එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම රජය කල් දමයි – පූජ්‍ය කාශ්‍යප හිමියන්, උපවාසය අත්හරී

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම රජය කල් දමයි – පූජ්‍ය කාශ්‍යප හිමියන්, උපවාසය අත්හරී

• ගෝටාබය-හිස්බුල්ලා දුරකතන සංවාදයක් අන්තර්ජාලයට.. මිලියන ගාණක් සමග පවුල පිටින් මැලේසියාවට..

• TNA සජිත්ට සහය ‌දෙන්න ‌හේතුව ‌මෙන්න…

• මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අදත් පාර්ශ්ව රැසක් එකට එක්වෙයි

• ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයගේ ජය තහවුරු කිරීමට ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට

• ඉදිරි නගර සංවර්ධන සැළසුම් ගැන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කථා කරයි

• චන්ද්‍රිකා අම්මටත් හතුරුකම් කරපු කෙනෙක් – එස්. බී. දිසානායක

• පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව ගෝටා කියයි..

• ‘පෑඩ් පුතාණෝ’ගේ ප්‍රතිපත්තියේ දෙමළ පිටපතෙන් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය’ ඉවතට !

• ටයිටේනියම් කොල්ලකන්න, MCC පන්නයේ ගිවිසුම් හරහා ඇමරිකාව හයිටි රාජ්‍ය විනාශ කළේ මෙහෙමයි !

+++++++++++++++++++++++++++++++++++

එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම රජය කල් දමයි – පූජ්‍ය කාශ්‍යප හිමියන්, උපවාසය අත්හරී

(06.11.2019 – 06:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ශව රැසකින් එල්ල වූ විරෝධය මත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීම ආණ්ඩුව කල් දමා තිබෙනවා.

ඒ අනුව කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේ මාරාන්තික උපවාසයක නිතර වූ කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය අතහැර දමනු ලැබුවා.

උන්වහන්සේ එම්.සී.සී. ගිවිසුම අත්හිටුවන ලෙස ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කරනු ලැබුවේ ඊයේ (05) උදෑසන 08:45 ට පමණයි.

උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට ඊයේ (05) පෙරවරුවේ සිට දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන සාමාජිකයින් ද එම ස්ථානයට පැමිණියා.

මධ්‍යම රාත්‍රි 12 ට පමණ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය මාරාන්තික උපවාසය අත්හරිනු ලැබුවේ මේ මස 16 වන දා තෙක් එම්.සී.සී, ගිවිසුම අත්සන් නොකරන බවට රජය දැනුම් දීමෙන් පසුවයි.

+++++++++++++++++++++

***************************************

ගෝටාබය-හිස්බුල්ලා දුරකතන සංවාදයක් අන්තර්ජාලයට.. මිලියන ගාණක් සමග පවුල පිටින් මැලේසියාවට..

(06.11.2019 – 09:20 +0530 – lankacnews.com)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා සහ ශ්‍රී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර රහසිගත දුරකතන සංවාදයක් සිදු වූ බවට දැක්වෙන රූප රාමු ද සහිත ව්‍යාජ වීඩියෝපටයක් හිස්බුල්ලා මහතාගේ හැඩරුවට ඉතා සමීප බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ජාතිකයකු යොදාගෙන නිර්මාණය කිරීමට එජාප ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ සිටින මඩ මාධ්‍යකරුවන් සූදානම් වන බව ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම විශේෂ හෙළිදරව්ව සිදුකර සිටියේය.

මෙම මඩ වීඩියෝව නිර්මාණය කිරීම සඳහා කොළඹ 01, වෝක්ෂෝල් වීදියේ පිහිටි එජාප ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ සිටින මඩ මාධ්‍යකරුවන් භාරදී ඇත්තේ SHIFT හා GROUP M නැමැති ප්‍රචාරක ආයතන දෙකට බව ද ජයන්ත සමරවීර මහතා මෙහිදී හෙළි කළේය. අදාළ මුස්ලිම් ජාතිකයාට මේ වන විට ලක්ෂ 50 ක මුදලක් ගෙවීමට මෙම මඩ මෙහෙයුම් ප්‍රධානීන් එකගවී ඇති බවත්, මෙම රූගත කිරීම්වලින් පසුව එම තැනැත්තා ඔහුගේ පවුල සමග මැලේසියාව වෙත රැගෙන යාමට ද සජිත් ප්‍රේමදාස මඩ බලකායේ ප්‍රධානීන් සැලසුම් කර ඇති බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

සහරාන්ලාගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ මේ රටේ බහුතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදයේ විසකුරු බවත් එකී අන්තවාදය පැරදවීමට හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බවත් ඉතා හොඳින් තේරුම්ගෙන ඇති බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී පැවසීය.

ඒ නිසා ‘හිස්බුල්ලා හා ගෝඨාභය’ අතර සම්බන්ධයක් ඇති බව පෙන්වා, ගෝඨාභය රාජපක්ෂයන් වටා රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුළ සැක සංකා ඇති කිරීම මෙම මඩ ප්‍රචාරකයන්ගේ උවමනාව වී ඇති බවත් එවැනි නින්දිත උත්සාහයන් කල්තියා සොයාගෙන පැරදවීම දේශමාමක සියලු ජනකොටස්වල වගකීම බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නොවැම්බර් 12 වැනිදා රාත්‍රියේ මෙම වීඩියෝපටය, අන්තර්ජාලය ඔස්සේ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, යූටියුබ් සමාජ ජාල මාධ්‍ය යොදා ගනිමින් පතුරුවා හැරීමට මෙම මඩකරියන් සූදානම්ව සිටින බවත් ඊට පිළිතුරු දීමට රාජපක්ෂ කඳවුරට ඉතිරිව ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරන නොවැම්බර් දහතුන්වැනිදා පමණක් බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. හිස්බුල්ලා මහතා සිය සමීපතම අනුගාමිකයන් සමඟ කෙරෙන රහසිගත සාකච්ඡාවක දී ‘ආරක්ෂක ලේකම්තුමා, සර්’ යන ආමන්ත්‍රණය සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා අමතන ආකාරයත්, ඔහුගෙන් උපදෙස් ගන්නා ආකාරයත් රූගත කර වීඩියෝව නිපදවා ඇති බවත් කී ජානිපෙ ජාතික සංවිධායකවරයා, මේවාට රැවටෙන ජනතාවක් අද නොමැති බවත් මෙවැනි මඩ ප්‍රචාර ජනතා සහායෙන් අනාවරණය කර ගැනීමට මහින්ද කඳවුරට හැකි බව එජාප මඩ බලකායට පෙන්වා දීමට කැමැති බවත් අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++

***************************************

TNA සජිත්ට සහය ‌දෙන්න ‌හේතුව ‌මෙන්න…

(06.11.2019 – 06:24 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

දෙමළ ජාතික සංධානය ඉල්ලීම් 13 ක් ඉදිරිපත් කරලා ඒවා පිලි ගන්නා ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන බව කිව්වා. ගෝඨාභය මැතිතුමා ඉල්ලීම් 13 සාකච්ඡාවටවත් නොගෙන ප්‍රතික්ෂේප කළා. සජිත් මැතිතුමා කරවල කූරියා ගිල්ල හොර පූසා වගේ සද්ද නැතුව හිටියා. ඒ කියන්නේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් වත් ප්‍රසිද්ධියේ ඉල්ලීම් පිලිගත්තේ නෑ. එහෙම නම් දෙමළ සංධානය සජිත්ට සහය දීමට තීරණය කිරීමේ හොරේ මොකද්ද?

ඇත්ත කතාව තමයි සජිත් පසුගිය මාසයේ උදාගමක් විවෘත කිරීමට යාපනේ ගිය අවස්ථාවේ දෙමළ ජාතික සංධානය හමු වෙලා මේ ඉල්ලීම් 13 ට එකඟ වුණා. නමුත් සිංහල ඡන්ද නැති වේවි කියන බයට අන්තිම මොහොත වන තුරු මේක රහසක් විධියට තියා ගන්න දෙපාර්ශවයම එකඟ වුණා.

දෙමළ සංධානය නම් කියන්නේ කොන්දේසි විරහිතව සජිත්ට සහය දෙනවා කියලා. 2015 දීත් එජාප අපේක්ෂකයාට සහය දුන්නේ කොන්දේසි විරහිතව කියලායි රටට කිව්වේ. නමුත් ඡන්දය දිනූ දවසේ සිටම ‘දුන් පොරොන්දු ඉටු කරනු’ කියා සම්බන්දන්, සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා පාරලිමේන්තුව තුලත් ඉන් පිටත දීත් ජාත්‍යන්තර කරලියේත් කියා සිටියා. කොන්දේසි විරහිතව සහය දෙනවා නම් දුන් පොරොන්දු ඉටු කරනු කියන එකේ තේරුම මොකද්ද? ඉන් කියැවෙන්නේ රහසිගත එකඟතාවයක් තිබුණු බවයි.2019 දීත් කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව කිව්වත් රහසිගතව එකගතාවයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා කොන්දේසි 13 ටම එකඟ වුණා ද නැතිනම් එකඟ වුණු කොන්දේසි මොනවා ද කියන එක දෙමළ සංධානයත් ප්‍රේමදාස මැතිතුමාත් රටට පැවසිය යුතුයි.

රටේ මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දරුවෝ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුජාත පුත්‍රයා. කපාපු පලුව. රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලය සඳහා රට පාවා දීමේ ක්‍රියාදාමය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නතර කරපු තැන ඉදන් සජිත් ප්‍රේමදාස මැතිතුමා හරිම අපූරුවට ඉදිරියට ගෙන යනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා මා විශ්වාස කරන හැටියට නම් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේවත් තවත් සමහරු කියන විදිහට ප්‍රෙඩී සිල්වාගේ වත් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අඩි පාරේ ගමන් කරන ඔහුගේම කපාපු පලුවක් බව සියයට සියයක්ම විශ්වාසයි.

– අරවින්ද අතුකෝරල

***************************************

මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අදත් පාර්ශ්ව රැසක් එකට එක්වෙයි

(05.11.2019 – 21:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට මාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා සහය වන ලෙස සිංහලේ ජාතික ව්‍යාපාරය, දේශ සීමා රහිත වාර්තාකරුවෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, මාධ්‍ය නිදහසට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.

***************************************

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභයගේ ජය තහවුරු කිරීමට ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට

(05.11.2019 – 20:41 +0530 – hirunews.lk/sinhala)

තමන් දිවයිනට පැමිණියේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට බව විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් පවසනවා.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් විවිධ රටවල සිට යළි පැමිණි විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසක් කොළඹදී අද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා.

***************************************

ඉදිරි නගර සංවර්ධන සැළසුම් ගැන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කථා කරයි

(05.11.2019 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතා පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි නගර සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද (05) පෙරවරුවේ මහියංගණය හසලක ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

***************************************

චන්ද්‍රිකා අම්මටත් හතුරුකම් කරපු කෙනෙක් – එස්. බී. දිසානායක

(06.11.2019 – 11:07 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය සෑම අවස්ථාවකදීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතුරුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

අද (06) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

සිය මැණියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ අවස්ථාවේදි, තම සැමියා වන විජය කුමාරතුංග, පක්ෂයේ මහ ලේකම් රත්නසිරි වික්‍රමනායක, පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ටි. බි. ඉලංගරත්න යන මහත්වරුන් සමඟ පක්ෂයෙන් ඉවත් වී ශ්‍රි ලංකා මහජන පක්ෂය නිර්මාණය කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා :

“එතුමිය අස් කරාට පස්සේ මැතිනියට ලංවුනේ අනුර බණ්ඩාරනායක මැතිතුමා. අනුර මැතිනිය එලවලා බොහොම ඉක්මනින් පක්ෂය අතට ගන්න කටයුතු කරන වෙලාවෙ මට සිද්දවුනා ආපහු චන්ද්‍රිකා එංගලන්තයේ ඉදන් එක්කගෙන ඇවිල්ලා කොහොම හරි මැතිනියට ලං කරලා චන්ද්‍රිකාව නැවත පක්ෂයට ගන්න. ඒ මැතිනියගේ සහ පක්ෂයේ ආරක්ෂාවට.

මට මතකයී මමයි, මංගල සමරවීරයී, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ යී, අලවි මවුලානයී මැතිනිය එක්ක සියක් වතාවක් සාකච්චා කරන්න ඇති චන්ද්‍රිකා මැතිනිය ගන්න.

හැබැයී ඒ එක වෙලාවකවත් චන්ද්‍රිකා මැතිනිය ගන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එකඟ වුනේ නෑ. අවසානයේ අපි කියල කියලා මැතිනිය එකඟ කර ගත්තම නුවරඑළිය නිල නිවාසය වෙන්කරගෙන චන්ද්‍රිකා මැතිණිය සමග දින දෙකක් සාකච්චා කරන්න යොදාගන්න උපදෙස් දුන්නා.

එම රැස්වීමට ලක්ෂ්මන් ජයකොඩි, කේ. බි. රත්නායක, ධර්මසිරි සේනානායක, දි. මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ හා රිචඩ් පතිරණ මැතිතුමන්ලාට ඒ සාකච්චාවට එන්න කියන්න කිව්වා.

මැතිනිය මගේ බිරිඳ තමරා ත් එක්ක එදා උදෙන්ම නුවරඑළිය ට ගියා. මංගල මගෙත් එක්ක නුවරඑළිය ට ගියා.

අපි ආරාධනා කරපු එක්කෙනෙක්වත් ඒ සාකච්ඡාවට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ ඒ සියළුදෙනාගේම තදබල විරෝධයක් තිබුනා චන්ද්‍රිකා මැතිනිය නැවත පක්ෂයට ගැනීම සම්බන්ධව.

හැබැයි මට තේරිච්ච දේශපාලනය තමයි චන්ද්‍රිකා මැතිනිය අරගෙන ඒ හරහා අනුරගේ බලය අඩු කරලා ඒ තුලින් මැතිනිය ශක්තිමත් කරලා ඊලඟ මැතිවරණ දිනවන්න වමේ දේශපාලන ශක්තිය ගොඩනගන්න පුළුවන් කියන එක.

ඒ අනුව කටයුතු කලා. ඒ උපාය සාර්ථක වුනා. අපි පොදුජන එක්සත් පෙරමුණ හැදුවා. ඒතුලින් චන්ද්‍රිකා මැතිනිය මහ ඇමතිනිය – අගමැතිනිය – ජනාධිපතිනිය කලා. හැබැයී බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා මැතිනිය පක්ෂයට අරගෙන අත්තනගල්ල සංවිධායක තනතුර දුන්නා හැරෙන්න වෙන කිසිම තනතුරක් දුන්නේ නෑ.

ඒ වගේම මහඇමති කරන්න හදනකොට අපි ඒකට තදින්ම විරුද්ධව වුනා. ඇතුලත්මුදලි ඝාතනය විම නිසා අපිට චන්ද්‍රිකා මැතිනිය මතුකරලා ගන්න පුළුවන් වුනා.

ඇත්තටම ඉතිහාසයේ චන්ද්‍රිකා මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටත්, එතුමියගේ මැණියන් වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත්, එතුමියගේම සහෝදරයා වු අනුර බණ්ඩාරනායක මහතාටත්, සහෝදරිය වු සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනියටත් පුදුම විදියට හතුරුකම් කරපු කාන්තාවක්.

ඒ නිසා මම පුදුම වෙන්නෑ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ වෙලාවේ නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙලා ඔය කරන දේ ගැන.

හැබැයී දැන් එතුමිය අවලංගු කාසියක්. එතුමිය අවලංගු කරේ ලංකාවේ වෙන කොහෙවත් නෙමෙයි හොරගොල්ලේ එතුමියගේ ඡන්ද පෙට්ටියේ එතුමිය වෙනුවෙන් ඡන්ද 8 යි නැත්නම් 11 යි වැටිලා තිබ්බේ. ඒක තමයි එතුමියගේ අවලංගු බාවයේ සීල් එක.”

ඒ අවස්ථාවේදි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් තම දියණිය වුවත් චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පක්ෂයෙන් ඉවත් කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

***************************************

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව ගෝටා කියයි..

(06.11.2019 – 13:20 +0530 – lankacnews.com)

ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරනවා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අහුන්ගල්ලේදී ප්‍රකාශ කළේය.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණ බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

අහුන්ගල්ල නගරයේදී ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන රැලියේදී එසේ ප්‍රකාශ කල ඒ මහතා මෙසේද කීය.

පාස්කූ ප්‍රහාරට මාස කිහිපයකට පමණ පෙර සිටම යම් පහර දීමක් සිදුවන බවට වත්මන් රජයට විදේශ බුද්ධි අංශ හරහා පවා දැනුම් දී තිබුණා. එය වලක්වා ගන්න රජය අපොහොසත් වුණා. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබදව මේ රජයට අවබෝධයක්, අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැවත ඇති කරනවා. රට තුල කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ. අපේ රජය 2009 දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරාට පස්සේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් ඇති වුණා.

පසුගිය පාස්කූ ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත කඩා වැටුණා. ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. මගේ රජය යටතේ ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය යටතේ සියළු ව්‍යාපාර කඩා වැටුණා. නිශ්පාදනය වැඩි කරන්න, ව්‍යාපාරිකයින් ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන්න කටයුතු කරනවා. අපි අභියෝග බාර ගන්න ලෑස්තියි. අපි බාර ගත්ත අභියෝග ජයගෙන පෙන්වා තිබෙනවා.

වැසි සහිත කාලගුණයක් තිබියදීත් අපේ ජයග්‍රහණයට ශක්තියක් වූ ඔබට ප්‍රථමයෙන්ම ස්තුති කරනවා. වසර 4½ ක් තිස්සේ රටේ විද්වතුන්, වෘත්තිකයින් සමග සාකච්ඡා කරලයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදල තිබෙන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවලුයි. මගේ ධූර කාලය තුලදි මේ සැලසුම් සියල්ලම මම ක්‍රියාත්මක කරනවා. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළා. විවිධ ජනාධිපතිවරුන් යටතේ වසර 30 ක් ඇදී ගිය ත්‍රස්තවාදය අපි අවසන් කළා.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත්තා. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. මම, මට දුන්න වගකීම් අකුරටම ඉෂ්ඨ කර පුද්ගලයෙක්. මගේ රටේ ආදරණීය ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මා කෙරෙහි විශ්වාසය තබා ඔබ, ඔබේ යුතුකම ඉටු කරන්න. මම, මගේ වගකීම ඉටු කරන බව දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.

– ජයකාන්ත ලියනගේ

***************************************

‘පෑඩ් පුතාණෝ’ගේ ප්‍රතිපත්තියේ දෙමළ පිටපතෙන් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය’ ඉවතට !

(05.11.2019 – colombotoday.com ඇසුරෙන්)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පසුගිය බ්‍රහස්පතින්දා (31 දා) මහනුවරදී එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ සඳහන් කරුණුවලට බොහෝ වෙනස් දෑ දෙමළ පිටපතේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

ජාතික ඒකීය භාවය සහ සමානාත්මතාව සඳහන් 61 වැනි පිටුවේ සිංහල පිටපතේ හා දෙමළ පිටපත අතර පැහැදිලි වෙනසක් තිබේ. එක මවකගේ දරුවෝ යන්න පමණක් සිංහල පිටපතේ සඳහන් වුවද දෙමළ පිටපතේ ඒ යටතේ ඇති කොටසට විස්තර අඩංගු කර ඇත. සියලු ආගම් එක ලෙස සලකන බව, දෙමළ භාෂාවෙන් පළකළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ.

ව්‍යවස්ථාවේ බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය ලබාදෙන බව සඳහන් වුවද දෙමළ පිටපතේ එවැන්නක් නොමැති බව වාර්තා වේ.

මහරගම සංඝ සම්මේලනයේදී බෞද්ධ ආගමට මුල්තැන දෙන බවට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පොරොන්දු වුවත් දෙමළ පිටපතේ ඒ බවක් සඳහන් කර නොමැත ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

ටයිටේනියම් කොල්ලකන්න, MCC පන්නයේ ගිවිසුම් හරහා ඇමරිකාව හයිටි රාජ්‍ය විනාශ කළේ මෙහෙමයි !

(06.11.2019 – colombotoday.com)

රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ දේහ ලක්‌ෂණයන්ගෙන් ද පුෂ්ටිමත් හස්‌තපාදාදියෙන් ද යුත් ඔවුහු සතුට නඩත්තු කළ ජාතියක්‌ වූහ.

මේ රට කොල්ලකෑමට මාන බැලූ ධනවත් රටවල් පළමුවෙන් ම කළේ හයිටිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සැකසීම ය. හයිටි නම් වූ මෙම කුඩා රාජ්‍යයට මෙපමණට ම කෑදරකම් කිරීමට හේතුව හයිටි භූමියේ පස්‌වල ටයිටේනියම් නැමැති වටිනා ලෝහය තිබීම ය.

ගුවන්යානා තැනීම වැනි කාර්යයන් සඳහා හයිටි පසේ පිහිටි එම ලෝහය ඉතා වටිනා බව ඔවුහු දැන සිටිය හ. දේශපාලනික වශයෙන් හයිටිය තමන්ගේ යටත් රාජ්‍යයක්‌ කර ගැනීමට ධනවත් රාජ්‍යන් දැරූ වෑයම හයිටියේ දේශප්‍රේමී ආණ්‌ඩුව විසින් පරාජය කරනු ලැබිණි. බල ලෝභීන්ගේ හා දුෂ්ට බලවත් රාජ්‍යයන්ගේ අත පෙවීමට එරෙහි වූ දේශප්‍රේමී හයිටි නායකයෝ තම රට රැක ගැනීමටත් රටේ ස්‌වාධීනතාවය පවත්වා ගැනීමටත් වෑයම් කළ හ.

ඉහත කී බලවත් රටවල නායකයන්ගේ කෑදරකම් හා ධන පිපාසාව ඉන් සංසිඳුනේ නැත. සිද්ධ වූණේ හුදෙක්‌ හයිටි රාජ්‍ය පාලනය පෙරලා දැමීමටත් හයිටිය කොල්ලකෑමටත් ඉන් අනතුරු ව හයිටිය විනාශ කොට පලිගැනීමටත් පිඹුරුපත් සැකසීම ය. මේ සඳහා සූක්‌ෂම උපක්‍රමයන් හා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සැලසුම් කළහ.

ඉහත කී රාජ්‍ය බලය ලබාගැනීම, එමගින් ම කොල්ලකෑම හා රට වැනසීම යන ඉලක්‌ක තුන සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රමයෙන් ඔවුන් එලූ දැල, ඔවුන් ඇටවූ උගුල හයිටිවාසීන්ට තවමත් වැටහෙන්නේ නැත. එය නොවැටහෙන සේ කටයුතු කිරීමට ජන මනස ගොඩනැගීම ද උපාය මාර්ගයේ ම කොටසකි.

‘අවසාන විග්‍රයේ දී රට වැසියා විසින් සිය රට විනාශ කළ යුතු ය., එය විනාශයක්‌ බවට ඔවුනට නොවැටහී තිබිය යුතු ය., නැතහොත් විනාශය සංවර්ධනයක්‌ සේ රටවාසීන් විසින් ම තර්ක කොට විවාද කොට පිළිගත යුතු ය’ යන්න උපාය මාර්ගයේ ම කොටසකි. මේ අනුව හයිටි වාසීහු අදටත් විනාශයේ අසිරිය නරඹති. විනාශයෙහි දී ඔල්වරසන් හඬ දී කති, බොති, නටති, ගයති, වයති, විනාශයේ ආශිර්වාදය ත්‍යාග කළ දෙවියන්ට ස්‌තුති කරති.

ඉහත කී විනාශය හා එහි ක්‍රමෝපාය මා දැනගත්තේ හයිටියේ සේවය කොට පැමිණි ආරක්‌ෂක සේවාවන්හි සාමාජිකයන් ගෙනි. ඔවුන් විසින් කරන ලද අදහස්‌ දැක්‌වීම් ප්‍රාථමික මූලාශ්‍රය සේ සළකා මෙම කරුණු ඉදිරිපත් කෙරේ. (අප රටට දඬුවම් කිරීමට යෝජිත ජිනීවා වාර්තාවට වඩා මේ ලිපිය ඒ අනුව වටී.)

මට ප්‍රශ්නයක්‌ ව තිබුණේ මා දන්නා පරිදි සිවිල් යුද්ධයක්‌ හෝ නොමැති හයිටියට ආරක්‌ෂ නිලධාරීන් යවන්නේ කුමක්‌ හෙයින් ද යන ගැටළුවයි.

ඉහත කී පරිදි ම සල්ලිකාර රාජ්‍යයක්‌ වූ හයිටිය දිගු ආයු සම්පත්තියක්‌ සහිත නිරෝගී දේහයක්‌ සහිත පුරවැසින් සහිත ය. එ රට කොල්ලකෑමට නම් ඊට එකඟ වන පාලකයකු සහිත පාලන තන්ත්‍රයක්‌ බිහි කළ යුතු ය. ලොකු ලොකු රටවල්වලට සුවච කීකරු නොවන පාලකයන් පන්නා දැමිය යුතු ය. ඔවුන්ට නැවත බලයට පත්වීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා රටවාසීන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු ය.

එකී දැනුම රටට යහපත් නොවන ආක්‍රමණිකයාට යහපත් වන දැනුමක්‌ විය යුතු ය. මෙම සැලැස්‌ම ප්‍රකාර ව හයිටියේ දේශප්‍රේමී රාජ්‍ය පාලනය පෙරලා ආක්‍රමණිකයාට වලිගය වනා පස්‌ස ලෙවකන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ආක්‍රමණික ධනවත් රටවලට හැකිවිය. ඊට විප්ලවය යෑයි නම් කළා දැයි මා දන්නේ නැත.

ඊළඟට රට පුරා බියර් දන්සැල් ඇරිණි. සුරාසැල් නිරතුරු ව විවෘත ව තැබිණි. මුලින් ම සුරාසැල් විවෘත ව තැබීමේ කාලය දිගු කිරීමේ යෝජනාව ගෙනෙන්නට ඇත. ඊට පාර්ලිමේන්තුවාසීන් අත උස්‌සන්නට ද ඇත. හයිටියේ කාන්තාවන්ට සුරාපානය සඳහා තිබුණ තහනම ඉවත් කෙරිණි. රටපුරා ම ලාබ ම බීම අරක්‌කු බීම බවට පත් විය . දුම්වැටි ඊට ප්‍රබල විය. (ලංකාවට පැමිණි සුද්දන්ගේ මුල් ම උපක්‍රමයක්‌ වූයේ ද මෙය ය.) මින්පසු ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද තරුණ තරුණියෝ ද දරුවෝ ද නිරතුරු ව ම බීමත් ව සිටිය හ.

සුරා පානය තහනම් ය යන නීතිය ඉවත් කෙරිණි. එය පාර්ලිමේන්තුවේ විප්ලවවාදී පක්‌ෂවල ද සහයෝගයෙන් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මතවූවා දැයි මට තොරතුරු දුන් සෙබළු දැන නොසිටිය හ.

ඉන් අනතුරු ව ආක්‍රමණිකයාට හිතවත් පාලකයින් කළේ ඉතා කුඩා ව්‍යවස්‌ථා සංශෝධනයකි. ඒ අනුව සෑම දරුවෙක්‌ ම අනිවාර්යයෙන් ම පාසල් යා යුතු ය යන කොන්දේසිය ඉවත් කෙරිණි. ඒ සමග ම පාසල් නිළ ඇඳුම අනිවාර්යය වේ යන කොන්දේසිය ද ඉවත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ දහස්‌ ගණන් දරුවන් අධ්‍යාපන අත්හැර දැමීමය. පාසැල් යන්නවුන් ද නොයන්නවුන් මෙන් පෙණිනි. ළමා අයිතිවාසිකම් බල ගන්වමින් ද තරකරමින් ද ඒ පිළිබඳ දරුවන් පමණ ඉක්‌මවා දැනුවත් කරමින් ද ළමා අයිවාසිකම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක්‌ ලබා දුනි.

දරුවන්ගේ ම යහපත උදෙසා කුඩා කුඩා දඬුවම් කළ ගුරුවරුන්ගේ වැඩ තහනම් කෙරිණි. ඔවුනට එරෙහි ව නඩු පැවරිණි. දරුවන්ට පක්‌ෂපාත නොවූවා වූ ද වැරදිකරුවන්ට දඬුවම් කළා වූ ද පොලිස්‌ නිලධාරීන්ගේ ද වැඩ තහනම් කෙරිණි. මින් සංතෘප්තියට පත් තරුණ දරුවෝ ද දැරියෝද වල්බූරු නිදහසේ සුවය වින්ද හ.

නිල ඇඳුම් ද විරහිත පාසල් දරු දැරියෝ පොපියන චමත්කාරයේ ආස්‌වාදය වින්දේ මහ දවල් එළිපිට ය. සාමාන්‍යයෙන් හයිටි වාසී කාන්තාවෝ ඇඳුමට දක්‌වන්නේ අඩු උනන්දුවකි. ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද සැම විට ම කමින්, බොමින්, නටමින්, ගයමින් විනෝදයෙන් ම කල් ගෙවති. ඒ තරුණයින්ට ඒ පාලකයින් ද බ්‍රේස්‌ලට්‌ , චුයින්ගම්, පිට්‌සා සිහින මවන්නට ඇත.

මෙම සකළ සිරින් පිරි ‘ටෙම්පරරි ආතල්’ එකට පසුව සිද්ධ වූයේ කුමක්‌දැයි ලිපිය අවසානයෙහි දී බලමු. එරට අධ්‍යාපන බලධාරීන්ගේ ඊළඟ සැලැස්‌ම වූයේ තරුණ ශිෂ්‍යයන්ට ටැබ් ලබා දීමට ය. ටැබ් සඳහා වයි ෆයි ලබා දීම ය. සියලු ම වර්ගයේ ලිංගික වෙබ් අඩවිවල නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දීම ය.

බහුල භාවිතයක්‌ එනතුරු අඩු මිල ගණන්වලට ඒවා සැපයීම ය. ඒ තරුණ තරුණියෝ අද මැදිවියට පත් ව සිටිති. නිරුවත ඔවුන්ට සාමාන්‍ය ය. සුරාව සාමාන්‍ය ය. මත් ද්‍රව්‍ය ද සාමාන්‍ය ය. ඒවාට එරෙහි වන නීතිය දුර්වල ය.

එහෙත් හයිටිවාසීහු මේ විනාශයේ ආස්‌වාදය ස්‌වෙච්ඡාවෙන් විඳිති. කති, බොති, නටති, ගයති, වයති, අප රටේ සතුන්ගේ හැසිරීම මෙන් ඔවුගේ පවුල් ජීවිත ගත කිරීම ද නිදහස්‌ ය. මග දෙපස මහමග දවල් විවෘත ව ලිංගික ව හැසිරෙති. ඒ දෙස විමතියෙන් බලන්නෝ හුදෙක්‌ විදේශිකයෝ වෙති.

කුමන්ත්‍රණ සැලැස්‌මේ ඊළඟ යෝජනාව වූයේ තෙල් ද පිටි ද සීනි ද ලුණු ද ආහාර බහුල කිරීම ය. මස්‌ හා මස්‌ ආශ්‍රිත ආහාර නිෂ්පාදනය සුලභ හා බහුල කෙරිණි. හයිටි රටවාසීහු රාජ්‍ය පාලනයෙන් තොර වූ මේ ආහාරයෙහි දැඩි ව ලොල් වූ හ.

මේ වන විට ගැහැනු සුවිශාල වට්‌ටක්‌කා ගෙඩි මෙන් ස්‌ථූලභාවයෙන් පෙළෙති. පිරිමිහු ද තරබාරු ව සිටිති. අඩි හයක්‌ ව පමණ උස ව සිටි නිරෝගී ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක්‌ සහිත හයිටිවාසීන්ගෙන් අති බහුතරයක්‌ දියවැඩියාවෙන් ද හෘදරෝගවලින් ද අස්‌ථි දුර්වලතාවයෙන් ද පෙළෙති.

කණගාටුවට තවත් කරුණක්‌ නම් 90% කට අධික පිරිසක්‌ ඒඩ්ස්‌ රෝගීන් වීම ය. වයසින් අවුරුදු 100 කට ආසන්න කාලයක්‌ දීර්ඝායුෂ වින්ද හයිටිවාසීන්ගේ අද ආයු කාලය අවුරුදු 45 ක්‌ 50 ත් අතර වේ. නිරෝගී ජාතියකට සිදු වූ විපත. හිතුවක්‌කාර ජාතීන්ගෙන් සල්ලිකාර බලවත් ජාතීන් පලිගත් හැටි.

මේ කී සියල්ල අපට දැනට ද ආගන්තුක නොවේ.

මේ අතරවාරයේ ඇමෙරිකානු ගුවන්යානා පැය 24 පුරා ම එක්‌ රාජකාරියක නිරත වේ. ඒ හයිටියේ පස්‌ කපා විශේෂ ගුවන්යානා මගින් ඇමරිකාවේ ගොඩබෑම ය. ඒ පෙදෙස්‌වල විසූ හයිටි ස්‌වදේශික ජනතාව ඔවුන්ගේ ම කැමැත්තෙන් පලවා හැර උන්ට කන්ඩ බොන්ඩ දී මේ බිම පස්‌ කැපීම සඳහා නිදහස්‌ කොට ගෙන තිබේ.

ඇමරිකාව හා හයිටිය අතර වූ ගිවිසුම ‘උඹලට කන්ඩ හා අපට කන්ද’ යන්න විය යුතු ය. ඉන්තේරුවෙන් ම ඒ ගිවිසුම ඉට්‌කා නම් නොවන්නේ ම ය. උදේ සිට රෑ වන තුරු ද රෑ සිට එළිවන තරු ද ඇමරිකානුවෝ පස්‌ කපති. ඒවා ඇමෙරිකාවට අදිති. හයිටිය සූරාගෙන කති. අපට ප්‍රජාතන්ත්‍රවාදය ද මානව හිමිකම් ද කියා දෙති. ඒවා අපේ රටේ හරියට වෙනවාදැයි ‘චෙක්’‌ කරන්ඩ ද ඉඳ හිට එති. ඒවා හොඳ වැඩ යෑයි උන්ගේ නියෝජිතයින් වන අපේ උන් ද කියති.

සාම සාධක හමුදාවෝ ස්‌වදේශිකයන් ගෙන් එම බිම සුවසේ කොල්ලකෑම සඳහා දිවා රෑ රැකවල් සපයති. සාමය සාධනය කරති. ඔවුනට හොඳ පඩි නඩි ලැබේ. හයිටිවාසීහු ඔවුනට උගන්වා ඇති පරිදි සංවර්ධනයේ අරුණැලි ද ප්‍රජාතන්ත්‍රවායේ ආශිර්වාදය ද බුක්‌ති විඳිති. ශ්‍රී ලංකාවේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්‌දැයි දකින්නට මේ බඳු වූ පූර්වාදර්ශ ඉතා වටී. පැපුවා නිව්ගිනියාවේ හා ලයිබීරියාවේ තත්ත්වය පිළිබඳ ව අත්දැකීම් ඇත්තෝ ද ලියත්වා.

– මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *