කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

(03.09.2019 – 23:31 +0530 – sinhala.adaderana.lk)

තම පාලනයක් යටතේ කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ අද (03) පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි ඒ මහතා පැවසුවේ රාජ්‍ය ආයතන සමඟ පෞද්ගලික අංශය ඉදිරියට යා යුතු බවයි.

නමුත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනය සිදු නොකරණ බවත් සිදු කළ යුත්තේ වෙළඳ ගිවිසුම් පමනක් බවත් ඒ මහතා පැහැදි කළේය.

ආයෝජනවලින් ඔබ්බට ගිහින් ආර්ථික මර්මස්ථාන පාවා දීමක් කිසිදු අවස්ථාවක සිදු නොකරණ බවද ඒ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් කොළඹදී සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිතයින් හමුවූ අතර එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක් විය.

එහිදි විපක්ෂ නායකවරයා පැවසුවේ යහපාලනය මේ වන විට එම පිරිසට යම පාලනයක් වෙලා වී ඇති බවයි.

පවතින අවුල් සහගත තත්ත්වයෙන් මාතෘ භූමිය නිදහස් කරගත යුතු අතර රට සංවර්ධනයේ ජය මාවතකට ගෙන යා යායුතු බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එක්සත් ජාතික ලක්ෂයේ අභ්‍යන්තරයේ ගැටුම් පවතින බවත් ඔවුන් අපේක්ෂකයා තෝරාගන්නා විට පොදු ජන පෙරමුණ නිවැරදි මාර්ගයේ ගමන් කර අවසන් බවද ඒ මහතා අවධාරණය කළේය.

මේ අතර ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජතයන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද කොළඹදී පැවැත් විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *