පරිසරය සුරකින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස් : නගර පවිත්‍රතා කටයුතු උදෑසන 05:30 ට ආරම්භ කළ යුතුයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පරිසරය සුරකින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස් : නගර පවිත්‍රතා කටයුතු උදෑසන 05:30 ට ආරම්භ කළ යුතුයි (විඩියෝ)

• ජනපති බිරිඳගේ ජන්ම දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාව (විඩියෝ)

• මහා භාණ්ඩාගාරය හිස්.. ආර්ථික වර්ධනය 2.7 % යි…

• බදියුදීන් ගමන් කළ වාහනයකට මුන්දලමේදී ප්‍රහාරයක්

• ජනපතිවරණය ආසන්නයේ දුන් රැකියා 7,000 ක් අත්හිටුවයි

• වෙනත් ඡායාරූප වෙනුවට යුද හමුදා කදවුරු වල ප්‍රදර්ශනය කළ යුත්තේ යුද හමුදා හා රාජ්‍ය ලාංඡන පමණයි

• සැබෑ යහපාලනය උදා වුණේ දැන් බව මහා සංඝරත්නය කියයි (ඔඩියෝ) (විඩියෝ)

• රටේ කිසි විටකත් හමුදා පාලනයක් ඇති නොවන බව නව ආරක්ෂක ලේකම් කියයි (විඩියෝ)

• ශානි අබේසේකරට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි (විඩියෝ)

• ජනපතිට සංඝරත්නයේ ආශිර්වාදය (විඩියෝ)

• නව චූඩා මාණික්‍ය ස්වර්ණමාලි මහාසෑ රදුන්ට පැළඳවීම අද (25) පස්වරුවේ

• අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගමන්ගත් ජීප් රථයේ ගැටුණු බවුසරය (විඩියෝ)

• නායකයා පත්කරලා පැත්තකට වෙලා ඉන්න එපා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පරිසරය සුරකින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස් : නගර පවිත්‍රතා කටයුතු උදෑසන 05:30 ට ආරම්භ කළ යුතුයි

(24.11.2019 – nethnews.lk)

සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක් පොලිසිය අද (24) සිට ආරම්භ කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.

මෙහිදී පරිසරයට හානිදායක ක්‍රියාවන් සහ පරිසර හානි සිදුවන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතයි. ඒ සඳහා එක්-එක් ප්‍රදේශ වෙත විශේෂයෙන් පොලිස් නිලධාරීන් අනියුක්ත කිරීමයි සිදු වන්නේ.

මේ අනුව ‘පොලිස් පාරිසරික දිසාව’ නැවත ප්‍රතිසංවිධානය කිරිම ආරම්භ කර ඇත. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පාරිසරික කොට්ඨාෂය භාර අධ්‍යක්ෂකවරයෙකු යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එමෙන්ම සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරිම මේ වන විට ආරම්භ කර ඇත.

කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමණාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැදවිමට පොලිසිය අද (24) පියවර ගෙන තිබුණා.

එහිදි අනෙකුත් කරුණු වලට අමතරව දෛනිකව අළුයම 05:30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කලයුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යායුතු බවට උපදෙස් ලබාදි ඇත.

මේ අතර, රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් මීගමුව, පෑලියගොඩ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණා.

+++++++++++++++++++++

***************************************

ජනපති බිරිඳගේ ජන්ම දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාව

(24.11.2019 – nethgossip.lk)

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය අද (24) සිය ජන්ම දිනය සමරා තිබුණා.

ඒ අනුව ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් අද (24) උදෑසන සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව කුරුල්ලන් නිදහස් කර තිබූ අතර එය සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ ඇගයීමටද ලක්ව තිබුණා.

එම අවස්ථාවේ විඩියෝවක් :

https://www.facebook.com/Sathutin/videos/458767884843991/

***************************************

මහා භාණ්ඩාගාරය හිස්.. ආර්ථික වර්ධනය 2.7 % යි…

(24.11.2019 – 18:48 +0530 – lankacnews.com)

සුළු ජාතින්ගේ ජන්දය නොමැතිව මැතිවරණ ජයග්‍රහණය කල නොහැකි බව කියන මතය මෙවර ජනාධිපතිවරණයේදි බිදහෙලු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබාදුන් නුවරඑලිය හගුරන්කෙත ප්‍රදේශයේ සිය පාක්ෂකයන්ට ස්තුතිය පල කිරිම සදහා හගුරන්කෙත ප්‍රදේශයේ පැවති රැස්විමකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි. බි. රත්නායක මන්ත්‍රිවරයා :

“ඔබ 70 % පමණ මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දුන්නා. එ නිසා දැන් සැනසිල්ලේ අපිට නිදහස් රටක් තියෙනවා කියලා හිතන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ මහතා එදා යුද්ධය අතු ගලා දනවා කිව්වම රනිල් වික්‍රමසිංහ කිව්වේ මහින්ද අතු ගාන්න තමව කොස්ස හොයා ගන්න බැරුව ඉන්නේ කියලා.

හැබැයි අවුරුදු 1 ½ පස්සේ කාටවත් ඉවර කරන්න බැ කියපු යුද්ධය ඉවර කලා, ග්‍රාමිය සංවර්ධනය සිදු කලා, මහ මාර්ග කාපට් කලා.

කොන්ක්‍රිට් පාරවල් කියන එක ආවේ මහින්ද රාජපක්ෂ මහාතාගේ පාලන කාලයෙන් පස්සේ, සැම ප්‍රදේශයකටම විදුලි සහ සංවර්ධනය සිදු කලා.

එදා බොරුව සමාජගත කල නිසා ජන නායකයා පරාජය කලා.

පහුගිය මැතිවරණයෙන් අපිට අහන්න තිබුණ දෙයක් තමයි සුළු ජාතින්ගෙන් ජන්දය නැතුව කාටවත් ජයග්‍රහනය කරන්න බැ කියන එක.

අපි එකත් බිඳ හෙලුවා.

දැන් තමයි අපිට හරිම සරල ජනාධිපතිවරයා ඉන්නේ, 2500 ජනාධිපති කාර්යයාලයේ හිටියා, 250 ට අඩු කර ගත්තා. එ නිසා රටේ වියදම අඩු කර ගන්න පුළුවන්.

අපිට හිස් භාණ්ඩාගාරයක් හම්බෙලා තියෙන්නේ, මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාර දෙනකොට අපේ අර්ථික වර්ධනය 6.8 යි, දැන් අපි භාර ගන්නකොට 2.7 යි.

අපි ආර්ථික වශයෙන් නැවත උඩට ගෙන්න ඕනි, ජාත්‍යන්තර සබදතාවයන් ගොඩනගාගෙන ඉදිරියට යායුතු වෙනවා.

භාරකාර ආණ්ඩුවක් හැටියට කැබිනට් මණ්ඩලය 15 දක්වා අඩුකලා.”

– හැටන් රංජිත් රාජපක්ෂ

***************************************

බදියුදීන් ගමන් කළ වාහනයකට මුන්දලමේදී ප්‍රහාරයක්

(24.11.2019 – 20:28 +0530 – lankadeepa.lk)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ගමන් රථ පෙළකට අද (24) සවස මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වි ඇති බව මුන්දලම පොලිසිය පවසයි.

රිෂාඩ් බදියුදින් මහතා ඇතුළු පිරිසක් අද (24) සවස මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවිම සදහා ගමන් කරමින් සිටිය දී මුන්දලම කනමුල්ල ප්‍රදේශයෙ දී මාර්ගය හරස් කර වාහන වලට පහර දිම කර ඇති බව කියයි.

ප්‍රහාරය සදහා 10 කට අධික පිරිසක් එක්වි ඇති බව කියයි. මාර්ගය හරස් කල පිරිසක් වාහන නවතා ඇති බවත් ඉන් පසුව සැඟවි සිටි පිරිසක් එකවර කඩා වැදි ලි මුගුරු වලින් පහර දිම කළ බවත් තවත් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කල බවත් වාහන වල ගමන් ගත් පිරිස් පවසයි.

රිෂාඩ් බදියුදින් මහතා ගමන් ගත් වාහනයට ද ගල් ප්‍රහාරයන් එල්ල වි ඇති නමුත් කිසිදු හානියක් සිදු නොවු බව කියයි

ප්‍රහාරයෙන් වාහන කිපයකට හානි සිදුව ඇති බවට පහර කෑමට ලක්වු පිරිස පැවසු අතර පහර කෑමට ලක්වු කිප දෙනෙකු පුත්තලම මුලික රෝහලටත් පුද්ගලික රෝහලකට ත් ඇතුලත් කර ඇති බව කියයි.

නමුත් මුන්දලම පොලිසිය පැවසූයේ එක් වාහනයකට පමණක් හානි සිදුව ඇති බවත් තුවාල කරුවන් පිලිබදව කිසිදු තොරතුරක් තම පොලිසියට නොලැබුණ බවයි.

***************************************

ජනපතිවරණය ආසන්නයේ දුන් රැකියා 7,000 ක් අත්හිටුවයි

(24.11.2019 – 19:44 +0530 – lankadeepa.lk)

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ආරම්භ කළ සහන ණය වැඩසටහන්, රාජ්‍ය ආයතනවල සමාජ වගකීම් වැඩසටහන් සහ ජනාධිපතිවරණයට ආසන්න දිනවල දුන් රැකියා 7,000 ක් අත්හිටුවීමට නව ආණ්ඩුව පියවර ගෙන ඇත.

ඒ අනුව නව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා බැංකු, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යවසායවලට මේ තීරණය චක්‍රලේඛ මගින් දැනුම් දී ඇත.

එම ව්‍යාපෘති අතර ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කළ සහන ණය වැඩසටහන් 11 ක් ද අත්හිටුවා තිබෙන අතර ණය වැඩසටහන් අත්හිටුවා ඇති බවත් අයඳුම්පත් සලකා බැලීම හා ඉදිරි පියවර ගැනීම අත්හිටුවා ඇති බවත් රාජ්‍ය බැංකු සඳහන් කළේය.

ව්‍යාපෘති නිලධාරීන්, කළමනාකරණ සේවා කාර්යමණ්ඩල සහ සංවර්ධන නිලධාරී තනතුරුවලට නව පත්වීම් නොකරන ලෙස මහ භාණ්ඩාගාරය රජයේ ආයතනවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරණය හේතුවෙන් එම පත්වීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා සභාපතිවරුන්ට සහ අදාළ නෛතික, බලයත් හා අධිකාරී මණ්ඩලවලට අදාළ චක්‍රලේඛ යවා තිබේ. නැවත දැනුම් දෙනතුරු නව පත්වීම් නොකරන ලෙසද උපදෙස් දී තිබේ.

මේ අනුව නව පත්වීම් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා ඇතැයි ද මහා භාණ්ඩාගාරයේ නිලධාරියෙක් පැවැසීය.

නැවත දැනුම් දෙනතුරු බඳවා ගැනීම් නොකරන ලෙස ද තවත් චක්‍රලේඛයකින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් කළමනාකරණ සහායක තනතුරු සඳහා තෝරාගත් සියගණනකට මේ තත්ත්වය යටතේ කුමක්වේද යන්න ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ.

ජේලර්, බන්ධනාගාර නියාමක / නියාමකවරියන් සහ ආදී තනතුරුවලට කෙරුණු නව පත්වීම් 1,300 ක් ද අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ජනාධිපතිවරණයට පෙර එම තනතුරුවල පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

රාජ්‍ය ව්‍යවසායවල සමාජ වගකීම් ක්‍රියාකාරකම් අත්හිටුවන්නැයි තවත් චක්‍රලේඛයක් යවමින් මහ භාණ්ඩාගාරය උපදෙස් දී තිබේ. රජයේ සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව රාජ්‍ය ව්‍යවසාය අනුග්‍රහ, පරිත්‍යාග සහ දැන්වීම් ආදිය ඇතුළුව සමාජ වගකීම් ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

තවදුරටත් සමාජ වගකීම ක්‍රියාකාරකම් සිදුකළහොත් සහ උපදෙස් නොපිළිපදිමින් කටයුතු කළහොත් ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් එහි සඳහන් වේ.

රාජ්‍ය සේවකයන්ගේ සියලු විදෙස් සංචාර අත්හිටුවමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉකුත් දා චක්‍රලේඛයක් නිකුත් කළ අතර පරිපාලන ක්‍රියාපටිපාටි දැඩිව අනුගමනය කළ යුතු යැයි ඒවා පසුව සංශෝධනය කෙරුණි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට විදෙස් සංචාරවලට අදාළ සියලු ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව සහ අදාළ දෙපාර්තමේන්තුවල අනුමැතිය ලැබීමෙන් පසු ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු හෝ අධ්‍යාපන සංචාරවල නිරත විය හැක.

මේ අතර, පසුගිය ආණ්ඩුවේ ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන් නැවත විමසා බලමින් සිටින බවද භාණ්ඩාගාර නිලධාරීහු සඳහන් කළහ. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව මෙම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 48.81 ක මුදලක් වෙන් කර තිබිණි.

– සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

***************************************

වෙනත් ඡායාරූප වෙනුවට යුද හමුදා කදවුරු වල ප්‍රදර්ශනය කළ යුත්තේ යුද හමුදා හා රාජ්‍ය ලාංඡන පමණයි

(24.11.2019 – 18:44 +0530 – lankadeepa.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සියලු යුද හමුදා කඳවුරු වල වෙනත් ඡායාරූප වෙනුවට ප්‍රදර්ශන කළ යුත්තේ රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

රාජ්‍ය අයාතනව වල ඉන් ඉදිරියට ප්‍රදර්ශන කළ හැක්කේ රාජ්‍ය ලාංඡනය පමණක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබු නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් සියලු කඳවුරු දැනුවත් කරන ලෙසට හමුදාපතිවරයා යුද හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇති බවද අතපත්තු මහතා කියා සිටියේය ෴

හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා

***************************************

සැබෑ යහපාලනය උදා වුණේ දැන් බව මහා සංඝරත්නය කියයි

(24.11.2019 – nethnews.lk)

සැබෑ යහපාලනය මේ වනවිට රටට උදා වී ඇති වී බව මහා සංඝරත්නය පවසනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ සංඥා ලේඛකාධිකාරී පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ හිමියන් පැවසුවේ, රටට මෙන්ම ජනතාවට ද හිතකර අවස්ථාවක් දැන් උදා වී ඇති බවයි. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි.

රට ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතු වැඩපිළිවෙල ඉතා පැහැදිලි එකක් බව ද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් වෙත කිරි ආහාර පූජා කිරීමේ චාරිත්‍රය ඉටුකළා. ඉන්පසුව, අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

+++++++++++++++++++++

***************************************

රටේ කිසි විටකත් හමුදා පාලනයක් ඇති නොවන බව නව ආරක්ෂක ලේකම් කියයි

(24.11.2019 – 20:18 +0530 – hirunews.lk/sinhala)

රටේ කිසි විටකත් හමුදා පාලනයක් ඇති නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවටත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ මිහින්තලේ පුදබිමට පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (23) මිහින්තලේ රජමහා විහාරයට ගොස් විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

***************************************

ශානි අබේසේකරට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

(24.11.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සිංහලේ සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විදෙස්ගතවීමේ සූදානමක් ඇති බැවින් එය වළැක්වීමට කටයුතු කරන ලෙස නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

කළුතර අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, තවත් පාර්ශ්ව කිහිපයක් මේ පිළිබඳ අදහස් පළකළා.

***************************************

ජනපතිට සංඝරත්නයේ ආශිර්වාදය

(24.11.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැක අද ආශිර්වාද ලබා ගත්තා.

ඒ, උන්වහන්සේ වැඩ සිටින රුක්මලේ මහා විහාරය වෙත පැමිණීමෙන් අනතුරුවයි.

එහිදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සහ අනුනායක මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අනුශාසනා සිදුකළා.

අනතුරුව ජනාධිපතිවරයා බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදැකීමට පැමිණියා.

+++++++++++++++++++++

***************************************

නව චූඩා මාණික්‍ය ස්වර්ණමාලි මහාසෑ රදුන්ට පැළඳවීම අද (25) පස්වරුවේ

(25.11.2019 – 06:50 +0530 – sinhala.adaderana.lk)

රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට පැළඳවීම අද (25) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කිරිමේ කටයුතු අද (25) දහවල් 12.00 ට අවසන් වීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු 05.00 ට පමණ නව චූඩා මානික්‍ය රුවන්වැලි මහා සෑ රඳුන් මුදුනට වැඩම කරවීමට සැලසුම් කර තිබේ.

***************************************

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගමන්ගත් ජීප් රථයේ ගැටුණු බවුසරය

(24.11.2019 – 19:38 +0530 – sinhala.adaderana.lk)

කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ කටුනායක පිටවීමේ දොරටුව අසළදී වතුර බවුසරයක් ජීප් රථයක හා මෝටර් රථ තුනක ගැටී අනතුරක් සිදු වූ අතර එය සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

මින් අනතුරට ලක් වූ වාහන අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගමන්ගත් ජීප් රථයද වෙයි.

කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටවත් හානි සිදුව නැත.

***************************************

නායකයා පත්කරලා පැත්තකට වෙලා ඉන්න එපා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(24.11.2019 – 19:16 +0530 – sinhala.adaderana.lk)

නව ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට දායක වූවා සේම ඔහුට හරි මග යාම සඳහා දේශපාලකයින්ද පරිත්‍යාග සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙයි.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ :

“නායකයා පත්කරලා පැත්තකට වෙලා ඉන්න එපා හරි මඟ පෙන්වමු. දේශපාලකයින් පවා පරිත්‍යාගයක් සිදුකළ යුතුයි. අපට විතරක් පරිත්‍යාග කරන්න කියන්න එපා. වාහන ගන්න, කාර්යාල හදන්න එපා. අමාත්‍යංශ ලැබුණයි කියලා පරම්පරා පටවගෙන යන්න එපා. හොඳට බලාගෙන ඉන්නේ මේ පාර කවුරු අමනාප වුණත් අපි කථා කරනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *