විහාරස්ථානවලින් බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවට තිස්ස සඳගිරි උභය රජමහා විහාරාධිපති හිමියන්ට සැකයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• විහාරස්ථානවලින් බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවට තිස්ස සඳගිරි උභය රජමහා විහාරාධිපති හිමියන්ට සැකයක්

• දුරකථනය හරහා මුහුණ පෑමට සිදු වූ වංචාකාරි ක්‍රියාවක් ගැන රංගන ශිල්පී අමිල අබේසේකර මහතා ගෙන් හෙළිදරව්වක්

• දරුවා සුව කරගන්න අසරණ මවක් කරන ඉල්ලීම

• හිරු CIA හෙළිකර ගත් නිධන් වස්තු ජාවාරම

• ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ ඉන්න බැහැ – ඉදිරි සැලසුම් ගැන හමුදාපතිවරයා පහදයි

• ජයග්‍රහණයට ගැටලුවක් නොමැති බව විපක්ෂ නායකවරයා කියයි

• ඛනිජ තෙල් සංස්ථාවේ රුපියල් කෝටි හයහමාරක මූල්‍ය වංචාවක් ගැන විමර්ශන ඇරඹේ

• නිදහස් පක්ෂය පොදු බලවේගයට එක්වනු ඇතැයි, පොදුජන පෙරමුණට බලාපොරොත්තුවක්

• ඇල්පිටිය සහ අකුරැස්ස වෙඩි තැබීම්වල, සැකකරුවන් හඳුනා ගැනේ

• යළිත් අනපේක්ෂිත ප්‍රහාරයක් – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

+++++++++++++++++++++++++++++++++++

විහාරස්ථානවලින් බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවට තිස්ස සඳගිරි උභය රජමහා විහාරාධිපති හිමියන්ට සැකයක්

(07.09.2019 – 22:43 +0530 – hirunews.lk/sinhala)

රටේ විහාරස්ථානවලින් බදු අය කරගැනීමට රජය කටයුතු කරමින් සිටින බවට සැකයක් මතුව ඇතැයි තිස්ස සඳගිරි උභය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ මේ චෝදනාව එල්ල කළේ රජමහා විහාරයේ සියලු පඬුරු පෙට්ටි මුද්‍රා තබා විගණනයක් සිදුකිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇති පසුබිමකයි.

පසුගිය අගෝස්තු 7 වැනිදා තිස්සමහාරාම රජමහා විහාරයට පැමිණි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් විහාරස්ථානයේ විගණනයක් සිදුකර තිබෙනවා.

එහිදී තහවුරු වී ඇත්තේ විහාරස්ථානයේ පඬුරු පෙට්ටිවලින් ලැබෙන මුදල් කඩබදුවලින් ලැබෙන ආදායම් ඇතුළු වෙනත් ආදායම් පිළිබඳව මූල්‍ය වාර්තා විධිමත්ව පවත්වාගෙන ගොස් නොමැති බවයි.

මේ හේතුවෙන් රජ මහා විහාරස්ථානයේ සියලු පිං පෙට්ටි මුද්‍රා තබා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගණනය කර භාරකාර ගිණුමකට බැර කරන ලෙසට නියෝග කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත්තේ විහාරස්ථානයට ලැබෙන ආදායම් පිළිබඳ නිවැරදි වාර්තා තබා ගන්නා ලෙසටත් අදාළ ආදායම් ගිණුම් ගත කර වියදම් සඳහා ලබාගත යුතු බවටයි.

+++++++++++++++++++++

***************************************

දුරකථනය හරහා මුහුණ පෑමට සිදු වූ වංචාකාරි ක්‍රියාවක් ගැන රංගන ශිල්පී අමිල අබේසේකර මහතා ගෙන් හෙළිදරව්වක්

(07.09.2019 – 16:39 +0530 – hirunews.lk/sinhala)

රංගන ශිල්පි අමිල අබේසේකර මහතා රට පුරා සිදුවෙමින් පවතින තමන්ට සිදුවූ වංචාවක් පිළිබඳව සිය මුහුණු පොත හරහා හෙළිදරව්වක් කර තිබෙනවා.

ඔහු පවසන්නේ තමන් නොදැනුවත්ව ඔහුගේ දුරකථන අංකයෙන් බිරිඳට දුරකථන ඇමතුමක් පැමිණි බවයි.

එමෙන්ම, එම අවස්ථාවේ බිරිඳද තමා අසළ සිටි බවත්, ඇයද එම සිදුවීමෙන් විශ්මයට පත් වූ බවයි අමිල පවසන්නේ.

මෙය තරමක් අසාමාන්‍ය සිදුවීමක් වූ බැවින් තමා ද බෙහෙවින් කලබලයට හා බියට පත් වූ ඔහු පවසනවා.

මෙම වංචාසහගත ක්‍රියාව පිළිබඳව මීට පෙර හිරු ප්‍රවෘත්ති ඔස්සේද අප අනාවරණය කළා.

කෙසේ වෙතත්, තමා ලෙසින් පෙනී සිටිමින් යමෙකු මෙම ක්‍රියාව සිදු කර ඇති බව පවසන අමිල අබේසේකර, ඒ පිළිබඳ ක්ෂෙත්‍රයේ හිතවතුන් මෙන්ම රසික රසිකාවියන් ද දැනුවත් කිරීම සඳහා සිය ෆේස්බුක් ගිණූමේ මෙම වීඩියෝව පළ කර තිබුණා.

එම වීඩියෝව :

***************************************

දරුවා සුව කරගන්න අසරණ මවක් කරන ඉල්ලීම

(07.09.2019 – 22:56 +0530 – hirunews.lk/sinhala)

දරුණු අක්මා රෝගයකින් පීඩාවට පත්ව, හෙට දවසේ ජීවිතය පිලිබදව බලාපොරොත්තු අයැද සිටින වයස අවුරුදු 6 පුතෙකු පිලිබදව අපට ජා ඇල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

උපතින් නීරෝගීමත් දරුවෙක් ලෙස මෙලොව එළිය දුටුවත් අද වන විට අශේන් දරුණු අක්මා රෝගයකින් පීඩාවට පත්ව සිටිනවා.

අශේන් වෙනුවෙන් අදාළ සැත්කම සිදු කරන්නට තරම් ලංකාවේ පහසුකම් නොමැතිවීම හේතුවෙන්ලමේ මාපිය යුවළ මුහුණ පා ඇත්තේ දැඩි සෝචනීය තත්ත්වයකටයි.

***************************************

හිරු CIA හෙළිකර ගත් නිධන් වස්තු ජාවාරම

(07.09.2019 – 20:50 +0530 – hirunews.lk/sinhala)

නිධානයකින් ලබාගත් බව කියන දඹ රන් බුදු පිළිමයක් හා එම පිළිමය රදවා තබන ආධාරක අසුනක් හොර රහසේ අලෙවි කිරීමට සැරසෙන බව හිරු සී.අයි.ඒ. කණ්ඩායම පසුගිය දිනක තොරතුරු අනාවරණය කර ගත්තා.

ඒ අනුව තැරැව්කරුවෙකු මාර්ගයෙන් පොලොන්නරුවල බකමුණ ප්‍රදේශයේ සිටින බුදු පිළිමය අලෙවිකරන්නා සමග අප සම්බන්ධ වුණා.

බුදු පිළිමය මේ වනවිට තමා සන්තකයේ නොමැති බව පැවසු අලෙවිකරු පවසා සිටියේ ප්‍රථමයෙන් බුදු පිළිමය රදවා තබන ආසනය ලක්ෂ 06 කට අලෙවි කරන බවයි.

***************************************

ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ ඉන්න බැහැ – ඉදිරි සැලසුම් ගැන හමුදාපතිවරයා පහදයි

(07.09.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිදු අයෙකුට නිදැල්ලේ සිටීමට ඉඩ දිය නොහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

අද මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, විශ්‍රාමික යුද හමුදා නිලධාරින්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදිය යුතු ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවා ගත යුතු බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ ඊයේ (06) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

***************************************

ජයග්‍රහණයට ගැටලුවක් නොමැති බව විපක්ෂ නායකවරයා කියයි

(07.09.2019 – 18:45 +0530 – hirunews.lk/sinhala)

වෙනත් රටකට වහල්කම් සිදු කරන ආණ්ඩුවක් රටකට අනවශ්‍ය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහජන එක්සත් පෙරමුණේ විශේෂ සමුළුවකට අවිස්සාවේල්ලේදී අද එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් වුව ද ගැටලුවක් නොවන බවයි.

සමුළුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා, මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අදහස් පළ කරමින් කියා සිටියේ සාමය ඇති කිරීම සදහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් වන බවයි.

***************************************

ඛනිජ තෙල් සංස්ථාවේ රුපියල් කෝටි හයහමාරක මූල්‍ය වංචාවක් ගැන විමර්ශන ඇරඹේ

(07.09.2019 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ රුපියල් කෝටි හයහමාරක පමණ මූල්‍ය වංචාවකට අදාළව ලද පැමිණීල්ලක් අනුව, රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, එහි තොරතුරු තාක්ෂණ අංශයේ පිළිවෙත්වලට පටහැනිව තෝරා ගත් ඉන්ධනහල් හිමියන්ගේ, සංස්ථා ඉන්වොයිස්පත් අහෝසි කරමින් හා පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි කොමිසමට ලද පැමිණිල්ලකට අනුවයි.

මීට අමතරව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකරන ලද අභ්‍යන්තර විගණන වාර්තා 3 කින් හා විමර්ශන වාර්තාවකින්, සංස්ථාවට රුපියල් මිලියන 366 ක මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි සනාථ වී ඇති බව ද, ජනාධිපති කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

ඒ අනුව, මීට අදාළ විමර්ශන කටයුතු ලබන බදාදා සිට ආරම්භ කරන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ෴

***************************************

නිදහස් පක්ෂය පොදු බලවේගයට එක්වනු ඇතැයි, පොදුජන පෙරමුණට බලාපොරොත්තුවක්

(07.09.2019 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නුදුරේදීම පොදු බලවේගය සමඟ එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

ඊට අදාලව නිදහස් පක්ෂය පැහැදිලි තීන්දුවක් ගෙන ඉදිරි කාලයේදී ගැටළු අවසන් කර පොදු බලවේගයට එක්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

ඇල්පිටිය සහ අකුරැස්ස වෙඩි තැබීම්වල, සැකකරුවන් හඳුනා ගැනේ

(07.09.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – අලුත්ගම මාර්ගයේ අටකොහොට – 8 කණුව ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ද සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ පෙරවරුවේ ඝාතනයට ලක්වූ පුද්ගලයා නඩු කටයුත්තක් සඳහා අධිකරණයට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහු ගමන් ගත් බස් රථයට පැමිණ වෙඩි තබා පලා ගියා.

මේ අතර, අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගිය සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අදත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

දැනට අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කරන බවයි පොලීසිය සඳහන් කලේ ෴

***************************************

යළිත් අනපේක්ෂිත ප්‍රහාරයක් – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(07.09.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

යළි අනපේක්ෂිත ප්‍රහාරයක් ඉදිරි කාලය තුලදී එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ඇඹිලිපිටියේ පැවැති උත්සවයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *