සිය ද්විත්ව පුරවැසි සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූලව ලබාගත් බව ගෝඨාභය පවසයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සිය ද්විත්ව පුරවැසි සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූලව ලබාගත් බව ගෝඨාභය පවසයි (විඩියෝ)

• ව්‍යාජ කරුණුවලින් ගෝඨාභයගේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නෑ (විඩියෝ)

• පුරවැසිභාවය වෙනුවෙන් සහතිකයක් – උදය ගම්මන්පිල ගෙන් (විඩියෝ)

• ගෝඨාභය ගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන මාධ්‍යට…

• ගෝටාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවුවහොත් ඔහුට කිසිම රටක් නෑ.. ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ හැදුනුම්පත අත්හිටුවීමේ අවස්ථාවකුත්..

• කාති උසාවි පද්ධතිය වෙනස් කළ යුතු බවට පනත් කෙටුම්පතක්

• ගෝඨාගේ ඉල්ලීම ගැන අධිකරණය නීතිපතිගෙන් කරුණු විමසයි

• චමල් රාජපක්‍ෂ ජනාධිපතිවරණයට නාම යෝජනා දීම ස්ථිරයි…

• පොලිස්පති පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට (විඩියෝ)

• පොලිස්පති පූජිත්ට ඇප

• ජීව විද්‍යා සිංහල මාධ්‍ය සිසුන්ට සිදුවන බරපතළ අසාධාරණයක් මෙන්න (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සිය ද්විත්ව පුරවැසි සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූලව ලබාගත් බව ගෝඨාභය පවසයි

(01.10.2019 – mawbima.lk)

“සාමාන්‍යයෙන් රටක පුරවැසිභාවය ඉවත් කරගැනීමේදී තවත් රටක පුරවැසිභාවය ලබා තිබීම වැදගත්, නැත්නම් ඔහු රටක් නොමැති පුද්ගලයෙක් බවට පත් වෙනවා.” ගෝඨාභය කල කතාව

මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ තමන්ට රටේ වගකීම් භාරදුන් අවස්ථාවලදී 100% ක් ප්‍රතිඵල ලබාදෙමින් එම සියලු වගකීම් කැපවී ඉටු කිරීමට තමන් සමත් වූ බවත් ඉදිරියටත් රටේ වගකීම් භාරගෙන නව සංවර්ධන මාවතකට රට ගෙන යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (30 දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති දේශ විමුක්ති ජනතා පක්ෂයේ ජාතික සමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :

දේශ විමුක්ති ජනතා පක්ෂය 1988 වසරේදී නිහාල් පෙරේරා මහතා විසින් පටන් ගත් පක්ෂයකි. 1994 පොදු පෙරමුණ ගොඩනඟන අවස්ථාවේදී මේ පක්ෂය ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනඟන රජයට මෙම පක්ෂයෙන් ලැබුණේ ඉතාමත් සුවිශේෂී දායකත්වයක්. 2015න් පසුවත් ඔවුන් අපට ලබාදුන් දායකත්වය අගය කළ යුතුයි.

අද ඔබ සියලු දෙනා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය තුළ අපි මුහුණදී තිබෙන අභියෝග සඳහන් වෙනවා.

මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමත් ඒ තුළ සඳහන් වෙනවා. අපේ ඉදිරි පරපුර වෙනුවෙන් හරිත පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳවත් මෙහි සඳහන් වෙනවා. මගේ හැම කතාවකදීම මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මගේ ද්විත්ව පුරවැසි භාවය අසත්‍ය සහතිකයක් කියලා ඇතැම් දේශපාලනඥයන් කියන බව ඇතැම් අය මගෙන් ඇහුවා. මම මේ රටේ හමුදාවේ සේවය කළ පුද්ගලයෙක්. පසුව මම තාවකාලිකව ඇමෙරිකාවට ගියා. පසුව 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමට යන අවස්ථාවේදී මම වැඩභාර ගැනීමට පෙර ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා ඊට අදාළ මුදල් ගෙව්වා. මේ රටේ පුරවැසියකුට තිබෙන අයිතිවාසිකමක් හැටියටයි ඒ ඉල්ලුම් පත්‍රය මම යොමු කළේ.

එවකට විෂය භාර ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සහතිකය මට ලබා දුන්නා. ඉන් පසුව තමයි ත්‍රස්තවාදී ප්‍රහාරවලට පවා මුහුණදීලා දැඩි කැපවීමෙන් ඒ කාර්යය මම ඉටු කළේ. එදා ත්‍රස්තවාදය නැති කරන අවස්ථාවේදී බොරු සහතිකයක් නොවුණ ද්විත්ව පුරවැසි සහතිකය දැන් අවුරුදු 15 කට පසුව කොහොමද හොර සහතිකයක් වුණේ. මගේ සහෝදරයා ජනාධිපති නම් මම මොකටද හොර ද්විත්ව පුරවැසි භාවයක් ගන්නේ.

අපේ පවුල ඉලක්ක කරගෙන ද්විත්ව පුරවැසිභාවය ඇති අයට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම නැති කළා. ඒ වගේම අවම වයස අවුරුදු 35 කළා. මේ වගේ සංශෝධනයක් වෙන රටවල්වල ඇති කියලා මම හිතන්නේ නැහැ.

ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය මත මම ජනාධිපති අපේක්ෂකම භාරගැනීම සඳහා අප්‍රේල් මාසයේ මගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත්තා. සාමාන්‍යයෙන් රටක පුරවැසිභාවය ඉවත් කරගැනීමේදී තවත් රටක පුරවැසිභාවය ලබා තිබීම වැදගත්, නැත්නම් ඔහු රටක් නොමැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම මේ රටේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කළා. ඒ වගේම ඔවුන් එය ලබාදීමටත් කටයුතු කළා. ඒ වගේම හැඳුනුම්පතකුත් මම ලබාගත්තා. මේ දෙකම මම ගත්තේ මේ රජය යටතේ බව සඳහන් කළ යුතුයි. ඇතැම් අය ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා කැමැත්තට මුහුණ දෙන්න බයේ වෙනත් ආකාරයකින් එය නැවැත්වීමට උත්සාහ කරනවා.

මම මේ රටේ උසාවි ගැන විශ්වාසය තබපු පුද්ගලයෙක්. මම හිතනවා උසාවියෙන් නිවැරැදි තීරණයක් ලබාදෙයි කියලා.

මම නිවැරැදි ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මට ලබාදුන් වගකීම් 100% ක් ප්‍රතිඵල ලබාදෙමින් කැපවී ඉටු කරලා තිබෙනවා. එදා ආරක්ෂක ලේකම් හැටියට පත්වෙලා වසර 2½ කින් ත්‍රස්තවාදය අවසන් කළා. නාගරික සංවර්ධන අධිකාරිය මෙහෙයවමින් ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එම සැලසුම් අපි ඉදිරියටත් සිදු කරනවා.

අපි කතා කරනවා පමණක් නොවෙයි අපි වැඩ කරලා පෙන්වුවා. අපි හැම විටම නිලධාරින්ටයි ප්‍රශංසාව ගරුත්වය ලබාදෙන්නේ. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසු අපි හමුදා නිලධාරීන්ට උසස්වීම් ලබාදුන්නා. අපි ඔවුන්ට ගරුත්වය ලබා දුන්නා. අපි ඒ ප්‍රශංසා ඔවුන්ටයි ලබාදුන්නේ.

සෑම ක්‍ෂේත්‍රයක්ම අවුරුදු 30 ක යුද්ධයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩගෙන මේ රට නව සංවර්ධන මාවතක් කරා යොමු කළා. ව්‍යාපාර ව්‍යවසායකයන් ඇති කළා. විශාල ආර්ථික වර්ධනයක් ඒ හරහා ඇති කරන්න අපට හැකි වුණා. විදේශ ආයෝජකයන් මේ රටට ගෙන එන්නට හැකි වුණා වගේම දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරන්නට ආරක්ෂා කරන්නට හැකි වුණා. ඉදිරියටත් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ ඒ ආකාරයටයි.

එදා අපට භාරවුණු ත්‍රස්තවාදීන් 13,000 ක් පමණ පුනුරුත්ථාපනය කරන්නට අපට හැකි වුණා. ලෝකයේ හොඳම පුනුරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ තිබුණේ අපේ රටේ. අවුරුදු 4½ ක් තුළ නැවත ඔවුන්ගේ ඉඩම්වල පදිංචි කරන්න අපිට හැකි වුණා. ඉදිරි වැඩපිළිවෙළක් සැලසුම් කර තිබුණත් අවාසනාවකට අපේ රජය ඉවත් වුණා. මම හිතන්නේ නැහැ ඒ වැඩපිළිවෙළින් 15% ක්වත් මේ රජය ඉටු කරලා ඇති කියලා. ජාත්‍යන්තරයට ලෝකයට මේ වැඩපිළිවෙළවල් ගැන ගියේ නැහැ. ඒ නිසා තමයි රණවිරුවන්ට යුධාධිකරණවලට ගෙන යන්න හදන්නේ. අපේ රණවිරුවන්ව සෑම විටම අපි පිළිගත්තා. අපේ රට නියෝජනය කරමින් ඔවුන්ව ජාත්‍යන්තරයට යැව්වා. ලෝකයේ කොහේවත් නැති අකාරයට අභිමංසල, මිහිඳු සෙන් මැඳුර ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ගොඩනැඟුවා.

මේ රටේ ගොවියගේ ඵලදාව විකුණගන්න බැරි ආකාරයට රට පත් කරලා කෘෂිකර්මය කඩා වැට්ටුවා. වියත් මඟ සංවිධානය හරහා අපි මේ ගැන සාකච්ඡාවට ලක් කරලා ඉදිරි රජයක් තුළින් සැලසුම් සියල්ල ක්‍රියාවට නංවන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබතුමන්ලාගේ සහය මට ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ව්‍යාජ කරුණුවලින් ගෝඨාභයගේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නෑ

(30.09.2019 – 21:48 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ කරුණු අධිරණය හමුවේ ඉදිරිපත් කරමින්, අසත්‍ය චෝදනා එල්ල කළද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

පුරවැසිභාවය වෙනුවෙන් සහතිකයක් – උදය ගම්මන්පිල ගෙන්

(30.10.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලිපි ලේඛනවල කිසිඳු දෝෂයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (30) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර කියා සිටියේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ එම ලිපි ලේඛන පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද සෑහීමට පත්ව ඇති බවයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=3TKQd3trXe8

+++++++++++++++++++++

30-09-2019

+++++++++++++++++++++

30-09-2019 – අද දෙරණ 360 න් …

+++++++++++++++++++++

30-09-2019 – අද දෙරණ 360 – මිනිත්තු 95

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය ගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන මාධ්‍යට…

(01.10.2019 – colombotoday.com)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයේ ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිකම්පත සහ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ සහතික අදාළ ලේඛන මාධ්‍යට නිකුත්කොට තිබෙ.

+++++++++++++++++++++

ගෝටාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම අත්හිටුවුවහොත් ඔහුට කිසිම රටක් නෑ.. ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ හැදුනුම්පත අත්හිටුවීමේ අවස්ථාවකුත්..

(01.10.2019 – 14:10 +0530 – lankacnews.com)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම වලකාලන අතුරු තහනමක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට කිසිදු හැකියාවක් නැති බව හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා සඳහන් කරයි.

යම් හෙයකින් එසේ කිරීමට කටයුතු කළහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු රටක පුරවැසියෙකු නොවන තත්ත්වයට පත්වන බවද ඔහු කියයි.

දැනටමත් අමෙරිකානු පුරවැසිභාව අත්හැර සිටින ඒ මහතාට විරුද්ධව පුරවැසිකම අත්හිටුවන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමද වැරදි නඩු නිමිත්තක් ඇයි ද හිටපු අගවිනිසුරු කියා සිටී.

එයාකාරයෙන් ගතහොත් මෙරට ඕනෑම පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත අත්හිටුවීමේ නියෝගය ඉල්ලා අධිකරණයට යෑමේ හැකියාවක් නිර්මාණය වනු ඇති බවද ඔහු තවදුරටත් අදහස් පළ කරයි ෴

***************************************

කාති උසාවි පද්ධතිය වෙනස් කළ යුතු බවට පනත් කෙටුම්පතක්

(01.10.2019 – 09:47 +0530 – sinhala.adaderana.lk)

කාති උසාවිවල විනිසුරුවරු ලෙස පෙනී සිටි ඇතැමුන් නඩු විභාග සඳහා සහභාගී වූ කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම් වාර්තා වී ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

කාති උසාවි සම්බන්ධයෙන් සකස් කළ පනත් කෙටුම්පතක් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ අදහස් පළ කළේය.

කාති උසාවි පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සැකසූ පනත් කෙටුම්පතක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් අංශයට භාර දෙනු ලැබුවේය.

පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස සකස් කළ මෙය පිළිබඳ රතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ රාජගිරිය සදහම් ආශ්‍රමය විහාරයේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය ෴

***************************************

ගෝඨාගේ ඉල්ලීම ගැන අධිකරණය නීතිපතිගෙන් කරුණු විමසයි

(01.10.2019 – 10:54 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශගතවීම සඳහා දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීම පිළිබඳව මේ මස 3 වනදා කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥ වරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් වශයෙන් තරග කිරීමට තීරණය කර ඇති හෙයින් ඊට අදාළ නාම යෝජනා පත්‍ර භාර දීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමේ කටයුතු සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම තම සේවාදායකයා මෑතකදී සිංගප්පූරුවේදී හදවත් සැත්කමකට භාජනය වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව ඇති බවයි කියා සිටියේ.

ඒ සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් පණවා තිබෙන විදෙස්ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා කියා සිටියේ එම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවයි.

එහෙත් විත්තිය විසින් මෙම ඉල්ලීම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති නිසා මේ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැක්වීමට කල් අවශ්‍ය බවයි රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුව ඔක්තෝබර් මස තුන් වැනිදා කැඳවීමට නියම කළ අතර එදින විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා ගේ ස්ථාවරය දන්වන ලෙස රජයේ නීතිඥ වරයාට නියම කළේය

පසුගිය රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රජයට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවකට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම මෝසම අද ඉදිරිපත් කළේය ෴

***************************************

චමල් රාජපක්‍ෂ ජනාධිපතිවරණයට නාම යෝජනා දීම ස්ථිරයි…

(01.10.2019 – 10:40 +0530 – lankacnews.com)

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව විපක්ෂයේ ආරංචි මාර්ග කියා සිටි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

හෙට (02) දිනයේ සලකා බැලෙන පුරවැසි භාවය සම්බන්ධ නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගැනීමට තීන්දු කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට බාධාවක් නොවුවහොත් චමල් රාජපක්ෂ මහතා අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා වනු ඇති බවද වාර්තා වෙයි.

යම් බාධාවක් වුවහොත් ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය ෴

***************************************

පොලිස්පති පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට

(01.10.2019 – 12:46 +0530 – sinhala.adaderana.lk)

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, 2017 පොලිස් මුලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් වන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත් පොලිස්පතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කරයි.

+++++++++++++++++++++

පොලිස්පති පූජිත්ට ඇප

(01.10.2019 – 14:08 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අද අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, 2017 පොලිස් මුලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් වන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

මීළඟ නඩු දිනය 2020.01.08 වන දා බවට අධිකරණය නියෝග කර ඇත ෴

***************************************

ජීව විද්‍යා සිංහල මාධ්‍ය සිසුන්ට සිදුවන බරපතළ අසාධාරණයක් මෙන්න

30-09-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *