කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක්

(25.06.2019 – 10:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතියක් වැඩිදියුණු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එදින පෙරවරු 9 සිට පසුදා (27) පෙරවරු 9 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලටයි ෴

***************************************

යාල්දේවී දුම්රියේ හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළුන් පහක් මරුට

(25.06.2019 – 14:37 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චි යුද හමුදා රෝහලට අයත් ට්‍රක් රථයක්, කිලිනොච්චිය 55 හන්දියේදී යාල්දේවී දුම්රියේ ගැටී සෙබළුන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජලය ගෙන ඒමට ගිය එම ට්‍රක් රථය දුම්රිය හරස් මාර්ගයකදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සෙබළුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=kGdIEL0I9VU#t=5

+++++++++++++++++++++

+++++++++++++++++++++

හමුදා ට්‍රක් රථය දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබලෙක් මරුට

(26.06.2019 – 08:45 +0530 – sinhala.adaderana.lk)

යුද හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චියේදී දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රීයේ මෙම සෙබලා මිය ගිය බව පොලීසිය පවසයි.

ඒ අනුව අදාළ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (25) දහවල් 1.40 ට පමණ කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් එහි සිටි යුද හමුදා සේබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව විය ෴

***************************************

24.06.2019 – මිනිත්තු 92

***************************************

24.06.2019 – මිනිත්තු 89
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *