නව ආණ්ඩුකාරවරු හයදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නව ආණ්ඩුකාරවරු හයදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

• භාරකාර රජයේ මැති ඇමැතිවරුන්ට ගෝඨාභයගෙන් ප්‍රතිපත්ති මාලාවක්

• නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි (විඩියෝ)

• ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස් (විඩියෝ)

• විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස පත්කරන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක්

• බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් (විඩියෝ)

• ගෝඨාභය ජනපතිගේ පුංචි කැබිනෙට්ටුව යතාර්ථයක්ද? – ආචාර්ය අතුල සුමතිපාල (21.11.2019) (විඩියෝ)

• අගමැතිවරයා ධුරයේ වැඩ අරඹයි (විඩියෝ)

• දෙමළ සන්ධානයට අභියෝග කරන නව සන්ධානයක් පිහිටුවනවා – වරදරාජා පෙරුමාල්

+++++++++++++++++++++++++++++++++++

නව ආණ්ඩුකාරවරු හයදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(21.11.2019 – 09:34 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුකාරවරුන් හයදෙනෙකු අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී,

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ මහතා

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව මහතා

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නීතීඥ ලලිත් යූ ගමගේ මහතා

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ මහතා

ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

බස්නාහිර ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ !

(21.11.2019 – colombotoday.com)

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පත්කර ඇත.

ඇය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණ කරවීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ වියත්මග සංවිධානයේ ජනප්‍රියත්වය දිනාගත් ප්‍රමුඛ පෙළේ දේශිකාවක ද වූවාය.

***************************************

භාරකාර රජයේ මැති ඇමැතිවරුන්ට ගෝඨාභයගෙන් ප්‍රතිපත්ති මාලාවක්

(21.11.2019 – 10:04 +0530 – lankaleadnews.com)

යෝජිත භාරකාර රජයට පත්වන ඇමැතිවරුන් ජනාධිපතිවරණයේදී තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු පමණක් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් භාරකාර රජය මහ මැතිවරණය පවත්වන තුරු ක්‍රියාත්මක වීමට නියමිතය.

භාරකාර රජයේ ඇමැතිවරුන් මෙම කෙටි කාලය ඇතුළත රැකියා ලබාදීමෙන් වැළකිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මහ මැතිවරණය ඉලක්ක කරමින්, මනාප ලබාගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්ද ඇමැතිවරුන් වැළකී සිටිය යුතු වෙයි.

මාර්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන අතර ඒ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කළ හැකි යෝජනා ක්‍රියාත්මක කිරීමද ජනාධිපතිවරයාගේ අදහස වී ඇත ෴

***************************************

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

(21.11.2019 – 12:57 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙනු ලැබුවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙරට දෙවතාවක් අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරය හොබවා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීමසිදුවන අතර එම අවස්ථව පහතින් නරඹන්න :

https://www.facebook.com/hirunews/videos/413872532882232/

+++++++++++++++++++++

https://www.facebook.com/AdaDeranaLive/videos/2687122058034682/

+++++++++++++++++++++

***************************************

ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

(21.11.2019 – 10:20 +0530 – hirunews.lk/sinhala)

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් තුන්කෝටි 39 ලක්ෂකයක් භාවිතා කිරීම ඇතුළු අධි චෝදනාවලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව ජනාධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කළ විනිසුරු මඩුල්ල අධිකරණය භාරයේ තිබූ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසටද දැනුම් දුන්නා.

මෙම නඩුවේ පළමු විත්තිකරු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස පෙනී සිටි ඇපකරුවන් සියලු දෙනා නඩුවේ ඇපකාරීත්වයෙන් මුදාහරින ලෙසටද දැනුම් දුන් විනිසුරු මඩුල්ල ඔවුන් අධිකරණය හමුවේ තැන්පත් කර තිබූ ඇප මුදල් මුදා හරින ලෙසද නියෝග කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සනත් විජේවර්ධන මහතා ගොනු කළ තිබූ මෝසමකට අනුව මෙම නඩුව අද කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් පවරා පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව විත්තිකරු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරෙහි නඩු කටයුත්ත අවසන් කර ඔහු නිදහස් කරන ලෙසට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේ.

එමෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන බවයි.

ඒ අනුව මෙම නඩුව ලබන වසරේ ජනවාරි මස 09 වනදා යලි කැදවනු ඇති.

***************************************

විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස පත්කරන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක්

(21.11.2019 – 14:03 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සන් වලින් සමන්විත ලිපියක් කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

මේ අතර මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පාර්ලිමේන්තුවේදී එම ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බවයි ෴

***************************************

බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

(21.11.2019 – 14:10 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය මගින් ප‍්‍රචාරය කළ ප‍්‍රවෘත්තියකට විරෝධය දක්වමින් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

‘සිංහලේ අපි’ හා ‘සුරකිමු ශි‍්‍රලංකා’ යන සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර ඒ සදහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටිති.

ලංකා ලීඩ් නිව්ස් පසුගියදා මේ සම්බන්ධයෙන් පළ කළ පුවත පහතින් :

බී.බී.සී මාධ්‍යවේදීන් යට ඇඳුම් ගලවයි

(19.11.2019 – 15:12 +0530 – lankaleadnews.com)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව වියරු වැටී ඇති බව පෙනෙන බී.බී.සී ආයතනයේ ඩයස්පෝරාවෙන් පඩි ලබන ඊනියා මාධ්‍යවේදීන් ඔහුට එරෙහිව අභූත චෝදනා එල්ල කරන ආකාරය ඕනෑම සිහිබුද්ධිය ඇති මිනිසෙකු පිළිකුලෙන් හෙළා දකිනු ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිතා මතා පලිහක් බවට පත්කරගෙන මරණයට ගොදුරු කළ සිවිල් ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් මුදාගත් හමුදාවකට ඔවුන් විසින් අබූත චෝදනා එල්ල කරන ආකාරය පිළිකුල් සහගතය.

මෙන්න විදේශ මාධ්‍ය ආයතනවල නිරුවත පෙන්වන වීඩියෝව :

https://www.youtube.com/watch?v=LZ38w7Asi0E

***************************************

ගෝඨාභය ජනපතිගේ පුංචි කැබිනෙට්ටුව යථාර්ථයක්ද? – ආචාර්ය අතුල සුමතිපාල (21.11.2019)

***************************************

අගමැතිවරයා ධුරයේ වැඩ අරඹයි

(21.11.2019 – 15:51 +0530 – sinhala.adaderana.lk)

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2468491353429184/

***************************************

දෙමළ සන්ධානයට අභියෝග කරන නව සන්ධානයක් පිහිටුවනවා – වරදරාජා පෙරුමාල්

(21.11.2019 – 12:06 +0530 – lankadeepa.lk)

දෙමළ ජාතික සන්ධානයට අභියෝග කරන ජනතාවාදී පුළුල් දේශපාලන බලවේගයක් ජාතික දෙමළ සන්ධානය (NTA) නමින් පිහිටුවන බව උතුරු නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක ඒ. වරදරාජා පෙරුමාල් මහතා පැවසීය.

දෙමළ ජනතාව වෙනුවෙන් මෙපමණ කාලයක් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේ රැවටිලි සගහතව බවත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයට ප්‍රථම මෙම සන්ධානය ගොඩනඟන බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික දෙමළ සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් ඊ.පී.ඩී.පී පක්ෂය,දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය, ටී.ඇම්.වී.පී, දෙමළ ප්‍රගතශීලී පක්ෂය, දෙමළ ජාතික නිදහස් පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ටෙලෝ ඇතුළු උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ ගණනාවක් සමඟින් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද කියා සිටියේය.

උතුරේ ජනතාවගේ ගැටළු සෙල්ලමකට ගනිමින් දෙමළ ජාතික සන්ධානය රැවටිලි සහගතව කටයුතු කිරීමත් දෙමළ ජනතාවගේ ගැටළුවලට තවමත් විසදුම් නොලැබීමත්,එම ජනතාවගේ ගැටළු නව රජය මාර්ගයෙන් විසදා දීම පිණිස ජනතාවාදී දෙමළ දේශපාලන බලවේගයක අවශ්‍යතාව මතුවී තිබීමත් ඒ වෙනුවෙන් රටට ආදරය ඇති සියළු දෙමළ දේශපාලන බලවේග ඒකරාශී විය යුතු බවත් කී වරදරාජා පෙරුමාල් මහතා මෙම සන්ධානය ගොඩනැගීම පිළිබද සිදුකරන ලද සියළු සාකච්ඡාවල විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බවද සදහන් කළේය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මත පිහිටුවන නව ආණ්ඩුව තුළින් දෙමළ ජනතාවගේ ගැටළු නිසැකවම විසදන බවද හෙතෙම අවසන් වශයෙන් කියා සිටියේය ෴

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *