාරීරික වශයෙන් දුබලතාවට පත්කිරීම, උපත් පාලනය කිරීම යන්න වර්ග සංහාරය යන වරද ඇතුළත් වන බවයි.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා නිශ්චිත ජනවර්ගයක් ඉලක්ක කොට මෙම ක්‍රියාව සිදු කළේ නම් එය ඔහු ජාත්‍යන්තර නීතිය ඉදිරියට ගෙන යා හැකි අවස්ථාවක් බව සිහිපත් කළ යුතු වේ. මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් පළමු වරට වර්ග සංහාරකයකුට එරෙහිව තීන්දුවක් නියමකරනු ලැබුවේ රුවන්ඩාවේදීය.

1994දී රුවන්ඩාවේ සිදුවූ වර්ග සංහාරය පිළිබඳ චෝදනා ලැබූ අකයේසු නම් නගරාධිපතිවරයා වරදකරු කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක් කිරීමට රුවන්ඩා අධිකරණ පර්ෂදය කටයුතු කරනු ලැබූ බව අකයේසු නඩු තීන්දුවේ (prosecutor Vs Jean paul Akayesu) දක්වා ඇත.

කෙසේ වෙතත් 1998 න් පසු ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International criminal court) පිහිටුවීමෙන් පසු වර්තමානය වන විට එම අධිකරණය වෙත මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ඇත. එම නිසා පුරවැසියන් ලෙසට අසාධාරණයට ලක් වූ මව්වරුන් වෙනුවෙන් එම වගකීම ඉටුකිරීමේ බැඳීම අප සැමට ඇත.

කනගාටුදායක තත්ත්වය වනුයේ පසුගිය මානුෂික මෙහෙයුම පැවැති අවධියේදී අපගේ ආරක්ෂක අංශ වෙත ද්වේශ සහගතව චෝදනා එල්ල කරමින් ජාත්‍යන්තර අධිකරණවල සහාය පැතීම අවශ්‍ය බවට මතවාද ගොඩ නගන ලද විදෙස් රටවල න්‍යාය පත්‍රයන්ට හා ඩොලර්වලට කටයුතු කරන මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා සමාජ ක්‍රියාකාරකයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මුනිවත රැකීමය.

– නීතිඥ සමින්ද කෝණාර

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • what do you expect from a government run by ponnayas. They are unable to have kids, so they put their curse on fertile sinhala would be mothers, and protect the butchering marakkala doctors that perform these dreadful criminal activities. Sri Lankan surgeries run by uslim doctors of this dort have become like those gas chambers run by Hitler in germany, exterminating even unborn children. Our so called corrupt leaders are not only sleeping and farting but also engaged of protecting the butchers.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *