සජිත් රුපියල් කෝටි 70 වක් අවභාවිත කරලා.. නඩු දමන්නැයි නිර්දේශ.. ජනාධිපති කොමිෂන් වාර්තාව මෙන්න..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සජිත් රුපියල් කෝටි 70 වක් අවභාවිත කරලා.. නඩු දමන්නැයි නිර්දේශ.. ජනාධිපති කොමිෂන් වාර්තාව මෙන්න..

• ඇමති රවුෆ් හකීම් අත්අඩංගුවට ගන්නයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (විඩියෝ)

• හිරු පුවත ගැන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක් (විඩියෝ)

• උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනමෙන් ජනතාවට ඉල්ලීමක් (විඩියෝ)

• උසස් පෙළ සමත් සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය කියයි (විඩියෝ)

• ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සහය ගෝඨාභයට

• මත්තල වී ගබඩා කිරීම ගැන, ඇමති දයා ගමගේ ගෙන් පැය එකහමාරක් ප්‍රශ්න කෙරේ (විඩියෝ)

• වතුකම්කරු වැටුප දහස දක්වා නැංවීම ගෝඨාභයගේ ප්‍රායෝගික ප්‍රතිඥාවක් – පොදුජන පෙරමුණ කියයි (විඩියෝ)

• අදත් (18) මැතිවරණ කොමිසමට පැමිණිලි

• ධර්මදේශනාවලදී දේශපාලනය කතා කිරීමට මැකොගෙන් තහංචියක් ! (විඩියෝ)

• හාමුදුරුවරු බය ගන්වන්න මැතිවරණ කොමසාරිස්ට බෑ… අතීතයේත් රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා ! (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සජිත් රුපියල් කෝටි 70 වක් අවභාවිත කරලා.. නඩු දමන්නැයි නිර්දේශ.. ජනාධිපති කොමිෂන් වාර්තාව මෙන්න..

(18.10.2019 – 15:50 +0530 – lankacnews.com)

එජාප ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා රුපියල් කෝටි 70 ක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට එල්ලවී ඇති චෝදනා මත ඔහුට නඩු පවරන ලෙස නිර්දේශ කර ඇත.

2015-2018 කාලයේදී රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශ කර ඇත්තේ සිය අවසන් වාර්තාවෙනි.

එම වාර්තාවේ සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධයෙන් වූ කොටස මෙහි දැක්වෙයි :

***************************************

ඇමති රවුෆ් හකීම් අත්අඩංගුවට ගන්නයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(18.10.2019 – 20:45 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රවුෆ් හකීම් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් පුරවැසියන් පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් නැමැත්තා අතර සිදු වූ සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිෆ්ලාන් මව්ලවිතුමන් සහ රිෂාම් මරුස් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අනතුරුව ඔවුන් එම ස්ථානයේදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවකද නිරත වුණා.

කෙසේ වෙතත් අදාළ පිරිස පැමිණිලි ඉදිරිපත් කර යළි නිවසට පැමිණෙන අවස්ථාවේ මිෆ්ලාන් මවුලවිතුමන්ගේ මාලිගාවත්තේ පිහිටි නිවස මාලිගාවත්ත පොලිසිය විසින් සෝදිසියට ලක්කර තිබුණා.

ඒ, අදාළ මවුලවිවරයාගේ නිවසේ පත්‍රිකා තොගයක් ඇති බවට ලද තොරතුරක් අනුවයි.

+++++++++++++++++++++

සහරාන් සමඟ රවුෆ් හකීම් සබඳතා පැවැත්වුවාද? වීඩියෝවක් මාධ්‍යයට

(18.10.2019 – 19:00 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝවක් අද (18) මාධ්‍යයට අනාවරණ විය.

මෙම හෙළිදරව්ව සිදුකළේ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයයි.

රවුෆ් හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද සිදු කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.

2015 මහ මැතිවරණ සමයේදී ජාතික තවුහිද් ජමාද් සංවිධාන කාත්තන්කුඩි කාර්යාලයේදී එහි නායක සහරාන් හෂීම් සහ අමාත්‍ය රවුෆ් හකීම් අතර සිදුව ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක්ද පොලිස් මූලස්ථානයට භාර දෙමින් අමාත්‍යවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ දර්ශන ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඔවුන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කරන අතරතුර මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයාගේ නිවස මාළිගාවත්ත පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබුණි.

ඒ, සැකකටයුතු පාර්සල් කිහිපයක් එම නිවසට රැගෙනවිත් ඇති බවට කිසියම් පාර්ශ්වයක් පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනූවයි.

කෙසේ වෙතත් එම නිවසේ තිබී සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ අතර, මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයට සහ මුස්ලිම් අයිතීන් සන්ධානයට අයත් අත්පත්‍රිකා සහ පොස්ටර් අඩංගු පාර්සල් කිහිපයක් සොයා ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම වීඩියෝව සහ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා අප අමාත්‍ය රවුෆ් හකීම් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා රැසකදී උත්සාහ කළත් එය ව්‍යාර්ත විය.

***************************************

හිරු පුවත ගැන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

(18.10.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කිසිදු අවස්ථාවක පත්වීම් ලිපි නිකුත් කිරීමට වාචිකව හෝ ලිඛිතව උපදෙස් ලබාදී නැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සේවකයන් විශාල පිරිසක් ස්ථිර කිරීමට පත්වීම් ලිපි සකස් කරන බවට ලද පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය පරීක්ෂාවට ලක්කිරීම සම්බන්ධයෙන් පුවතක් අප පසුගිය දෙදින තුළ විකාශය කළා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

+++++++++++++++++++++

***************************************

උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනමෙන් ජනතාවට ඉල්ලීමක්

(18.10.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයින් සමග ගිවිසුම් ගත වීමේ අරමුණින් දෙමළ දේශපාලන පක්ෂ 5 ක් එක්ව ඉදිරිපත් කල යෝජනාවලියට සහය පළ කරන කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට ඡන්දය ලබානොදෙන ලෙස ‘උතුරු නැගෙනහිර සර්ව ආගමික පදනම’ මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයින් ද ත්‍රිකුණාමලයේදී අද පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

උසස් පෙළ සමත් සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය කියයි

(18.10.2019 – 19:28 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සමත් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට අවස්ථාවක් හිමිකර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ වරකාපොල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එම ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද එක්ව සිටියා.

මේ අතර, සාර්ථක දැක්මක් – වැඩකරන රටක් තේමාව යටතේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ලද තවත් ජන රැළියක් ගලිගමුව නගරයේදී ඊයේ පැවැත්වුණා.

එමෙන්ම, කුලියාපිටිය නගරයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් ජන රැළියක් සංවිධානය කර තිබුණා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සහය ගෝඨාභයට

(18.10.2019 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සාමාජිකයන් අද පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මේ බව සඳහන් කර තිබෙනවා ෴

***************************************

මත්තල වී ගබඩා කිරීම ගැන, ඇමති දයා ගමගේ ගෙන් පැය එකහමාරක් ප්‍රශ්න කෙරේ

(18.10.2019 – 18:44 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ ගෙන් වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව අද පැය එකහමාරක් පමණ ප්‍රශ්න කළා.

එම සිද්ධියට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කොමිසම හමුවේ අද දිනයේ පෙනී සිටීමට දැනුම්දී තිබුණ ද, අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබුණේ ලබන 23 වනදා කොමිසම හමුවට පැමිණෙන බවයි.

මැතිවරණ වේදිකාවේ ලබාදුන් පොරොන්දුවකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමට තීරණය කළ බව පසුගියදා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා.

ඒ වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති බණ්ඩාර දිසානායක ලබාදුන් සාක්ෂි අනුවයි. මෙම සිද්ධියට අදාළ සාක්ෂි ලබාදීමට අමාත්‍ය දයා ගමගේ අද පෙරවරු 9.30 ට පමණ කොමිසම වෙත පැමිණියා.

එහිදී අමාත්‍යවරයාට නිලධාරින් යොමුකළ ප්‍රශ්නවලට නිසිලෙස පිළිතුරු දීමට නොහැකිවූ හෙයින් නිලධාරින් අමාත්‍යවරයාට දැනුම්දී සිටියේ පදනම් විරහිතව නොව සාක්ෂි මගින් ඔප්පු කල හැකි තොරතුරු පමණක් කොමිසම හමුවේ ඉදිරිපත් කරන ලෙසයි.

***************************************

වතුකම්කරු වැටුප දහස දක්වා නැංවීම ගෝඨාභයගේ ප්‍රායෝගික ප්‍රතිඥාවක් – පොදුජන පෙරමුණ කියයි

(18.10.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදී ඇත්තේ ප්‍රායෝගික ප්‍රතිඥාවක් බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර, අද අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

එම අවබෝධතා ගිවිසුම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තැබුණු අතර, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂවල නියෝජිතයින් ද එක්ව සිටියා.

***************************************

අදත් (18) මැතිවරණ කොමිසමට පැමිණිලි

(18.10.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

සුරක්ෂිත සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද (18) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් සිදු කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් ව්‍යාජ පෝස්ටරයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමට කටයුතු කර ඇති බව පවසමින්.

එමෙන්ම, කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය ආයතන වල පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ලෙස ඉල්ලමින් අද ජාතික මැතිවරණ කොමිසමට ලිඛිත ඉල්ලීමක් සිදු කළේය.

මේ අතර, මැතිවරණ සමයේ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සිදුවන මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන්නැයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරී ජාතික සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර මැතිවරණ සමයේ ලද පැමිණිලි සහ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි ෴

***************************************

ධර්මදේශනාවලදී දේශපාලනය කතා කිරීමට මැකොගෙන් තහංචියක් !

(18.10.2019 – colombotoday.com)

මැතිවරණ සමයේ පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජ්‍ය ස්ථානවලදී හා ධර්ම දේශනා, පිරිත් පිංකම් ආදියේ දී දේශපාලනය කතා කිරීම පුරවැසි අයිතිවාසිකම් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

+++++++++++++++++++++

හාමුදුරුවරු බය ගන්වන්න මැතිවරණ කොමසාරිස්ට බෑ… අතීතයේත් රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා !

(18.10.2019 – colombotoday.com)

මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව ජනතාවට අවබෝධ කරවීමේ ඓතිහාසික වගකීමක් භික්ෂූන්ට තිබෙන බවත් එය නතර කිරීමට මැතිවරණ කොමසාරිස්ට කිසිසේත් නොහැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා,

“මැතිවරණ කොමසාරිස් පන්සල්වලට කැමරා කණ්ඩායමක් එවනවා කියලා තර්ජනය කරනවා. පන්සල්වල දේශපාලනය කතා කරන්න බැරිලු. පන්සල්වල රැස්වීම් පවත්වන්න පුළුවන් අයිතියක් තියෙනවා. අතීතයේ භික්ෂූන් රජුන් වෙනුවෙන් සිවුරු අත්හැරියා. රජුන් තනන්න භික්ෂූන් මැදිහත් වුණා. මැතිවරණ කොමසාරිස්ට බෑ හිතෙන හිතෙන නීති දාලා භික්ෂූන් බියවද්දන්න. වැඩකට නැති කතා කරමින් කටයුතු කරන ඇතැම් භික්ෂූන් ඉන්නවා. ඔවුන් සම්බන්ධව තීරණ ගන්න. නමුත් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් වළකින්න කියලා මම මැතිවරණ කොමසාරිස්ට කියනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *