මේ රටේ කඳවුරු දෙකක් තිබෙනවා…එකක් රට පාවාදෙන කඳවුර…අනෙක රට බේරා ගන්නා කඳවුර – සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මේ රටේ කඳවුරු දෙකක් තිබෙනවා…එකක් රට පාවාදෙන කඳවුර…අනෙක රට බේරා ගන්නා කඳවුර – සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර (විඩියෝ)

• සංගීතවේදී දිනේෂ් සුබසිංහට ඉන්දියාවෙන් සම්මානයක්

• උදරයේ තිබූ කිලෝ 19 ක ගෙඩියක් අක්කරේපත්තුව රෝහලේදී ශල්‍යකර්මයකින් ඉවතට

• පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…

• රෝගී තත්ත්වයකින් දුක් විඳින දියණියන් හය දෙනෙක්

• සුදුසුකම් ඇති සෑම දරුවෙකුටම සරසවි අධ්‍යාපනය දෙනවා – ගෝඨාභය

• කොළඹ හෝටල්වලට අසත්‍ය ලිපියක් යැවු පොලිස් නිලධාරීන් 2 කගේ වැඩ තහනම්

• පාට, පක්ෂ, බේද නැතිව ගෝඨාට කතිරය නොගැසුවොත් රට ඉවරයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර (විඩියෝ)

• ‘ජනාධිපතිවරණය 2019’ චිත්‍රපටයේ ‘වීරයා කවුද?’ කියා ‘ඇල්පිටිය පුංචි ජන්දය’ trailer එකෙන් බලන්න (විඩියෝ)

• නැතිබැරිකමින් රක්ෂිතයේ පැල්පතක ජීවත් වන අසරණ පවුලටත් එරෙහි වූ බලධාරීන් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මේ රටේ කඳවුරු දෙකක් තිබෙනවා…එකක් රට පාවාදෙන කඳවුර…අනෙක රට බේරා ගන්නා කඳවුර – සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර

(08.10.2019 – 17:40 +0530 – lankaleadnews.com)

මේ රටේ රට පාවාදෙන කඳවුර සහ රට බේරා ගන්නා කදවුර ලෙස කඳවුරු දෙකක් තිබෙන බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා සඳහන් කළේ රට පාවාදෙන කදවුර වන රනිල් වික්‍රමසිංහ කදවුර ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන බවත් රට බේරා ගන්නා කදවුර ගෝඨාභය රාජපක්ෂ විසින් නියෝජනය කරන බව ය.

ජාතික සංවිධාන නියෝජනය කරන්නේ එම දෙවන කදවුර බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

https://www.facebook.com/LankaLeadNews/videos/623466511519536/

+++++++++++++++++++++

***************************************

සංගීතවේදී දිනේෂ් සුබසිංහට ඉන්දියාවෙන් සම්මානයක්

(08.10.2019 – saaravita.lk)

සම්මානිත සංගීතවේදී දිනේෂ් සුබසිංහ මහතා 2019 ඉන්දීය සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.

ජාත්‍යන්තර තරුණ කමිටුව (IYC) නම් සංවිධානය විසින් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවර දී පවත්වනු ලැබූ ලෝක තරුණ සමුළුවේ දී ඔහුට මෙම ත්‍යාගය හිමිවී ඇත.

දේශපාලනික,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ගැටළු සමථයකට පත් කිරීම සඳහා දායක වීමෙන් හෝ මානව වර්ගයාට ඇතිවිය හැකි තර්ජන සහ ව්‍යකුලතා අවම කිරීම සඳහා දායක වීමෙන්; කලාපිය ගැටුම් හෝ ලෝක යුද්ධ වළක්වමින් ලෝක සාමය ආරක්ෂා කරගැනීම උදෙසා සිදු කළ මෙහෙය ඇගයීම පිණිස ජාත්‍යන්තර තරුණ කමිටුව විසින් මෙම ඉන්දීය සාම ත්‍යාග පිරිනමනු ලැබේ. ඒ ලෝක සාමය සහ අන්තර්-ආගමික අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු ඇතිව ය ෴

+++++++++++++++++++++++++++++++++++

Tone Poem 10 – Rohana Beddage & Saman Lenin with Dinesh Subasinghe (2018-Mar-06)

https://www.youtube.com/watch?v=EfEtdg4pxIQ

+++++++++++++++++++++++++++++++++++

YouTube – Dinesh Subasinghe

***************************************

උදරයේ තිබූ කිලෝ 19 ක ගෙඩියක් අක්කරේපත්තුව රෝහලේදී ශල්‍යකර්මයකින් ඉවතට

(08.10.2019 – 16:12 +0530 – lankadeepa.lk)

අක්කරේපත්තුව මුලික රෝහලට ප්‍රථිකාර පැමිණි කාන්තාවගේ බඩේ තිබු කිලෝ 19.5 ගෙඩියක් සාර්ථකව ඉවත්කිරිමට අකරේපත්තුව මූලික රොහලේ වෛද්‍යවන් පිරිසක් සමත්ව තිබේ.

උදරයේ තිබු ගෙඩියේ පළල සෙ.මි. 34 ක් වු අතර එහි දිග සෙ.මි 48 කි. උස සෙ.මි.23 ක් බව අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි එම් ජවුහීර් මහතා පැවසිය.

මෙම ශල්‍යකර්මය සදහා පුරා පැය දෙකක පමණ කාලයක් වෛද්‍ය කාර්ය මණ්ඩලයට ගතවී තිබේ.

අක්කරේපත්තුව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් වන එස්.එස්.ජමීල්,කේ.ඉර්න්ද්වාන්, මාතෘ සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය යුරේෂියා වික්‍රමසිංහ, නිර්වින්දන වෛද්‍ය වාමන් කුරුප්පු ඇතුළු වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සහභාගී වී තිබේ.

***************************************

පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…

(08.10.2019 – 17:30 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති රකිමින්, සමාජ සම්මතයන්ට ගරු කරමින්, ඉතා ආදර්ශමත් දේශපාලන හැසිරීමක් අප කදවුරේ සියලු පාර්ශවයන්ගෙන් අපේක්ෂා කරන බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මේ බව සදහන් කරමින් එතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහත පරිදි වේ :

මේ එළැඹ තිබෙන්නේ මෙරට ඉතිහාසයේ සුවිශේෂීම ජනාධිපතිවරණයකි. රට පුරා ඉතා උද්යෝගීමත් ජනාධිපතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වීම සඳහා ඔබ විසින් ලබාදෙන සක‍්‍රීය දායකත්වය ඉතා අගය කොට සලකමි. මේ ජනාධිපතිවරණ සමයේදී රාජ්‍යයේ පොදු නීතියට යටත්ව මැතිවරණ නීති රකිමින්, මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම අප සැමගේ ප‍්‍රමුඛතම වගකීමකි. එමෙන්ම සමාජ සම්මතයන්ට ගරු කරමින් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීමේ ආදර්ශයද අප විසින් සමාජගත කළ යුතුව ඇත. සමස්ත මහජනතාව සැමවිටම අප වෙතින් අපේක්ෂා කරන්නේ එවැනි විනය ගරුක, නීති ගරුක දියුණු දේශපාලනික හැසිරවීමක් බව සැමවිටම සිහි තබා ගැනීම ඉතාම වැදගත්ය.

මහජන රැළි සඳහා ප‍්‍රචාරණ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම සඳහා නීතියෙන් අවසර ඇත. එම පෝස්ටර් ඇලවීමේදී පොදු ස්ථාන සහ මහජන දේපොළ අපවිත‍්‍ර නොකිරීමටත්, පරිසරය අපවිත‍්‍ර නොකිරීමටත් අප විසින් වගබලාගත යුතුය.

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට නියත වශයෙන්ම ජයග‍්‍රහණය හිමිවන බව දන්නා ප‍්‍රතිවාදී පාර්ශවයන් අප චෝදනාවන්ට හසුකර ගැනීම සඳහා විවිධ ක‍්‍රමෝපායන් භාවිත කිරීමට ඉඩ ඇත. එබැවින් ඒ සෑම තත්ත්වයක්ම බුද්ධිමත්ව වටහා ගනිමින්, ඉතා ඉවසීමෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමද අපගේ වගකීමකි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරණ සමයේදීත්, ප‍්‍රචාරණ කාලසීමාව අවසන් වීමෙන් පසු එළැඹෙන පැය 48 විශේෂ කාලසීමාව තුළත්, ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේදීත්, අප විසින් මෙම දේශපාලන විනය දැඩි ලෙස ආරක්ෂා කළ යුතුය. ජයග‍්‍රහණයෙන් පසුවත් ඉතා ආදර්ශවත් මානුෂීය දේශපාලන හැසිරීමක් මම ඔබ සැමගෙන් අපේක්ෂා කරමි.

– බැසිල් රෝහණ රාජපක්ෂ

***************************************

රෝගී තත්ත්වයකින් දුක් විඳින දියණියන් හය දෙනෙක්

(08.10.2019 – 22:54 +0530 – sinhala.adaderana.lk)

සමෙහි ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් අසරණ වී ඇති දියණියන් හයදෙනෙකු පිළිබඳව ගලේවෙල නිරන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අවාසනාවන්තම සිද්ධිය, ඉන් තිදෙනෙකුට දැනටමත් පාසල් අධ්‍යාපනය අහිමි වී තිබීමයි.

‍ඔවුන් පවසන්නේ මෙවන් අදහසක් :

“යාළුවෝ කතා කරන්නෙත් නැහැ. මට දුකයි. ලෙඩේ හින්දා හැමෝම කොන් කරනවා.”

මේ ගලේවෙල නිරන්ගමුව ප්‍රදේශයේ ජීවත් වන සහෝදරියන් තිදෙනෙක්.

මොවුන් පාසල් වියේ පසුවූවත් දැන් සිදුව ඇත්තේ නිවසට වී කාලය ගත කිරීමටයි.

“ලොකු සර් මාව එළියට දැම්මා. ළමයි මට හිනා වුණා. නංගි එක්කගෙන ගෙදර යන්න කිව්වා. ළමයි ඔක්කොම අපිට හිනා වුණා. ළමයි අපි දැක්කම හිනා වෙනවා. හැමෝම කියන්නෙ සමාජ රෝගලු.”

මෙම සහෝදරියන් තිදෙනාට තවත් වැඩිමහල් සහෝදරියන් තිදෙනෙකු සිටියි.

වසර කිහිපයකට පෙර පියාගේ මිය යෑමත් සමඟ දරුවන් ජීවත් කරවීම සඳහා මවට සිදුවන්නේ විදේශීය ගෘහ සේවයට එක්වීමටයි.

නමුත්, මව උපයා දෙන මුදල ප්‍රමාණවත් නොවන නිසා පවුලේ දෙවන සහෝදරියද විදේශ ගත වන අතර ඇය යළිත් මෙරටට පැමිණෙන්නේ සමේ ඇති වූ රෝගයක් හේතුවෙන්.

එච්.අයි.වි. ආසාධිත වී ඇති බවට පැතිර යන කටකතාවක් නිසා මෙම පවුලේ වැඩිමල් සහෝදරියගේ ස්වාමි පුරුෂයා ද ඇයව හැර ගොස් අවසන්.

නමුත්, මොවුන් පවසන්නේ රෝගය සුව කළ හැකි බවට වෛද්‍යවරුන් පවා නිර්දේශ කර ඇති බවයි.

ජීවත් වෙන්න වෙර දරන මොවුන්ට අත්වැලක් වන්නට හැකි නම් අමතන්න.

දුරකථන අංක : 077 341 6157

https://www.youtube.com/watch?v=tow59C1o5DM#t=6

***************************************

සුදුසුකම් ඇති සෑම දරුවෙකුටම සරසවි අධ්‍යාපනය දෙනවා – ගෝඨාභය

(08.10.2019 – 21:49 +0530 – sinhala.adaderana.lk)

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන සෑම දරුවෙකුටම ඒ සඳහා අනිවාර්යයෙන්ම අවකාශය ලබාදීම තම රජයේ ප්‍රමුඛතම කාර්යයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් වරක් අවධාරණය කරයි.

අනෙක් සෑම දරුවෙකුටම තමා අභිමත ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙන බවද ඒ මහතා පැවසීය.

මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයන් සහ මහජන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

https://www.youtube.com/watch?v=56lm6AukOzQ#t=6

***************************************

කොළඹ හෝටල්වලට අසත්‍ය ලිපියක් යැවු පොලිස් නිලධාරීන් 2 කගේ වැඩ තහනම්

(08.10.2019 – 19:41 +0530 – sinhala.adaderana.lk)

අසත්‍ය කරුණු ඇතුළත් ලිපියක් කොළඹ පිහිටි හෝටල් වෙත යොමු කරන ලද සිදුවීමට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ජාතික ආරක්ෂාවය අදාළව අසත්‍ය සහ තහවුරු නොකළ කරුණු ඇතුළත් ලිපියක් 2019.10.02 දිනැතිව කොටුව පොලිස් ස්ථානාධිපති ලෙසට අත්සන් තබමින් මෙම ලිපිය යොමු කර තිබුණි.

මෙම සිදුවීමට අදාළව පොලිස් මුලස්ථානය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

එම විමර්ශනවලදී අනාවරණය වු කරුණු මත මෙම අසත්‍ය කරුණු ඇතුළත් ලිපිය යැවීමට ක්‍රියාකර තිබූ කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙත්, කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුගේත් මෙලෙස වැඩ තහනම් කර තිබේ ෴

***************************************

පාට, පක්ෂ, බේද නැතිව ගෝඨාට කතිරය නොගැසුවොත් රට ඉවරයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(07.10.2019 – lankaleadnews.com)

***************************************

‘ජනාධිපතිවරණය 2019’ චිත්‍රපටයේ ‘වීරයා කවුද?’ කියා ‘ඇල්පිටිය පුංචි ජන්දය’ trailer එකෙන් බලන්න

(08.10.2019 – YouTube > Wimal Weerawansa)

***************************************

නැතිබැරිකමින් රක්ෂිතයේ පැල්පතක ජීවත් වන අසරණ පවුලටත් එරෙහි වූ බලධාරීන්

(08.10.2019 – 21:06 +0530 – hirunews.lk/sinhala)

නැතිබැරි කම නිසා වන රක්ෂිත ප්‍රදේශයක පැල්පතක ජීවත් වන පවුලකට ඉන් ඉවත්වන ලෙසට බලධාරින්ගෙන් බලපැම් එල්ල වී ඇති පුවතක් අපට වාර්තා වුණා.

ඔවුන් පවසන්නේ අදාළ භූමියේ බොරළු කැපීමට අවශ්‍ය බව පවසමින් තමන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම්දි ඇති බවයි.

අනුරාධපුර – කහටගස්දිගිලිය, කුඩාකුලුමිවාකඩ ප්‍රදේශයේ දරුවන් හයදෙනෙකුගෙන් යුත් මේ පවුල වසර ගණනාවක සිට මෙම කුඩා පැල්පතේ ජීවත් වන්නේ අනේකවිද දුක් කම්කටොලු මධ්‍යයේයි.

අගහිගකම්වලින් පිරීගිය මෙම පවුලේ මව සහ පියා එක්ව ගොවිතැන් සහ කුලිවැඩ කරමින් දෛනික ජීවිකාව සරිකරගන්නවා.

තම දරුවන් දෙදෙනෙකුම ශාසනයට පුජාකර ඇති මේම දෙමව්පියන් ඉතිරි දරුවන් සිව් දෙනා රැකබලාගන්නා අතර ඉන් දරුවන් දෙදෙනෙකුම පසුවන්නේ පාසල් වියේයි.

කෙසේ වෙතත්, ඔවුන් වසර 15 ක් ජීවත් වු මෙම කුඩා පැල්පත ද ඔවුන්ට අහිමි වීමේ අවදානමක් මතුව ඇත්තේ එය වන රක්ෂිත ප්‍රදේශයක පිහිටා තිබීම හේතුවෙන්.

ඔවුන් පවසන පරිදි පසුගිය දිනක බලධාරින් අදාළ ප්‍ර දේශයේ බොරළු කැපීමට අවශයැයි පවසා කඩිනමින් ඉන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා.

දරුවන් සිව් දෙනෙකු සමග අසරණාවයට පත්ව ඇති මෙම දිළිඳු පවුල සදහා නිසි වාසස්ථානයක් ඉදිකර ගැනීමට බලධාරීන් අත්වැලක් ලබාදිය යුතු නොවේද..?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *