ඉස්ලාමය වැළඳගත් භික්ෂූන් හරහා අබ්දුල් රාසික්ට පන්සල් දස දහසකට බෝම්බ යැවීය හැකියි – රිෂාම් මරූස්ගෙන් හෙළිදරව්වක්

(17.08.2019 – colombotoday.com)

රහසිගතව අන්තවාදී කුරාන දස දහසක් විහාරස්ථානවලට බෙදා දීමේ තවුහීද් ජමාත් කුමන්ත්‍රණයක් පිළිබඳව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරූස් විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරමින් පවසනවා.

අබ්දුල් රාසික් මේම කුරාණ බෙදාහැරීම සඳහා යොදාගෙන තිබෙන්නේ ඉස්ලාම් ආගම වැළඳගත් හිටපු භික්ෂූන් වහන්සේලා පිරිසක් බවත් ඔවුන් අතේ සියලු පන්සල්වලට කුරාන යැවිය හැකිනම් ඕනෑම අවස්ථාවක බෝම්බ උවද යැවීමේ හැකියාවක් තවුහිද් ජමාත් අබ්දුල් රාසික්ට තිබෙන බවත් රිෂාම් මරූස් අවධාරණය කර සිටිනවා..

එම හෙළිදරව්ව ඇතුලත් වීඩියෝව :

+++++++++++++++++++++++++++++++++++

අයි.එස්. බලපෑම ශ්‍රී ලංකාවටත්

(17.08.2019 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ඉරාකයේ සහ සිරියාවේ සිය මෙහෙයුම් ආරම්භ කළ භූමිය අහිමි වීමත් සමඟ ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයි.එස්. සංවිධානය සිය බලපෑම පැතිරවීමට යොදාගෙන ඇති නව රටවලට ඉන්දියාව, තුර්කිය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බව ප්‍රමුඛ පෙළේ ගැටුම් නිරීක්ෂණ ආයතනයක් පෙන්වා දෙනවා.

ඇමරිකාව කේන්ද්‍ර කොට ගත් සන්නද්ධ ගැටුම් ස්ථාන සහ සිදුවීම් දත්ත පිළිබද ඇක්ලිඩ් ආයතනය සඳහන් කරන පරිදි අයි.එස්. සංවිධානය දැන් බටහිර ආසියාකරයට වඩා ඉන් පිටත සක්‍රියව මෙහෙයුම් සිදුකරනු ලබනවා.

එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ ප්‍රථම වරට බවයි එම නිරීක්ෂණ ආයතනය සඳහන් කළේ.

2018 වසරේදී ඉරාකයේ සහ සිරියාවේ සිය භූමිය අහිමි වීමට සමගාමීව මේ වසරේදී ඔවුන් ගෝලීය ව්‍යාප්තිය තියුණු කර ඇති බව ඇක්ලිඞ් ආයතනය කියා සිටියා.

මේ වසරේ පළමු මාස 5 තුළ සිය ගෝලීය මෙහෙයුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අයි.එස්. සංවිධානය දකුණු, උතුරු, බටහිර සහ මධ්‍යම ආසියානු රටවල ක්‍රියාත්මක වීම දැක ගත හැකි වුණා.

අයි.එස්. නායක අබුබකර් අල් බග්ඩාඩි වසර 5කින් සිය ප්‍රථම වීඩියෝ පටය නිකුත් කළේ මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව බවයි ඇක්ලිඩ් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ඍජු මෙහෙයවීමෙන් සිදු නොවූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පසුගිය ජුලි මස 24 වන දා සාක්ෂි ලබාදෙමින් ෴

+++++++++++++++++++++++++++++++++++

තමාට වු අසාධාරණය මාධ්‍යට හෙළි කළ ෆසීනාට එරෙහිව කාතිවරයෙකුගෙන් පැමිණිල්ලක්

(17.08.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk)

කාති උසාවියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ මාධ්‍යයට අනාවරණයක් කළ ඌවපරණගම ප්‍රදේශයේ කාන්තාවකට එරෙහිව අදාළ උසාවියේ කාතිවරයා බදුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇය අද බදුල්ල පොලීසියට කැඳවා තිබුණි.

කාති උසාවි මගින් මුස්ලිම් කාන්තාවන්ට දැඩිව අසාධාරණකම් සිදුවන බවට මුස්ලිම් කාන්තාවන් කිහිපදෙනෙකුම පසුගිය දිනවල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු හෙළි කළේය.

ජූලි මස 12 වැනිදා ඌවපරණගම, බෝවෙල ප්‍රදේශයේ අබ්දුල් ෆසීනා නම් කාන්තාවක් මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේ සිය දික්කසාදය සම්බන්ධයෙන් ප්‍රදේශයේ කාති උසාවිය දුන් තීන්දුවෙන් තමන් දැඩි අසාධාරණයට ලක් ව සිටින බවයි.

මේ පිළිබඳව බදුල්ල කාති උසාවියේ කාතිවරයා කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා අබ්දුල් ෆසීනා අද බදුල්ල පොලිසියට පැමිණියේය.

තමන් මාධ්‍යයට කළ හෙළිදරව්ව ගැන තමාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඉන් පසුව කාතිවරයාට මරණ තර්ජන එල්ල වු බව සඳහන් බවද ඇය ප්‍රකාශ කළාය.

නමුත් තමන් ඒ පිළිබඳ නොදන්නා බවත් තමා හෙළි කළේ තමාට වුණ අසාධාරණය බවත් ඇය ප්‍රකාශ කළාය.

සාධාරණයක් වේවි යැයි තමන් විශ්වාස කරන බව ද කාන්තාවගේ අත්සන නැතුව කාතිවරයාට දික්කසාදය දීමේ හැකියාවක් ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

කාති උසාවියේ නීතිය ගැහැණුන් මහ පාරට ඇඳ දමන නීතියක් බවත් ලංකාවට එක් නීතියක් ප්‍රමාණවත් බවත් ඇය ප්‍රකාශ කළාය.

+++++++++++++++++++++

***************************************

මේ ජනාධිපතිවරණය ඇසිඩ් ටෙස්ට් එකක් – පිච්චිලා යනවා නම් එතැනින් ඉවරයි

(17.08.2019 – 18:50 +0530 – sinhala.adaderana.lk)

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට කිසිඳු හැගීමක් නොමැති බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, නරාහේනිපිට අභයාරාම විහාරස්ථානයේ පැවැති ‘2020 අභියෝගය’ යන සම්මන්ත්‍රණයට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය :

“ජාතික ආරක්ෂාව නැතුව රටකට හුස්ම ගන්නවත් බෑ. රටේ අගමැති ජාතික ආරක්ෂාව කියන වචනය අහලාවත් නැහැ. ඔහුගේ මැති ඇමතිවරු වගේම පොලිස්පතිත් එහෙමයි. ආරක්ෂක ලේකම්වරයාත් එහෙමයි. ගෝඨාභයගෙන් පසු 6 වැනි ආරක්ෂක ලේකම් දැන් ඉන්නේ. එය තවත් එක් පදවියක් නෙවෙයි. ඒ සඳහා හොඳම උදාහරණය ගෝඨාභය.

රටේ වැඩිම බුද්ධි ඒකක තියෙන්නේ හමුදාපතිට. ඔහු ළඟ ‘ඉන්ටලිජන් ඔපරේෂන්ස්’ලා ඉන්නවා 3500 කට වැඩි පිරිසක්. හමුදාපති තේරිම් කාරක සභාවට ඇවිල්ලා කිව්වේ ‘ඇටෑක්’ එක වුණා කියලා මමත් දැක්කේ වෙබ් එකෙන් කියලා. මේ වගේ අය පොල්පිති වලින් කපන්න පුළුවන්.

මේ ජනාධිපතිවරණය තමයි ලංකාවේ ‘ඇසිඩ් ටෙස්ට්’ එක. පිච්චිලා යනවා නම් එතැනින් ඉවරයි.

ජනාධිපතිවරණයේදි වැරදි කෙනෙක් තෝරාගත්තොත් එතැනින් සියලු දේ ඉවරයි.”

***************************************

සජිත් ඊයේ (16) අගමැතිකමේ දිවුරුම් දෙන්න උත්සාහ කළා – රෝහිත අබේගුණවර්ධන

(17.08.2019 – 18:23 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16) අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උත්සහයක් පැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය :

“ගෝඨාභය රාජපක්ෂගෙයි සජිත් ප්‍රේමදාසගෙයි වෙනස රටම බලන් ඉන්නවා. රටේ ජනතාව ඉල්ලුවේ ගෝඨාභය අපට දෙන්න කියලා. සජිත් කියනවා අනේ මාව දාන්න අපේක්ෂකයා හැටියට කියලා. එ.ජා.ප.ය සහ පක්ෂ නායකයාත් ඊට විරුද්ධයි.

ඊයේ දවස වෙනකොට ලැබෙන ආරංචි අනුව සජිත් නැකැත් බලලා ඊයේ උත්සහ කළා අගමැති ධුරයේ දිවුරුම් දෙන්න. සජිත් අගමැති වුණොත් ව්‍යවස්ථාව අනුව ඔහුට පක්ෂ නායකත්වය ලැබිය යුතුයි.

හැබැයි රනිල් ගහපු ගැට ලේසියෙන් ලිහන්න බැහැ. ගැටේ තටද ගහලා තිබුණ නිසා සජිත්ගේ උත්සහය වැරදුනා. පුදනකොටම කාපි යකා. නීතිය හරස් වෙලා වැඩේ වැරදුනා.

සජිත්ව ගේන්න කඩේ ගිය උන්නැහෙලාට වික්‍රමසිංහ මහත්තයාගෙන් හොඳට හම්බුවෙයි.”

+++++++++++++++++++++

***************************************

ගෝඨාභය රාජපක්ෂ අද (17) මැදමුලනින් ගමන් අරඹයි

(17.08.2019 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන සිය උපන්ගම වන මැදමුලන ප්‍රදේශයට පැමිණියා.

එහිදී ජනතාව ඔහු මහත් හරසරින් පිළිගත් අතර, පසුව මැදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය වෙත පැමිණ එහි නිර්මාණය කර ඇති සිය දෙමාපියන්ගේ පිළිරූවලට පුෂ්පෝහාරද දැක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.

එහි පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ජනතාව අමතමින් ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ සිය උපන්ගමේ ජනතාවගේ සහය තම දේශපාලන කටයුතුවලට අවශ්‍ය බවයි.

මේ අතර ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ දෙවිනුවර – විෂ්ණු දේවාලය වෙත පැමිණෙනවා.

ඉන් අනතුරුව ඔහු මාතර බෝධිය අසලට පැමිණෙන අතර, පසුව ගාල්ල නගරයටත්, හික්කඩුව – සීනිගම දේවාලයටත් පැමිණීමට නියමිතයි.

+++++++++++++++++++++

17-08-2019

***************************************

CCTV කැමරාවේ සටහන් වූ කොටදෙනියාවේ සොරකම

(17.08.2019 – 10:13 +0530 – hirunews.lk/sinhala)

කොටදෙනියාව – හිරළුගෙදර ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට ඇතුල් වූ පුද්ගලයෙකු එහි තිබු මුදල් සහ භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ මෙමෙ සොරකම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙළඳසැලේ හිමිකරු පැවසුවේ මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ මුදල් මෙලෙස සොරාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • kavuda mae isis gana dooshamaana aranchi paturawanne american kaarayo misa. unta onaey apey redda assata panala apey ratawal kabaaseeniya karanna. iraakayata, siriyaawata, libiyaawata, saha palasateeneta, saha lebananayata karapu naspaththiya karanna hadanawa indiayaawata, lankaawata. munta oeny loohe hama ratakama karali athikarala, para suddo genath methana daala apey ratawal unta wahallu karanna. ratata aadarayak thiyenawada kiyana eka unge ratenma balaaganna puluwan. americawe kalu minussunta thawama salakanne wahallu vidihata. pitaratawal wala ayata unge ratata enna denne nae. dan mexicowa ta yaawa wisaalayakada watak gahamin innawa. ratey nidahas saukya sewaawak nae rajaya wisin dena. munge ratey minissu sumaanekata paya 40k pamana waeda karanna oney, uropaye anith ratawal wala waeda karanne sathiyata paya 38. oya apey ratawal walata boruwata adaaara kiyala dena ewa okkoma denne aanduwe inna horunta, aeken apey ratawal walata mahajanayata kisima praytojanayak nae. denada epa owunta apey rata athulata enna.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *